1.3-මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    1.3-මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්

    ජෙප්පෝ ජේවීපී එකට කැමති ඇයි?

    නිධාන කතාව සරලව,

    ජේවීපී එක පටන් ගන්නෙ, සිරිමාවෝ ඉන්න කාලෙ,
    ඒ කාලෙ හැමදාම නායකයා වෙන්නෙ ඉහල වලව් දෙකක අය විතරයි, ඒ කිව්වෙ හොරගොල්ල වලව්වෙ බණ්ඩාරනායකලයි, බෝතලේ වලවුවේ සේනානායකලයි, තව එයාලගෙ යාලුවෝ ඉන්න වලවු ටිකේ හාමුලයි, රට නිදහස් වුනා කියන්නෙ 1948 මේ රට මිනිස්සුන්ට තමයි අයිති වෙන්නෙ, හැබැයි ඒ හැමෝම ඡන්දෙ දීල පත් වෙන්නෙ අර වලවු වල හාමුලා විතරයි, එයාල හැමදාම ආතල් එකේම ඉන්නව, ඊලඟට එන්නෙ ඒ වලවුවකින්ම හාමුගේ පුතා,

    ඒ දේශපාලන ක්‍රමය වෙනස් කරලා රටේ සාමාන්‍ය ජනතාව අතරින් වඩා බුද්ධිමත්,ඒ කාලෙ කැම්පස් එහෙම ගිය උගත්තු දේශපාලනයට වාසියක්, කොමිස් මුකුත් නැතුව ගේන්න තමයි විජේවීර ජේවීපී හදන්නෙ, එයාට යුද්ධ කරන්න වත් මිනිස්සු මරන්න වත් කිසිම වුවමනාවක් තිබිලා නෑ, එහෙනම් දේශපාලන පක්ශයක් හදන් නැතුව ප්‍රභාකරන් වගේ බුලට් වැලයි තුවක්කු දෙකයි දාල ත්‍රස්තවාදී සංවිධානයක් හදනවනේ, එහෙම හැදුවෙ නෑ, එයා කරන්නෙ පෙලපාලි ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරලා ඡන්දෙ ඉල්ලන එක, එහෙම ජනාධිපතිවරනෙටත් විජේවීර ඉල්ලනවා

    1982 ජනාධිපතිවරනෙන් ජේ ආර් උඩින්ම දිනනව, හෙක්ටර් කොබ්බෑකඩුව නිදහස් පක්ශෙන් පරදිනවා, ජේවීපී එක තුන් වැනියට එනව, පාර්ලිමේන්තුවේ 5/6ක් බලය තියන ජේ ආර් තනිකර මේක විනාස කරනව කැමති කැමති විදියට, 2/3 ක් අරන් කරන්න පුළුවන් තරම හිතාගන්නකො, එතකොට 5/6 ක් තියනකොට, නිදහස් පක්ශෙ නැති වෙලාම යනව, දැන් තමයි ජේ ආර් ට බය හිතෙන්නෙ ජේවීපී දින්නොත් එයාලගෙ වලවු වල හාම්පුතා ල සෙට් එකටම මේ හොරකම් මැරකම් කරගෙන ඉන්න බැරි වෙනව කියල,

    ඔය කාලෙම කොටි සංවිධානය හැදෙනව, ඊට පස්සේ ඒක ප්‍රතිපලයක් විදියට දෙමල සිංහල මිනිස්සු අතර මිනීමරාගන්න තත්වයක් උදා වෙනව, ඒක වෙන්නෙ 1983, අසු තුනේ ජූලි කලබලේ කියන්නෙ ඒකට, ජේ ආර් මේ වෙලාව ප්‍රයෝජනයට අරගෙන මිනිස්සු අවුලෙන් ඉන්න වෙලාවෙ, ඒ කාලෙ තිබ්බෙ රජයේ ගුවන්විදුලියේ මාධ්‍ය වල ජේවීපී එකට බැනලා ඒ පිටින් දාල ජේවීපී දේශපාලන පක්ශෙ තහනම් කරනවා, ඒ වෙනකොට විජේවීර ලඟ උණබට තුවක්කුවක් වත් නෑ,

    දැන් තමයි ජේ ආර් විවෘත ආර්ථිකය ගේමට අරගෙන, මේ රටේ සම්පත් කන්න පටන් ගන්නෙ, UNP ආණ්ඩුවක් රටවල් විකුණන්න කොහොමත් දක්ශයි, රජීව් ගාන්ධි එක්ක ඉංදු ලංකා ගිවිසුම් ගහනව, (MCC වගේ, රට විකුණන ගිවිසුම්) ප්‍රේමදාස කොටින්ට ආයුධ දෙනවා, ඉංදියාවෙන් යාපනේට පරිප්පු දානවා, ඉංදියන් හමුදාව ලංකාවට එනවා, වගේ අමු දේශද්‍රෝහි වැඩ ජේ ආර් ල UNP එකෙන් කරනවා, රජීව් ගාන්ධි ට නේවි සෙබලෙක් තුවක්කුවෙන් ගහන්නෙ ඒවට, නියම දේශ්ප්‍රේමී වීර සෙබලෙක් ඒ, ඉංදියාව හැදුවෙ ලංකාව එයාලගෙ කොලණියක් වගේ පාලනය කරන්න,

    83න් පස්සෙ ඕව ඔහොම වෙනකොට විජේවීර කියන මනුස්සයට ඒ රට විකුණන දේශද්‍රෝහී වැඩ බලාගෙන ඉන්න බැරුව නැවත මිනිස්සු දැනුවත් කරන්න පෙලපාලි යන්න රැලි පවත්වන්න පටන් ගන්නවා, ඕවට ජේ ආර්ලා වෙඩි තියනවා, ඒ මිනිස්සු හොරෙන් අරන් යනවා, පාතාල සාමාජිකයො දාල ජේවීපී එකේ රැස්වීම් වල කතා කරන ජෙප්පෝ මරණවා, ඒත් විජේවීර කිසිම දරුණු දෙයක් කරන් නෑ,

    ඔය ඔක්කොම පටන් ගන්නෙ ඊට පස්සෙ, 1987 කියන අවුරුද්දේ, විජේවීර ට කෙලවන්න "ලෝක මැයි දිනය" 🌹 ජේ ආර් තහනම් කරනවා,පොඩි මිනිහට, කම්කරුවන්ට අයිති ඒ දිනය ජේ ආර් කුහක විදියට තහනම් කරත් විජේවීර වීරත්වයෙන් ඒ මැයි දිනය පවත්වනවා, ඔන්න ඕකට ජේ ආර් වෙඩි තියලා, ගල් රෝල් වලින් ජීප් වලින් මිනිස්සු යට කරලා මරන්නෙ, ඇයි? ජේ ආර් ගෙ මජර වැඩ වලට විරුද්ධ වුනා කියල,

    එදායින් පස්සෙ තමයි විජේවීර තීරණයක් ගන්නෙ, ආණ්ඩුවට විරුද්ධව විප්ලවයක් කරන්න, විප්ලවයක් කරනකොට අවුරුදු උත්සවයක් කරනව වගේ බෑ, යුද්ධ කරන්න වෙනවා, මිනිස්සු මැරෙනවා, කැම්පස් ලමයි 60000ක් මැරුණා, මේ රටේ හිටපු බුද්ධිමත් ම ලමයි ටික unp එක මැරුවා, හමුදාව දාල තමයි ඒක කරේ, හමුදාව කරේ නියෝග පිලිපැදපු එක, නියෝග දුන්නෙ ආණ්ඩුව, ඔය යුද්දෙදි හමුදාවෙ අය පොලීසියේ අය අර කැම්පස් ලමයි වගේම මැරුනා, අහිංසක මිනිස්සු දෙපැත්තෙන්ම මැරුණා, නමුත් වැරැද්ද කරේ ජේ ආර්, අන්තිමට ප්‍රේමදාස ඇවිල්ලා විජේවීර වත් අල්ලලා මැරුවා, UNP ආණ්ඩුව තමයි මේ විනාසය කරේ, නැතුව විජේවීර ට යුද්ධ කරන්න අවශ්‍යතාවයක් නෑ, කොහොමත් එයා පරදිනවා, ඒයාට options නෑ,

    ඒ යුද්දේදී මැරිච්ච ජෙප්පෝ ඇත්තටම මැරුනේ වාසියක්, ලාභයක් ගන්න වත්, සල්ලි හොරා කාල සුපිරි වාහන වල යන්න වත් නෙවෙයි, රටේ නිදහස වෙනුවෙන්, හොර රදල කලු සුද්දෝ එලවලා රටේ සාමාන්‍ය වියත් බුද්ධිමතුන් විසින් පාලනය කරන දියුණු රටක් හදන්න,

    දැන් අවුරුදු 32ක්, ජෙප්පෝ එක මිනියක් වත් මරලා නෑ, බල්ලෙක්ට ගලක් වත් ගහල නෑ, හැබැයි නාලන්ද එල්ලාවලගෙ ඉඳලා භාරත ලක්ශ්මන් වෙනකන් අනිත් පක්ශ වල දේශපාලකයො මෑතක් වෙනකන් මරල තියනවා, රගර් ක්‍රීඩකයො, මාධ්‍යවේදියො පවා මරල තියනවා, කුඩු ගෙන්නලා තියනවා, කෝටි ගනන් සල්ලි හොරා කාල තියනවා, පොඩි ලමයි දූෂණය කරල තියනව, සල්ලි ඔක්කොම හොරා කාල අති සැපවත් ජීවිතයක් හාම්පුතාල වගේම ගෙවනවා, වලව්වෙ කටු කන , ඒවගෙන් වාසි හම්බු වෙන නිවට, දේශද්‍රෝහී වහල් මිනිස්සුත් ඕන තරම් ඉන්නවා, ෆේස්බුක් එකේ වැඩිපුරම ඒ පක්ශ වලට කඩේ යන්නෙ එහෙම පෞද්ගලික වාසි හම්බු වෙන රට ජාතිය ආගම විකුණලා සැප ගන්න යන මිනිස්සු, ඒ මිනිස්සු වාසිය වෙනුවෙන් අමු බොරු කතා, අපහාස, fake photo, කුණුහරුප, ප්‍රායෝගික නැති නොගැලපෙන තර්ක, ජ්‍යෝතිශ්‍ය බොරු මත, ආගම දේශපාලනීකරණය, වගේ දේවල් කර කර ඇත්තටම රට ගොඩ දාන්න යන පිරිසට මඩ ගගහා තමුන්ට වාසියක් කරගෙන ඉන්නව, ඉස්සරහට ත් එයාල ඒක කරනවා තමුන්ට යැපෙන්න,

    එහෙම අය අතර රට දියුණු කිරීම වෙනුවෙන්, රට ඇත්තටම පාවා දීමට විරුද්ධව ජීවිතේ පූජා කරපු, නිකම්ම මැරිල ගිය රටට ආදරේ මිනිස්සු වෙනුවෙන් තමයි ජෙප්පෝ ජේවීපී එකට කැමති,

    එහෙම මිනිස්සු හරිම අඩුයි, දැනට ඉන්නෙත් 3%ක් වගේ, 🌟 යුද්ධ කරන්න එකතු වුන මිනිස්සු මෙතන නෑ,
    උපුටා ගැනීම-රනිල් කුමාර රාජපක්ස සහෝදරයාගෙන්
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    71 ගැන කියන්න මට පුලුවන්.ඒකෙ න,ණ,ල,ළ වැරදුනොත් උඹල ඒත් ජෙප්පොන්ට බනී.
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මොනවා උනත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ජෙප්පො. රටේ තිබුනෙ නැති දේශසීමා ඇතිකලේ, අර දකුණු අප්‍රිකාවේ වගේ Apartheid දේශපාලණය ඇතිකලේ ජෙප්පො.
     
    • Like
    Reactions: [email protected]

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් අවුරුදු 32ක්, ජෙප්පෝ එක මිනියක් වත් මරලා නෑ, බල්ලෙක්ට ගලක් වත් ගහල නෑ.


    utto WTF.:lol::lol::lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රජපස්සලටයි, බැරි බැරි රනිල්ටයි, බූරු පුතාටයි වඩා නම් මුන් හොදයි තමයි.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    එකෙක් මගෙන් ID එක ඉල්ලලා,රෙප් කපල .අවුරුදු 30ක් හැඳුනුම්පතක් හදා ගන්න බැරි එකා මනුස්සයෙක් නම් වෙන්න බෑ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හංගල ගහන්න එපා..මුලු කතාවම කියන්න..එතකොට ජේවීපී එකෙත් රෙදි නෑ. ඔය කතාව ලියල තියෙන්නෙ 90ට පස්සෙ ඉපදුන අය ටාගට් කරල එයාලගෙ චන්දෙ කඩාගන්න 😂
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලස්සන කතාව. :lol::lol:තමන්ගෙ නායකයව මරපු, ඔය කියල තියනව වගේ 60000 මරපු යූඇන්පි එකට අන්තිමට ජේවීපිය ගිහින් හේත්තු වෙච්ච එක දාල නෑනෙ.:lol: ඒවත් දාපන්. අනිත් එක දාද්දි ඒවත් දාල ලියන්ඩ කියපන් ඕක ලියන එකාට අපිට තව ටිකක් හිනාවෙන්ඩ :lol::lol::lol: -rep
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හංගල ගහන්න එපා..මුලු කතාවම කියන්න..එතකොට ජේවීපී එකෙත් රෙදි නෑ. ඔය කතාව ලියල තියෙන්නෙ 90ට පස්සෙ ඉපදුන අය ටාගට් කරල එයාලගෙ චන්දෙ කඩාගන්න 😂

    ඌව ඔහොම අසරන කරන්ඩ එපා බන් :lol::lol::lol:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    71 කැරැල්ල ගැන පොත් ගොඩක් තියෙනව ,ඉතිහාසය හදාරන්න .කියවන්න