10000/= ගොඩ යන්න ඕනෙද?

AspenK

Member
Apr 28, 2013
566
130
0
godak sthuthyi ayiyee oyage athdakeem apith ekka bedagaththata.. me post eke watinakama mila karanda ba
oyage wadakatayuthu saarthaka wewa!!

rep++
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දියුණු වෙන්න උත්සහ කරන කොල්ලන්ට වටිනා කියන දේවල් ටිකක් තියන ලිපියක්.නැකත්රාළ උඹට හුඟක් ස්තුතියි අපේ තරුණ පරම්පරාවට කියවන්න මේ ලිපිය දැම්මට.

එත් මචන් ප්‍රශ්නේ තියෙන්නේ උඹේ මේ ව්‍යාපාරේ මේ කියන තැනට ගෙන්න උඹ කොයිතරම් පිට කොටුවේ අවුවේ වේලෙන්න ඇතිද? කොයිතරම් නිදි මරන්න ඇතිද? බදු අඩුවට ගන්න කොයිතරම් කඩ ගානේ අවිදින්න ඇතිද..අද අපේ තරුණ පරම්පරාව හිතන් ඉන්නේ බිස්නස් කරලා දියුණු වෙන එක හරිම සිම්පල් වැඩක් කියල. බිස්නස්වල වර්තමානය හැමදාම දුකක්. එත් අතීතය හරිම සතුටක්. වර්තමානයේ දුක් විඳින්න බැරි උන්ට කවදාවත් බිස්නස් කරලා ගොඩ එන්න බැහැ . අපේ රටේ මිනිස්සු හිතන්නේ බිස්නස් කාරයින්ට සල්ලි එන්නේ කිසිම මහන්සියක් නැතුව කියල. එත් ඔලුවේ වෙහෙසයි ඇඟේ වෙහෙසයි තරම දන්නේ කරපු උන් තමයි.

මමත් උඹ වගේම මගේ බිස්නස් එකක් තාමත් ලංකාවේ පවත්වාගෙන යනවා. පට්ට කට්ටක් තමයි කෑවේ . උදේ 4 ට්‍රේන් එකේ වැඩට ඇවිත් හවස සාගරික ට්‍රේන් එකේ තමයි ගෙදර යන්නේ. ඒ කාලෙම නිදාගත්තනම් නිදාගත්තේ කෝච්චියෙම විතරයි. ට්‍රේන් එකෙන් බැහැල ගෙදර දුවල වොෂ් එකක් දාගෙන විනාඩි පහෙන් ෂොප් එකට ඇවිත් රෑ 10. 30 වෙනකම් ෂොප් එක ඇරන් ඉන්නව. ඊට පස්සේ බාරගතපු පහුවදා දිය යුතු ටයිප් සෙටින්, ප්‍රින්ටින්, ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩ එළිවෙනකල් කරනවා. සමහර දවස් වලට උදේ 3 වෙනකම එක දිගට වැඩ. ඊට පස්සේ එහෙම්ම නාල ලෑස්ති වෙලා ඇවිත් ට්‍රේන් එකේ වැඩට එනවා. දවසට පැය පහක් නිදාගත්තේ උදේ හවස ට්‍රෙන් එකේම විතරයි. දවල්ට ලන්ච් එකේ පිටකොටු ඇවිත් ඕන බඩු ඔක්කොම අරගන්නවා. හදිසි බඩු ඒසී බස් එකක දාල යවනවා ත්‍රීවීල් එකක දාල කඩේට ෂොප් එකට යවන්න කියල. ඒ කාලේ වටපිටාවේ ජොබ් නැතුව හිටපු කොල්ලන්ට මම පොඩි ගණන් ගෙවල වැඩ ගන්නව රෑට ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩ වලට. මැලිබන් ස්ට්‍රීට් එකේ වෙඩින් කාඩ් විකුණන කඩවල වැඩත් මම overnight ගහල දෙන්න contract ගත්ත. ඉස්කෝල බැජ් , කාර්යාල වල මේස උඩ තියන බැජ් වගේ ඒවත් පිටකොටුවෙන්ම මට සබ් contract ලැබුන. ඒවායින් 300% වගේ ලාබ තිබුන ඉතින්.

පස්සේ මම printed board ගහන්නත් පටන් ගත්ත. සර්කිට් එක ඩිසයින් එයාල මට දුන්නම මම කොපර් බෝර්ඩ් ගෙනල්ල සර්කිට් එක ප්‍රින්ට් කරලා ඩ්‍රිල් කරලා කොම්පොනන්ට් පාස්සලම දෙන්න contract ගත්ත. මම වැඩ කරපු ආයතනයේ මගේ යාළුවො contract එකට කොම්පොනන්ට් පාස්සන වැඩ කරලා දුන්න. උන්ටත් සාදාරන මිලක් ගෙවල මටත් හොඳ ලාබ තිබුන. ෂොප් එකේ ළමයින්ට ඉවර කරගන්න බැරි ටයිප් සෙටින් වැඩ ඔෆිස් එකේ ස්ටේනෝ හිටපු කෙල්ලොන්ට පිටුවට 35 ගානේ ගෙවල කරවගත්ත. බිස්නස් එක පටන් ගනිද්දී මම ෂොප් එක ගත්තේ කුලියට . පස්සේ අයිතිකාරයා කඩේ විකුනන්න ඕන කිව්වා. බිස්නස් එක හොඳට හදපු කඩේ ගන්න ගැනුම් කාරයෝ ඕන තරම් උන්න. මහන්සියෙන් ගොඩ දාපු බිස්නස් එක හින්ද මම කඩේ අතාරින්නෙ නැතිබව දැනගත්තු කඩ අයිතිකාරයා නියම වටිනාකම වගේ දෙගුණයක් මිල කිව්වා කඩේට. මම සම්පුර්ණ මුදලටම බෑන්ක් ලෝන් එකක් දාල කඩේ ගත්ත. අරගෙන අවුරුදු හතරෙන් මුළු ලෝන් එකම බේරුවා. අද ඒ ෂොප් එක මගේ. තාම බිස්නස් එක රන් වෙනවා. එත් මං ලංකාවේ නැති හින්ද ටයිප් සෙටින් ඇරෙන්න අනෙක් සියලුම ප්‍රින්ටින් වැඩ නවත්තල දැම්ම. ඒ කාලේ මහන්සි වෙච්ච හැටි මතක් වෙද්දී අද දැනෙන්නේ අප්‍රමාන සන්තෝසයක්.

මේවට සමගාමීව වැන් එකක් අරන් රෙන්ට් එකට දැම්ම රජයේ ආයතනයකට. හවසට වාහනේ ගෙදර එන හින්ද රෑට එයාර්පෝර්ට් බස්සන හයර් ටිකක් අඩුවට දුවනවා කියල දැම්ම ෂොප් එකේ බෝඩ් එකක්. එකටත් වැඩ ආව. දවල්ට දුවන ඩ්‍රයිවර් රෑටත් යවන්න බැරි හින්ද වෙන රියදුරෙක් හොයල එයාර්පෝර්ට් ය්ව්වේ. එත් සමහර දවස්වලට රියදුරෙක් හොයාගන්නම බැරි උනාම ඉතින් මටම යන්න වෙනවා. ඒවත් ඇද්ද ඉතින්. ඒ වෙද්දී කිලෝමීටර් ගානට හයර් දුවනවා කියල ෂොප් එකේ දැම්ම බෝර්ඩ් එකක්. එකටත් වැඩ ආව. එහෙම වැඩ ආවාම ප්‍රධාන කොන්ත්‍රාත් හයර් එක දුවන්න තව වැන් එකක් දවසේ කුලියට ගන්නවා. දවසේ කුලියට ගතපු වාහනේ රජයේ කොන්ත්‍රාත් එකට යවල මගේ එක හයර් එක යවනවා. මේවයින් මට හොඳට ලාබ තිබුන ඉතින්. කිව්වට කව්රුත් විස්වාස කරයිද මන්ද 2006 අවුරුද්දේ මගේ වාහනේ දවස් එකහමාරට (පැය 18) ට රුපියල් 22000 ක හයර් එකක් දුවපු දවසකුත් මට තාම මතකයි. යවන්න කෙනෙක් නැතුව ඒ ගමන ගියේ මම . ගියේ කිලෝමීටර් ගානට. එක විනාඩියක්වත් නිදාගන්නේ නැතුව ගමන ඉවරයක් කරා.. අන්තිමේ ගාන හදල බැලුවම 22000 වෙලා තිබුන. අද ඒවා හිතද්දී දැනෙන්නේ හරිම සන්තෝසයක්.

එහෙම වැඩ කරන්න , මොලේ වෙහෙසන්න පුළුවන් උදවියට බිස්නස් කිරිල්ල ඇති සාර්ථකයි.. එත් අවධානමක් ගන්න භය , දවසට පැය 12ක් 14ක් අවම වශයෙන් වැඩ කරන්න පුළුවන් උදවිය කඩේක වේටර් කමක් කරත් දියුණු වෙනවාම තමයි.

දැන් මම අවුරුදු ගානක් ඇමෙරිකාවේ හින්ද දැන් මගේ ෂොප් එක අවට තව ෂොප් දෙක තුනක් දාල මගේ බිස්නස් එක අල්ලන්න උපරිම උත්සහ කරනවා. එත් අදත් මුළු බිස්නස් එකන් 75% ක් කරන්නේ මගේ ෂොප් එක. මම අවුරුද්දකට සැරයක් ලංකාවට ගියාම උන් අදත් ටික අප්සෙට් එකේ ඉන්නේ මම ලංකාවේ නවතින්න අවිත්දෝ කියල.:D:D:D. මම අයෙත් බිස්නස් එකට බැස්සොත් වටේ උදවිය දන්නවා මම අයෙත් මුළු බිස්නස් එකම අල්ලනවා කියල.

උත්සාහයෙන් දියුණුවෙන කොල්ලන්ට ජයවේවා.....

:cool:
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    training period eke? telecom ekeda?
    ethakota dan monawada karanne oya? :confused:

    මම කිව්වේ ට්‍රේනින්ග් ෆීලඩ් එක කියලා පීරියඩ් නෙමෙයි. ලංකාවේ කම්පැනීස් කීපයකම මම ට්‍රේනින්ග්ස් කලා. මම දැන් කරන එක දන්නවනේ.. :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩ යන්න BUMP

    හොඳ ලිපියක් සහෝ බෙදාගත්තට ගොඩක් ස්තුති

    Patta mchn.

    godak sthuthyi ayiyee oyage athdakeem apith ekka bedagaththata.. me post eke watinakama mila karanda ba
    oyage wadakatayuthu saarthaka wewa!!

    rep++


    බොහොම ස්තූතියි... :D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මචන් මට පහු ගිය දවස් ටිකෙ උන ගැනිලා හිටියේ.. මේ ඔක්කොම බුක් මාර්ක් දාගෙන ඉදලා ඔන්න අද තමයි කියවුවේ.. මම උඹේ උත්සාහය, අවන්ක කම වගේම හිතේ දහිරියට අවන්කවම ගරු කරනවා.. උඹට වැඩි වැඩියෙන් හරි යන්න ඔන.. ඒ වගේම ඉක්මන් සම්පූර්න නීරොගී සුවය ප්‍රාර්තනා කරනවා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ekenma elaa.....mamath wadak patan gatta passe kiyanamko

    අහ් එලනේ.. ජය වේවා මචන්..

    :D:D

    machan umba mara porak ban. sirawatama mara watinawa. umbata wadi wadiyen hari yanna ona..
    ස්තූතියි මචන්..

    මචන් මට පහු ගිය දවස් ටිකෙ උන ගැනිලා හිටියේ.. මේ ඔක්කොම බුක් මාර්ක් දාගෙන ඉදලා ඔන්න අද තමයි කියවුවේ.. මම උඹේ උත්සාහය, අවන්ක කම වගේම හිතේ දහිරියට අවන්කවම ගරු කරනවා.. උඹට වැඩි වැඩියෙන් හරි යන්න ඔන.. ඒ වගේම ඉක්මන් සම්පූර්න නීරොගී සුවය ප්‍රාර්තනා කරනවා
    ස්තූතියි සහෝ.. දැන් සනීපද?