"120 Years " for Mahinda College - Galle !! දකුණට අභිමානයක් වූ ගාල්ලේ මහින්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    "120 Years " for Mahinda College - Galle !! දකුණට අභිමානයක් වූ ගාල්ලේ මහින්


    දකුණට අභිමානයක් වූ ගාල්ලේ මහින්ද විදුහල තම 120 වසර සමරයි..
    :)
    1892 -2012

    05-1.jpg


    සිසුන් 4000 ට ආසන්නව 1 වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වන ගාල්ලේ ප්‍රධානම බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලය 2012 මාර්තු මස 02 දිනට වසර 120 ක් සමරයි... :)

    මේ සටහන මගේ පාසල වු
    අභීමානවත් මහින්දයේ අතීත ගමන් මග ගැනයි..:)
    ගාල්ල මහින්ද විදුහල ගැන බොහෝ දෙනා දැන සිටියත් මේ විස්තර දන්නේ ටික දෙනෙක් වෙන්න පුළුවන්..
    ඒ නිසාම කියවලා බලන්න.. :eek:

    1892 මාර්තු මස 2 වැනිදා සවස හතරටපමණ එකල හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපාරයේ පියවරක් ලෙස

    හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා
    11.jpg


    ගාල්ල කොටුව ෆෙඩරල් වීදියේදී සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මහින්ද විද්‍යාලය ආරම්භ වූයේ සිසුන් හැටදෙනෙකු සමඟ හා ගුරුවරුන් අට දෙනෙකු ගෙනි.. :)

    මෙහි කළමනාකරු ලෙස කටයුතු කල මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතා කටයුතු කල අතරම පළමු විදුහල්පති වුයේ අයර්ලන්ත ජාතිකබෝල්ස් ඩැලී මහතායි..

    පළමු ශිෂ්‍යයා ලෙස ජී. සී. බ්ලොක් ලියාපදිංචි විය.. :)

    එකල මහින්දය ෆෙඩරල් වීදියේ පැරැණි ලංකා බැංකු ගොඩනැගිල්ලේ තිබූ අතර පසුව අරාබි විද්‍යාලයපැවැති ස්ථානයටත් ඊළගට වෛද්‍ය කුලරත්න මහතාගේ නිවෙසට විද්‍යාලය රැගෙනගියේ පාසල පැවැත්වීමට ස්ථීර ස්ථානයක් නොතිබුන නිසායි.. :nerd::nerd:

    ගාල්ල වරායෙන් මෙරටට පැමිණි සුදු ජාතික ෆ‍්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් මහතා
    1903 වසරේදී විද්‍යාලයේ විදුහල්පති ධූරයට පත්විය..:cool:

    ෆ‍්‍රෑන්ක් ලී වුඩ්වර්ඩ් මහතා
    FL_woodward06.jpg

    වුඩ්වඩ් මහතා විද්‍යාලාධිපති ධුරයට පත්වීමෙන් පසු විද්‍යාලය
    ස්වර්ණමය යුගයක් කරායන ගමන ආරම්භ වූයේය. :)

    විද්‍යාලයීය ධජය රන් සහ කළු පැහැයන්ගෙන් නිර්මාණය වූයේද මෙතුමාගේ කාලයේයි.. :eek:

    “ ඉංග්‍රීසි පාලනය තුළ බෞද්ධ අධ්‍යාපනය ලබාදීම“එමඟින් අර්ථවත් විය.
    එතෙක් විදුහල් ආදර්ශ පාඨය වු සුචරිතයට වඩා උසස්දෙයක් නැතයන්න වෙනස් කොට
    වෑයම් කොට පණ්ඩිතයෙක් වන්නයන අර්ථය ලබා දෙන බිප්පං වායාම පණ්ඩිතෝ භවයන
    පාලි පාඨය විදුහල් ආදර්ශ පාඨය බවට පත් කෙරිණ. :)
    09.jpg




    ස්ථිර ගොඩනැඟිල්ලක් විද්‍යාලයට සොයා ගැනීමේ වගකීම භාර ගත් වුඩ්වඩ් මහතාට, ගාල්ල එළියට් පාරේ පිහිටි දවටගහ වත්ත ඉඩම ඩී. එෆ්. ද සිල්වා මහතා හා වීරසිංහ මාතාව විසින් මහින්දයට පරිත්‍යාග කලේය. :)

    1907 පෙබරවාරි 17 දිනහෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මිය යාමත් සමඟ එතුමා සිහිවීමපිණිස විදුහලේ පළමු ගොඩනැගිල්ල ලෙස ඕල්කට් ශාලාව ඉදි කෙරිණි. :)

    ඕල්කට් ශාලාව
    08.jpg

    1910 අගෝස්තු පළමුවැනිදා එම ශාලාව විවෘත කල අතර එම ශාලාවේදීම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එම වසරේ සැප්තැම්බර් 9 වැනිදා ආරම්භකරන ලදි.. :cool:

    ආදි ශිෂ්‍ය සංගමය පසුගිය වසරේ දී තම සියවස සැමරුවේ ඒ වෙනුවෙන් ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් දගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙසින් පවත්වමිනි.
    11.gif


    1919 සැප්තැම්බර් මස 20 වැනිදා වුඩ්වඩ් මහතා විදුහල්පති ධූරයෙන් ඉවත් වීමත් සමඟවිදුහල්පති ධූරයට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ කාලිදාස් නාග් මහතා පත්විය. :nerd:

    ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වූ ඔහු මහින්දයේ විදුහල්පතිධූරයේ කටයුතු කරමින් සිටියදී අධිරාජ්‍ය වාදින්ගෙන් සිය රට නිදහස් කර ගැනීමේ කාර්යයටද විශාල දායකත්වයක් සැපයූ අතර සරෝජිනී නායිදු මැතිනිය,රවින්ද්‍රනාත් තාගෝර් තුමා, ජවහර්ලාල් නේරු තුමා ද, ඉන්දිරාගාන්ධි මහත්මිය වැනි ප්‍රභූන්ගේ න්ද මහත්මා ගාන්ධි තුමාපැමිණීම ද මහින්ද විදුහලට ලැබු වැදගත් අවස්ථාවන් ලෙස දැක්විය හැක. :)

    පාසල්වල බුද්ධධර්මය, පාලි හා සිංහල, ඉගැන්වීම ආරම්භකරමින් ඇරඹු මහින්දයේ දකුණු ලක ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම මහින්ද විදුහලෙන් බිහි කරන විට ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ එෆ්. ජි.පියර්ස් මහතා 1921 වසරේ සිට 1923 වසර දක්වා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන්කටයුතු කළේය. එදින පාසලේ සිටි ශිෂ්‍යයන්තුන්සිය දෙනාගෙන් හරි අඩක්ම බාලදක්ෂයින් බවට පත් කෙරිණි.

    ඒ වෙනුවෙන් මහින්දයේ තනා ඇති ස්මාරකය
    02-3.jpg


    විදුහලේ චිත්‍ර හා සංගීතගුරුවරයා වූ ආනන්ද සමරකෝන් මහතා
    10.jpg


    නමෝ නමෝ මාතාගීතය ප්‍රථම වරට මහින්ද විද්‍යාලයීය තුළදී ගායනා කළේ විදුහල් සිසුන් සමගිනි.
    ඒ පිළබඳ වු ඕල්කට් ශාලාවේ පිටත ඇත සටහන
    07.jpg


    සියවසකට වැඩි කාලයක් තිස්සේ මහින්ද විදුහල් මෑණියන්ගෙන් සිප් සතර හදාරා මෙරට පමණක්නොව ලෝකයම දික් විජය කළ ආදි මහින්දියන්ගේ සංඛ්‍යාව දස දහස් ගණනකි. :)

    මහින්ද සියවස 1992 දි සැමරු අතර ඒ වෙනුවෙන් නිකුත් කල සමරු මුද්දරය :cool:
    MahindaCollegegalle-Stamp.jpg

    කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිව සිටි මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය විනීවිතාරණ, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කේ. පී. ආරියරත්න, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය කපිලගුණසේකර, ආචාර්ය දයා රෝහණ අතුකෝරළ, ආචාර්ය නිහාල් සෝමරත්න වැනි විද්වතුන් බිහිවූයේ මහින්දයෙනි. :)

    මහින්දයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණි පිරිසත් අති විශාලය. පුවත්පත් කලාගුරු ඩී. බී.ධනපාල, එඩ්වින් ආරියදාස, ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්, ලක්බිම කර්තෘවසිට නැසීගිය කිත්සිරි නිමල්ශාන්ත මහතා වගේම රමේෂ් වරල්ලේගම, සංජය නල්ලපෙරුම යන අයද දැක්විය හැක.. :)

    විමුක්ති ජයසුන්දර වැනි අන්තර්ජාතිකසම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරුන් ද මහින්දයෙන් බිහිවූවෝ වෙති. දැවැන්ත ව්‍යාපාරිකයන්වූ විමලධර්ම සහෝදරයෝ, ඇල්බට් එදිරිසිංහ, ආතර් සේනානායකමහින්දයේ සෙවනින් බිහි වූවෝ වෙති..:yes::yes:

    ශ්‍රි ලංකා ටෙස්ට්ක්‍රිකට් නායකයකු වූ මාවන් අතපත්තු, ජයනන්ද වර්ණවීර, අතුල සමරසේකර, උපුල් චන්දන, ලසිත් මාලිංග වැනි දෙස් විදෙස් ප්‍රචලිත ක්‍රීඩකයින් බිහිවූයේ මහින්දයෙනි. :)

    මේ වන විටත් මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ හටන “ 107 වන වරටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සුදානම් කොට ඇත.. :)

    දැන් අන්තර්ජාලය පුරා මහින්ද විද්‍යාලය ගැන තොරතුරු ලබා ගත හැකි ලෙස විකිපීඩියාව තුලටත් ඇතුලත් වී ඇත..:)
    මහින්ද විද්‍යාලයේ විකිපීඩියා පිටුව බලන්න මෙතනින් යන්න... :cool:
    මහින්ද විද්‍යාලයේ වෙබ් අඩවියට මෙතනින් යන්න...
    11.gif


    මහින්ද විද්‍යාලය ගැන වු අලුත් තොරතුරු පින්තූරෆේස් බුක් අඩවිය හරහා මෙන්න මේ පිටුවෙන් පුළුවන්..

    තව තවත් අපේ රට මෙන්ම ලොවම දික් විජය කරමින්, සදා කල් වැජඹෙනු ඇත.. :)


    "මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනී වැජඹෙවා"

    මහින්ද විද්‍යාලයීය පාසල් ගීය...


    මේ ලිපිය සඳහා කරුනු උපුටා ගත්තේ
    ලක්බිම පුවත් පතට ආදි මහීන්දීය ජනමාධ්‍ය සංසදය ලියු ලිපියකිනි
    සියලු ජයාරෑප අන්තරජාලය තුලිනි.
    ඒ සැමට ස්තුතිය!! :)

    උපුටා ගත්තේ මෙතනින්... :yes:
    චාමිකයගේ බ්ලොග් ඉසව්ව....


     
    Last edited:

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනී වැජඹෙවා