සරලව කියන්නම් අහගනින්,
1) ඩෙක්ස්ටොප් එකේ මයි කම්පියුටර් එක රයිට් ක්ලික් කරලා මැනේජ් පලයන්.
වින්ඩෝස් 10 නම් තියෙන්නේ,මයි කම්පියුටර් අයිකන් එක ඩෙක්ස් ඩෙක්ස්ටොප් එකේ ඇති දීස් පීසී කියලා.ඒත් නැත්නම්, ස්ටාර්ට් ගිහින්, වින්ඩෝස් සිස්ටම් ගිහින්, ඒකේ තියෙන දිස් පීසී කියන එක රයිට් ක්ලික් කරලා, ඒකෙන් මැනේජ් පලයන්.
2) දැන් ඒකේ ඩිස්ක් මැනේජ්මන්ට් ක්ලික් කරහන්.එතකොට උබේ අලුත් හාඩ් ඩිස්ක් එක පෙන්නයි.ෆොර්මට් කරලා නැත්නම්, ඒ ඩිස්ක් එක උඩට මවුස් එක ගෙනිහින් රයිට් ක්ලික් කරලා ෆොර්මට් කරාන්.මතක ඇතිව NTFS දියන්.
3) දැන් ආපහු ඩිස්ක් එක පෙන්නන එක උඩ රයිට් ක්ලික් කරලා,shrink volume කියන එකේන්, අලුත් පාටිශන් ඕනි ගානක් හදන්න පුලුවන්, ඉඩ තියෙන විදියට.(1ටීබී නම්, ජී බී 950ක් විතර සෙට් වෙයි.ඒක කැමති ගානකට කඩහන්.4ක් ඕනි නම්, සමානව කඩනව නම් 950 / 4 = 237.50 වගේ වෙයි )