මේ දවස් වල Work from Home නිසා මෙයින් එකක් හදන්න කියල බැලුවේ.
මොකද කරන්ට් එක ගියාම ඉන්ටර්නෙට් නැති වෙන නිසා.
හැබැයි පොඩි ප්‍රශ්න කීපයක් තියනවා.
මේ සර්කිට් එක පොඩි පෙට්ටියක වගේ සෙටප් කලොත් මේකට ෆෑන් එකක් දාන්න ඕන කියල Description එකේ තියනවා.
1.ඉතිං එහෙම නම් ඇයි අපි පාවිච්චි කරන UPS වල ෆෑන් නැත්තේ?
2.අනික මේකට ෆෑන් එකක් දාන්න ඕන Battery එකෙන් Run වෙද්දිද නැත්නම් හැමවෙලේමද කියල දාල නැහැ.
මම මේ වගේ custom build එකකට යන්න හැදුවේ මට ලංකාවෙ මාර්කට් එකේ මේ වගේ Device එකක් මේ තරම් Battery එකක් එක්ක හම්බුනේ නැහැ.
අර SLT එකෙන් දෙන එකෙත් තියෙන්නෙ පොඩි Battery කෑලි දෙකක්නෙ.
කොයි වෙලේ Off වෙයිද කියල කියන්න අමාරුයි.
උබල මොකද හිතන්නේ. මේ වැඩේ ආරක්ෂාකාරීව කොහොමද කරගන්නේ.
මොකද ගෙදර කවුරුත් නැති වෙලාවක මේ වගේ දෙයක් ලේසියෙන් ගිනි ගන්න පුලුවන් කියල Google එකේ තිබුනා.