dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    සෑහෙන කලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. මම අරන් ආවා ගිය සතියේ release උන සිරාම TV series එකක්. ඇත්තටම මේක කොටස් 8න් යුක්ත mini tv series එකක්. හැබැයි එක episode එකක් පැය එකහමාරකට කිට්ටුයි.

    11.22.63

    112266.jpg




    1963 11 23 වෙනිදා ඇමරිකාවේ ජනාධිපති වුන ජෝන් එෆ් කෙනඩිව ඝාතනය කරනවා. මේ ඝාතනය ලෝකයේම කතා බහට ලක් වුන එකක්. හේතුව මේ ඝාතනය පිටිපස්සේ හිටියේ කවුද කියලා තාමත් නිවැරදිව සොයාගෙන නැති නිසා. සමහරු මේක ඇමරිකාවේම CIA සංවිධානයේ වැඩක් කියනකොට තවත් සමහරු කියන්නේ රුසියානුවන් මේ පිටුපස හිටියා කියලයි.

    හුඟ දෙනෙක් කියන්නේ කෙනඩිව ඝාතනය නොවුනා නම් ලෝකයේම ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා. මොකද කොටින්ම කෙනඩි අපේක්ෂිත පරිදි ජනාධිපති ධූරය දැරුවා නම් වියට්නාම් යුද්ධය වැනි විනාශකාරී සිදුවීම් සිදු නොවෙන්න ඉඩ තිබුණා (ලු).

    මේ TV series එකේ කතාව තියෙන්නේ පාසල් ගුරුවරයෙක් වෙන ජේක් එපින්ග් ට කාල තරණය කරන්න පුලුවන් පණු කුහරයක් හමවෛනවා. හැබැයි මේකේ විශේෂත්වය කොයි වෙලාවේ මෙතනින් අතීතයට ගියත් එයා යන්නේ 1960 එක්තරා නියමිත දිනකට. ඉතින් මේ පුද්ගලයා හදන්නේ කෙනඩි ඝාතකයින් පසුපස හඹා ගිහින් මේ ඝාතනය නවත්තන්න.

    TV series එක හදලා තියෙන්නේ Stephan King විසින් ඒ නම්න්ම ලියවුණ පොත පාදක කරගෙන. Stephan King තමා අපි බලපු Mist, Carrie, Under the Dome වැනි නිර්මාණ වලට අදාල වෙන පොත් ලිවුව පුද්ගලයා.

    මේ පොත ලියන්න මෙයාට සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. මොකද තොරතුරු ඉතා නිවැරදිව විශ්ලේෂණය කරලා ගන්න ඕනේ නිසා.

    මේක කොටස් 8න් ඉවරයි. 2016-02-15 ඉඳන් 2016-04-04 දක්වා සෑම සඳුදාවකම Hulu හරහා මේක විකාශය වෙනවා.







    Torrent
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්දා බන්

    ගෝතම් එනකන් ඉන්නේ

    එත් බලන්න ආසා එක්කෙන්ට දැන ගන්න බම්ප් ++ rep සහෝ