100න් 33ක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුපියල් 100ක දුරකථන පෙරගෙවුම් පතක් ගැනීමේදී රුපියල් 33ක් රජයට…

    %E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1-600x364.jpg

    නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්දත් සමඟ රුපියල් සියයක දුරකතන පෙරගෙවුම් කාඞ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක් බදු ලෙස අයවන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අද (28) ප්‍රකාශ කළහ.
    දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව බදු වර්ග දෙකක් අයවන බවත් ඔවුහු කීහ. ඒ අනුව දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය වේ.
    එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ සංශෝධන සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු එම කරුණු කීහ.
    දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බව ත් ඔවුහු කීහ.
    සේවා සපයන්නාගේ ගාස්තුව රුපියල් සියයක් නම්, බදු ලෙස රුපියල් පනහක් අය වන බවත්, ඔවුහු පැවැසූහ. දුරකතන සේවා සමාගමට රුපියල් සියයක් අය වන බව ද කීහ. ඒ අනුව ගාස්තුවෙන් සියයට පනහක් නොව, රුපියල් පනහක් ගාස්තුව ලෙස අයවන බව ද ඔවුහු පැවැසූහ. ඒ අනුව ගාස්තුව එකසිය පනහක් නම් බදු ලෙස අය වන්නේ සම්පූර්ණ ගාස්තුවෙන් තුනෙන් එකක් යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.
    ඒ අනුව රුපියල් සියයක පෙර ගෙවුම් කාඞ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක්, එනම් රුපියල් 33 ක් බදු වන අතර ඉතිරි රුපියල් 67 දුරකතන ගාස්තු ලෙස අයවන බව ද අන්තර්ජාල සේවාවලදී විදුලි සංදේශ බද්ද ලෙස අය වෙන්නේ සියයට 10ක් වන බැවින් අන්තර්ජාල ගාස්තු දුරකතන සේවා ගාස්තුවලට අඩු බව ද එම නිලධාරීහූ වැඩිදුරටත් කීහ.
    රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.කේ සෙනෙවිරත්න, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.අයි එරන්ද සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති උපදේශික තනූජා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    yako oya hama channel ekakama penna gon indiyan natti / film walata baddak ghapanko hama magulak ma minissungen huiran kan nathiwa ahuth free wifi
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    මහින්ද ගත්ත ණය ගෙවනව කියල හිතාගෙන ගෙවපන්
    බැංකු හොරකම් කරපුව ගෙවන්න ඕනෙ නැල්ලු