100 ක වැඩ පිළිවෙළ පුස්සක්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    100 ක වැඩ පිළිවෙළ පුස්සක්

    මෛත්‍රීගේ දින 100 ක වැඩ පිළිවෙළ පුස්සක් බව ඔප්පු කිරීම!!

    1.) රජයේ සේවකයකුට රුපියල් 10000 ක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල (වර්ෂයකට)

    දැනට සිටින සේවකයින් = ලක්ෂ 14
    එක් අයකුට 10000 බැගින් = 14×10000
    මසකට ලක්ෂ 14 ට වියදම =රුපියල් බිලියන 14
    වැටුප් වැඩිකිරීමට වසරකට යන වියදම = 14×12 = 168(බිලියන)

    2.) විශ්‍රාමිකයින්ට ලබා දීමට යන රු. 3500/- ක මාෂික අන්තර් දීමනා සඳහා වියදම (වර්ෂයකට)

    විශ්‍රාමිකයින්ගේ සංඛ්‍යාව = 510000
    එක් අයකුට 3500 බැගින්
    මසකට අන්තර් දීමනා වියදම =3500 × ලක්ෂ 5.1 = 1.8 (බිලියන)
    අන්තර් දීමනා සඳහා වර්ෂයකට වියදම =1.8 × 12 =21.6 (බිලියන)

    3.) සමෘද්ධි සහනාධාරය උපරිම 200% දක්වා වැඩි කිරීමට යන වියදම

    දැනට සමෘද්ධි සහනාධාර වියදම = බිලියන 15
    මෙය දෙගුණයක් වැඩි කිරීමට අවශ්‍ය මුදල = බිලියන 30
    අවශ්‍ය මුළු මුදල = බිලියන 45

    4.) අයවැයෙන් නිදහස් සෞඛ්‍ය සඳහා දැනට වෙන්කර ඇති 1.8% පමණ වන මුදල 3% දක්වා ඉහළ දැමීම

    දැනට සෞඛ්‍ය සඳහා වියදම = රු. බිලියන 100
    3% දක්වා ඉහළ දැමීමට තව අවශ්‍ය වන මුදල = රු. බිලියන 66
    මුළු සෞඛ්‍ය වියදම = රු. බිලියන 166

    ..................

    5.) දැනට නිදහස් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති 1.7% ක් පමණ ප්‍රතිපාදන 6% ක ඉලක්කය කරා යෑම.

    දැනට අධ්‍යාපන සඳහා යන වියදම = රු. බිලියන 120
    6% දක්වා ඉහළ දැමීමට යන වියදම = රු. බිලියන 310
    මුළු අධ්‍යාපන වියදම = රු. බිලියන 430

    6.) සරසවි මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000 ක් දක්වා වැඩි කිරීමට යන වියදම

    දැනට ලබාදෙන ශිෂ්‍යාධාරය = රු. 2500
    එය 5000 කිරීමට වැඩිපුර අවශ්‍ය මුදල = රු. 2500
    සිසුන් සංඛ්‍යාව =96000
    අවශ්‍ය මුළු මුදල මාෂිකව =96000× 2500
    වාර්ෂිකව අවශ්‍ය මුදල =(96000×2500)12= බිලියන 2.5

    ඉහත යෝජනා 6 ට පමණක් යන මුළු වියදම ගණනය කරමු (බිලියන)

    වැටුප් වැඩිකිරීමට = 168
    විශ්‍රාමිකයින්ට = 22
    සෞඛ්‍යයට වැඩිකිරීම = 66
    අධ්‍යාපනයට වැඩිකිරීම = 310
    සමෘද්ධියට = 30
    මහපොළ ශිෂ්‍යත්වයට = 3
    අනිකුත්,වී සහතික මිල අර්තාපල් සහතික මිල අමු තේ දළු සහතික මිල ට රබර් පාවෙන මිලට, කිරි ගොවීන්ට දෙන සහතික මිල සහ වෙනත් = 101
    ඉහත සියල්ල සඳහා අවශ්‍ය වන මුළු වියදම =700 (බිලියන)

    තෙල් මිල අඩු කිරීම සඳහා ඉවත් කිරීමට යන බදු = බිලියන 40

    මෛත්‍රීපාලගේ යෝජනාවල බලපෑම

    දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම = 1200
    අඩුකළා - බදු අහිමි වීම = 40
    ශුද්ධ රාජ්‍ය ආදායම =1160
    අඩුකළා මෛත්‍රීපාලට වැඩිපුර යන වියදම =700
    මෛත්‍රීපාලට ඉතිරිවන රාජ්‍ය ආදායම = 460

    මෛත්‍රීපාල රට ණය උගුලකට හසු කරන හැටි

    දැනට තිබෙන වර්තන වියදම =1256
    දැනට තිබෙන ප්‍රාග්ධන වියදම = 481
    දැනට රාජ්‍ය වියදම = 1737
    අඩුකළා මෛත්‍රීගේ ඉතිරි ශේෂය = 460
    මෛත්‍රීපාල ණයට ගතයුතු මුදල (වාර්ෂිකව) =1277

    බිලියන දැනට ශ්‍රී ලංකාව වර්ෂයකට ණයට ගන්නා මුදල = බිලියන 500

    ඒ අනුව මෛත්‍රීපාල වර්ෂයකට දැනට මෙන් දෙගුණයකට වඩා ණයට ගෙන රට ණය උගුලකට හසු කිරීමට ඔබෙන් බලය ඉල්ලයි. බුද්ධිමත් ව තීරණයක් ගන්න.

    51.jpg
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඇයි පරයෝ පවුන් නඩත්තුවට යන සල්ලි ඉතුරු වෙනවනේ..
    හොරා කන සල්ලි ඉතුරු වෙනවනේ..

    ඒවා වලින් තමයි මේවා කරන්නේ..
     
    • Like
    Reactions: Sadun Buwa

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    yako mahindaya hora kana salli walin mewa karana eka simple..uba pissu ballek wage biruwata rate minissunta mole thiyanawa..ubalage mahindayage meeting walata CTB walin adda minissuth mahindayage ath oralosuwa dagena gihin kathire gahanne my3ta..mokada ubala minissunta adare pennanna nomile bedanne e minissungema salli nisa..uba wage karumeta ipadila paw kelina ekek dennek hitiya kiyala uba hithanna epa mulu ratema inne ubala wage pisso kiyala..puluwan nam reddak adan 9 wenidata elakiriyata warenko higanna..
     
    • Like
    Reactions: Ayeshlive

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඇයි පරයෝ පවුන් නඩත්තුවට යන සල්ලි ඉතුරු වෙනවනේ..
    හොරා කන සල්ලි ඉතුරු වෙනවනේ..

    ඒවා වලින් තමයි මේවා කරන්නේ..

    කාලෙකට ඇහුව මීහරක්ම කමෙන්ට් එක.
    ඌ හරි හෝ වැරදි හෝ ගණන් හිලව් ඇතිව පෙන්වලා තියෙනවා. උඹත් රැල්ලට සිරිසේනට කඩේ යන සෙට් එක වගේ මෙලෝ හසරක් නොදැන උත්තර දීලා තියෙන එකෙන් පේනවා ඒ මෝඩ චූන් සෙට් එකේම එකෙක් කියලා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාලෙකට ඇහුව මීහරක්ම කමෙන්ට් එක.
    ඌ හරි හෝ වැරදි හෝ ගණන් හිලව් ඇතිව පෙන්වලා තියෙනවා. උඹත් රැල්ලට සිරිසේනට කඩේ යන සෙට් එක වගේ මෙලෝ හසරක් නොදැන උත්තර දීලා තියෙන එකෙන් පේනවා ඒ මෝඩ චූන් සෙට් එකේම එකෙක් කියලා.

    රැල්ලට මරාට පුක දෙන එකානේ උබ.:lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කාලෙකට ඇහුව මීහරක්ම කමෙන්ට් එක.
    ඌ හරි හෝ වැරදි හෝ ගණන් හිලව් ඇතිව පෙන්වලා තියෙනවා. උඹත් රැල්ලට සිරිසේනට කඩේ යන සෙට් එක වගේ මෙලෝ හසරක් නොදැන උත්තර දීලා තියෙන එකෙන් පේනවා ඒ මෝඩ චූන් සෙට් එකේම එකෙක් කියලා.

    මමත් ඉලක්කම් ටිකක් දාලා පෙන්නුවනම් හරි නේ..??
    ගණන් හිලව් ඇතිව තියෙනවලු..
    හරි හෝ වැඩදියි ලු..

    උඹ වගේ උගතෙක් යකෝ.. සිරා නැණවතෙක්..

    අනේ නිකං පළයං බං යන්න..

    දැන් උඹට ජොලිද බලපං..??



    මෛත්‍රීගේ දින 100 ක වැඩ පිළිවෙළ පුස්සක් නොවන බව ඔප්පු කිරීම!!

    1.) රජයේ සේවකයකුට රුපියල් 10000 ක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල (වර්ෂයකට)

    දැනට සිටින සේවකයින් = ලක්ෂ 14
    එක් අයකුට 10000 බැගින් = 14×10000
    මසකට ලක්ෂ 14 ට වියදම =රුපියල් බිලියන 14
    වැටුප් වැඩිකිරීමට වසරකට යන වියදම = 14×12 = 168(බිලියන)

    2.) විශ්‍රාමිකයින්ට ලබා දීමට යන රු. 3500/- ක මාෂික අන්තර් දීමනා සඳහා වියදම (වර්ෂයකට)

    විශ්‍රාමිකයින්ගේ සංඛ්‍යාව = 510000
    එක් අයකුට 3500 බැගින්
    මසකට අන්තර් දීමනා වියදම =3500 × ලක්ෂ 5.1 = 1.8 (බිලියන)
    අන්තර් දීමනා සඳහා වර්ෂයකට වියදම =1.8 × 12 =21.6 (බිලියන)

    3.) සමෘද්ධි සහනාධාරය උපරිම 200% දක්වා වැඩි කිරීමට යන වියදම

    දැනට සමෘද්ධි සහනාධාර වියදම = බිලියන 15
    මෙය දෙගුණයක් වැඩි කිරීමට අවශ්‍ය මුදල = බිලියන 30
    අවශ්‍ය මුළු මුදල = බිලියන 45

    4.) අයවැයෙන් නිදහස් සෞඛ්‍ය සඳහා දැනට වෙන්කර ඇති 1.8% පමණ වන මුදල 3% දක්වා ඉහළ දැමීම

    දැනට සෞඛ්‍ය සඳහා වියදම = රු. බිලියන 100
    3% දක්වා ඉහළ දැමීමට තව අවශ්‍ය වන මුදල = රු. බිලියන 66
    මුළු සෞඛ්‍ය වියදම = රු. බිලියන 166

    ..................

    5.) දැනට නිදහස් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති 1.7% ක් පමණ ප්‍රතිපාදන 6% ක ඉලක්කය කරා යෑම.

    දැනට අධ්‍යාපන සඳහා යන වියදම = රු. බිලියන 120
    6% දක්වා ඉහළ දැමීමට යන වියදම = රු. බිලියන 310
    මුළු අධ්‍යාපන වියදම = රු. බිලියන 430

    6.) සරසවි මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000 ක් දක්වා වැඩි කිරීමට යන වියදම

    දැනට ලබාදෙන ශිෂ්‍යාධාරය = රු. 2500
    එය 5000 කිරීමට වැඩිපුර අවශ්‍ය මුදල = රු. 2500
    සිසුන් සංඛ්‍යාව =96000
    අවශ්‍ය මුළු මුදල මාෂිකව =96000× 2500
    වාර්ෂිකව අවශ්‍ය මුදල =(96000×2500)12= බිලියන 2.5

    ඉහත යෝජනා 6 ට පමණක් යන මුළු වියදම ගණනය කරමු (බිලියන)

    වැටුප් වැඩිකිරීමට = 168
    විශ්‍රාමිකයින්ට = 22
    සෞඛ්‍යයට වැඩිකිරීම = 66
    අධ්‍යාපනයට වැඩිකිරීම = 310
    සමෘද්ධියට = 30
    මහපොළ ශිෂ්‍යත්වයට = 3
    අනිකුත්,වී සහතික මිල අර්තාපල් සහතික මිල අමු තේ දළු සහතික මිල ට රබර් පාවෙන මිලට, කිරි ගොවීන්ට දෙන සහතික මිල සහ වෙනත් = 101
    ඉහත සියල්ල සඳහා අවශ්‍ය වන මුළු වියදම =700 (බිලියන)

    තෙල් මිල අඩු කිරීම සඳහා ඉවත් කිරීමට යන බදු = බිලියන 40

    මෛත්‍රීපාලගේ යෝජනාවල බලපෑම

    දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම = 1200
    අඩුකළා - බදු අහිමි වීම = 40
    ශුද්ධ රාජ්‍ය ආදායම =1160
    අඩුකළා මෛත්‍රීපාලට වැඩිපුර යන වියදම =700
    මෛත්‍රීපාලට ඉතිරිවන රාජ්‍ය ආදායම = 460

    මෛත්‍රීපාල රට ණය උගුලකට හසු කරන හැටි

    දැනට තිබෙන වර්තන වියදම =1256
    දැනට තිබෙන ප්‍රාග්ධන වියදම = 481
    දැනට රාජ්‍ය වියදම = 1737
    අඩුකළා මෛත්‍රීගේ ඉතිරි ශේෂය = 460
    මෛත්‍රීපාල ණයට ගතයුතු මුදල (වාර්ෂිකව) =1277

    දැනට ශ්‍රී ලංකාව වර්ෂයකට ණයට ගන්නා මුදල = බිලියන 500

    අනවශ්‍ය වියදම්, පවුල් නඩත්තු වියදම් හා හොරාකෑම් නැවැත්වීම තුලින් ඉතිරි වන මුදල් කෝ..??
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් කාලය තුල සිදුවු විශාලතම හොරකම එල්ටීටීඊ සංවිධනය සතුව තිබී අත් අඩංගුවට ගන්න ලද රන්තරන් තොගය රාජසන්තක නොකර රජ්ජුරුවන් විසින් හොර රහසේ ජපානයට විකිණීමේ මහා හොරකමයි.

    afae2970efc56c496e8344e6a3afddc6_L.jpg



    මේ ඇදහිය නොහැකි තරමේ විශාල හොරකමක් වුව ඒ සත්‍යකි. මේ සම්බන්ධව සාක්ෂි ‍රැසක් අප සතුව තිබේ.

    එල්ටීටීඊ සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා බාරයට ගන්නා ලද්දේ යුද මෙහෙයුම් වලදී තැනින් තැන තිබූ කණකර අයිත්තම් පමණක් නෙවේ. බැංකු සේප්පුවල තිබීද එවැනි ආබරණ ‍රැසක් හොයා ගනු ලැබීය. පසුගිය කාලයේ උතුරේ ජනතාව වෙත නැවත බෙදා දෙනු ලැබුවේ මෙම රන් ආභරණ වලින් සුළු කොටසකි.

    රාජපක්ෂවරු ඉන් බලාපොරොත්තු වූයේ එල්ටීටීඊය සතුව තිබී හමුවූ රන් භාණ්ඩ තමන් විසින් හොරකම් කළබවට සමාජයේ පැවැති කසු කුසුව සමනය කර ගැනීමටය.

    එහෙත් අප කතා කරන්නේ මේ රන් ආභරණ ගැන නොවේ.
    එල්ල්ටීටීඊ සංවිධනයේ නව නායක කේපී හෙවත් කුමරන් පද්මනාද විසින් රාජපක්ෂවරුන්ගේ අත් අඩංගුවට පත් කරන ලද රත්තරන් ටොන් 350ක් ගැනය. එමක් රත්තරන් කිලෝ ග්‍රෑම් 350,000 ක් ( තුන්ලක්ෂ පනස් දහසක් ගැනය- මේ දැන්ට හෙළිව පවතින ප්‍රමාණයය)

    මේ රන් භාණ්ඩ නොවේ රත්තරන් බිස්කට්ය. මේ එල්ටීටී සංවිධනයේ රන් සංචිතයයි. ඒ තිබුණේ කේපී යටතේය. කේපී සිය ජීවිතයත් තමන්ගේ පෞද්ගලික දේපල හා ධනය රැක ගැනීම සඳහාඅ රාජපක්ෂවරුන්ට ලබා දුන් අල්ලස මේ රන් සංචිතයයි.

    මෙරට නීතියක් හරියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මේ මහා රන් සංචිතය මුළුමනින්ම බැර විය යුත්තේ රජයේ භාණ්ඩාගාරය වෙතය. එහෙත් මේ ගබඩා වූයේ නිළ ලියකියවිලි කිසිවක් නොමැතිව කාටත් රහසක් වූ රජයේ ගබඩාවකය.

    2009 වසරේ යුද්ධය අවසන් වී 2010 වසරේදී රාජපක්ෂවරු නැවත බලය තහවුකර නොගන්නට මේ රන් සංචිතය මෙරට සතුවන්නට ඉඩ තිබිණි. එහෙත් ජාතියේ අවාසනාවට අමාරු සටනකින් පසුව හෝ රාජපක්ෂවරු බලය තහවුරු කර ගත්තේය.


    කෙයිජි මට්සුමුරා

    තමන්ට තවත් වාරයක් නොලැබෙන බව රාජපක්ෂවරු තීරණය කළේ ඒ වකවානුවේදීමය. මේ නිසා ඔවුන් විසින් සිදු කළ හදිසි කර්තවයය වුයේ මේ රන් සංචිතය විකුණා දැමීමේ කටයුත්තයි. මේ සඳහා නියෝජිතයන් මඟින් විවිධ ගැනුම්කරුවන් කිහිප දෙනෙකු හා කතා බහ කළද. අවසනයේ එකඟ වූයේ 'ජපන් රජයයි'මේ ගනුදෙනුව ගැන සකච්ඡා 2010 වසරේදී ආරම්බ වූ නමුත් ඒ සඳහා ජපන් රජය සෘජුව මැදිහත් වූයේ නැත. රත්තරන් වෙළඳාම නොඑසේනම් AU වෙළඳාම සඳහා ප්‍රසිද්ධ 'ජපුගා හෝල්ඩින්ග්ස් ප්‍රයිවේට් ලිමිටඩ්' නම් ජපාන සමාගම හා 'ක්‍රෙඩිට් සුයිස් සෙක්‍යුරටීස් ප්‍රයිවේට් ලිමිටඩ්' නම සමාගම් දෙක මැදිහත් වූ අතර පුද්ගලයකු ලෙස මීට සහභාගී වූ ප්‍රධානියා, ජපුගා හෝල්ඩින්ග්ස් සමාගමේ උපදේශකයකු ලෙස පෙනී සිටි කෙයිජි මට්සුමුරා විසින් මේ ගනුදෙනුව සිදුකර තිබේ.


    මට්සුමුරා සමඟ ජපානය වෙනුවෙන් මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා රාජගෝපාල් කාර්තීපන් (ජා.හැ.අං. 833433342 V) නැමැති ව්‍යාපාරිකයාය. ශ්‍රී ලාංකිකයකු වන ඔහු ක්‍රෙඩිට් ස්වීස් සමාගමේ අධ්‍යකෂකවරයකු වන අතර ජපානයේ පදිංචිකරුවෙකි. මේ ගනුදෙනුවේදී මට්සුරා වෙනුවෙන් බලයලත් නියෝජිතයා වූයේ මොහුය.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සප්හානී සෝමසේකරන් නම් ජනාධිපතිවරයාගේ සමීපතමයකු මීට සම්බන්ධ විය මේ අතර මැද තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිටියේය. ඔවුන් නමින් තුවාන් බාගුස්, ඉලංගකෝන්, තරංග සමර සිංහ, සුරේෂ් කුමාර, හා උපුල් කරුණාරත්නය.

    විකුණුම්කරුවා හා ගැනුම්කරුවා අතර වන බ්‍රොකර්ලා හා සහය දක්වුවන් වූ මේ පිරිසට මෙම ගනුදෙනුවෙන් කොමිස් මුදලක් හිමී වීමේ පදනම මත මේ ගනුදෙනුවට සම්බන්ධ විය. ඔවුන්ගේ කොමිස් මුදල් සියයට 0.5, 01 ආදී වශයෙන් විය .

    මේ රත්තරන් තොගය මිළදී ගැනීමට පෙර පරික්ෂා කරනු ලැබුවේ රාජා ගෝපල් විසින් බව පැවැසෙන අතර කොළඹ පිහිටි ගබඩාවකදී මේ පරික්ෂා කර තීබේ. ඒ අවස්ථාවේදී මෙම රන් බිස්කට්වල එල්ටීටීඊ සලකුණ කොට තිබු බැවින් ඒ මිළදී ගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. පසුව ඒ සලකුණු කපා දැමීම සිදු කරනු ලැබීය. මේ රන් තොගය හා එම නොහොතේ වු කතා බහද යම් පුද්ගලයකු විසින් වීඩියෝ ගත කර ඇති බවත් වාර්තාවන අතර මේ වන විට ජීවිතාරක්ෂාව පතා ඔහු එම වීඩියෝ පටයත් සමඟ අතුරුදහන්ව සිටී.

    AU-deal-2.jpg



    කන්ටේනර් 16 කින් ජපානයට පටවයි


    කෙසේ නමුත් අවසානයේදී ජපානය මෙම රන්තොගයට ගෙවීමට පොරොන්දු වූයේ එක් කිලෝවකට අමරිකානු ඩොලර් 44,000 බැගින්ය, එයින් ශ්‍රී ලංකා රජයට ඩොලර් 38,000 කුත් ඉතිරි 6,000 මේ ගනුදෙනුව කතා කළ පුද්ගලයන්ගේ (එනම් රාජපක්ෂවරුන්ගේ) කොමිස් මුදල ලෙසය.

    මේ අනුව 2011 වසරේදී මේ ගනු දෙනුව සිදුවිය.ඊට අදාල ජපන් එකඟතා ලියවිල්ල 20011 නොවැම්බර් 19 වන දින ජනධිපතිවරයාගේ සමීපතමයාකු වූ සප්හානී සෝමසේකරන් අතට පත්කරන ලදී.

    2012 වසරේදී මෙම රත්තරන් තොගයෙන් ටොන් 310 ක් ඉතා රහසිගතව කන්ටේනර් 16 කින් කොළඹ වරායෙන් ජපානයට පිටත්කරහරින ලදී. නිදන් කොල්ලකෑමේදී බහිරවයාට දොල දෙන්නාක් මෙන් ඉතිරි ටොන් 40 නිළ ලියකියවිලි සහිතව මහ භාණ්ඩාගාරය සතු කිරීමටද මේ රාජපක්ෂලා කටයුතු කරන ලදී.

    නමුත් එම රන් සංචිතද විකුණා දමා රාජපක්ෂ පවුලේ හිත්වතුන්ගේ බංකොළොත් සමාගම් වල කොටස් මිළදී ගැනීම සඳහා යෙදවූ බවටද චෝදනාවක් එල්ල් වී තිබේ.

    මෙම රන් ගනුදෙනුවේ සම්පූර්ණ මුදල 2012 වසරේදී ශ්‍රීලංකාවට ලැබුණු නමුත් ඒ සතයකුදු මහා භණ්ඩාගාරයට හෝ වෙනත් කිසිදු රජයේ අරමුදලකට බැර වූයේ නැත. ජපානය, ව්‍යාපාරික සම්ප්‍රදායන් අනුව මෙම ගනුදෙනුව කළ නමුත් රාජපක්ෂලා කටයුතු කළේ තන්හාධික කෑදරයන් ලෙසිනි. මෙම රන් තොගයේ මුලු වටිනාකමම රජය සතුවිය මුත් මේ ගනුදෙනුව ප්‍රකාරව රජයට ලැබිය යුත්තේ රන් කිලෝවකට ඩොලර් 38,000ක් බැඟින් හා ගනුදෙනුකරුවනට ඩොලර් 6000ක් කොමිස් ලෙසය.


    රුපියල් කෝටි හතලිස් ලක්ෂයක් රජපවුලේ ගිණුම්වලට


    නමුත් මේ මුළුමුදලම බැර වූයේ වෙනත් විදේශගත ගිණුම් වලය. ව්‍යාපාරික ගනුදෙනුවේදී අවම සදාචාරයවත් රැක, මීට සම්බන්ද සෙසු පුද්ගලයන්ට හිමි සියයට 1 කොමි මුදල හෝ ලබා දීමට රාජපක්ෂලා කටයුතු කළේ නැත. කිහිප දෙනෙකුට පමණක් සොච්චම් මුදලක් ලබා දී තිබේ.

    රත්තරන් කිලෝ ග්‍රෑම් 1 කට අමරිකානු ඩොලර් 44,000 බැගින් රත්තරන් කිලෝ ග්‍රෑම් තුන් ලක්ෂ දසදහසක් (310.000) යනු කෙතෙරම් සුවිශාල මුදලක දැයි සිතා ගැනීම අසීරු නැත. ඒ අමරිකානු ඩොලර් බිලියන 13.6 කි. එනම් රුපියල් කෝටි හතලිස් ලක්ෂයකටත් අධික මුදලකි මේ.

    මෙම රන් ගනුදෙනුව සහසුද්දෙන්ම දන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල්, ජනධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනෙරත් හා වරාය අධිකාරියේ සභාපත් බන්දු ප්‍රියත් වික්‍රමසිංහ.

    මේ වෙනුවෙන් ජනාධිපති ආර්යාවද සැහෙන උනන්දුවෙන් කටයුතු කළ බවත් හෙළිව තිබේ. ඇයගේ ගණකාධිකාරීවරයා වන ප්‍රසන්න ලියනආරච්චිද මේ ගනුදෙනුවේ අලගිය මුල ගිය තැන් හොඳින් දනී. තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්කුම මේ ගැන දනී. එහෙත් ඒවා රටෙන් තවමත් වසන්ව පවතින්නේ ඔවුන්ටත් මෙහි ප්‍රතිලාබ ලැබුණු බැවිනි.


    කෙසේ නමුත් මේ ගනුදෙනුවේ එකඟතා මත අදාල කොමිස් මුදල් නියමාකරයෙන් නොලැබුණු පාර්ශ්වකිහිපයක් ඒ ගනුදෙනුව මුළුමනින්ම හෙළිකිරීමට සූදනම්ව සිටී. එමෙන්ම මේ වන විට මේ සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රබලයන් කිහිප දෙනෙකු හා සාක්ච්ඡා කර ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ පසුව මේ රන් ගනුදෙනුවේ සියළු මුදල් යලි මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද විපක්ෂයේ ප්‍රධානින් බලාපොරොත්තු වන බව මෙම කණ්ඩායමක් සමඟ පවසා ඇත.

    අප හා මෙම තොරතුරු ලබා දුන් එක් පාර්ශ්වය පැවැසූවේ තමන් ශ්‍රීලංකා රජයට කළේ උදව්වක් නමුත් ඊට මැදිහත් වූවන් මෙරටට ලැබිය යුතු ධන සම්පත කොල්ල කෑම තමන්ද පිළිගන්නේ නැති බවය. ගනුදෙනුවකදී කොමිස් මුදල ලැබීම සාධාරණ වුවත් මෙහිදි සිදුවූයේ නිර්ලජ්ජිත කොල්ල කැමක් බවත් ඔවුන් පවසා සිටී. කෙසේ නමුත් මේ පිළිබඳව කෙරෙන විමර්ශනයකදී ඔවුන් සතුව තිබෙන අනෙකුත් සියළු සාක්ෂි ඉදිරිපත් කරන බවත් ඔවුන් පවසා සිටී. මීට අදාල වීඩියෝ පටයද එහිදී ඉදිරිපත් කෙරෙණු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.


    AU-deal-3.jpg



    AU-deal-3.jpg
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    "කාටහරි කළගුණ සලකන්න ඕනනම් කිරි හට්ටියක් දෙකක් අරන් ගිහින් කතා කරලා වැඳලා එන්න... සර්වජන ඡන්ද බලය වගේ දියුණු සංකල්ප තියෙන්නෙ කළගුණ සලකන්න, ආචාර ධර්ම, වතාවත් කරන්න නෙවෙයි.හිතන්න බුද්ධියටත් ඉඩක් දෙන්න"
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    "කාටහරි කළගුණ සලකන්න ඕනනම් කිරි හට්ටියක් දෙකක් අරන් ගිහින් කතා කරලා වැඳලා එන්න... සර්වජන ඡන්ද බලය වගේ දියුණු සංකල්ප තියෙන්නෙ කළගුණ සලකන්න, ආචාර ධර්ම, වතාවත් කරන්න නෙවෙයි.හිතන්න බුද්ධියටත් ඉඩක් දෙන්න"

    සිරා කතාව..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.