13 ගැන අගමැතිගේ ස්ථාවරය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මේ දැක්වෙයි.

    —–

    ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය සුරකිමු
    – මහජන එක්සත් පෙරමුණ

    දශක ගණනාවක් අඛණ්ඩව නොසැලී ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය සුරැකීමට මහත් කැපවීම් සිදු කළ දේශපාලන ප්‍රවාහයක් ලෙස, තවදුරටත් එය ශක්තිමත් කිරීමට මහජන එක්සත් පෙරමුණ වඩාත් කැපවී සිටි.

    1980 දශකයේ මුල සිට ම යෝජනා කරමින් කියා සිටිනුයේ, පරිපාලන ක්‍රමවේදයට සමාන්තර දිස්ත්‍රික්කය ඒකකය ලෙස පදනම් කරගත් සංවර්ධන ඉලක්ක යථාර්ථයක් කළ හැකි ව්‍යුහගත වීමක්, අවශ්‍ය බවය.

    කේවල ආසන වැඩි වශයෙන් ඇති මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් පිළිබඳ පවතින සමාජ දේශපාලන ආර්ථික උවමනාව ජාතික අවශ්‍යතාවයක් ලෙස, යළියළි මතක් කර සිටියි.

    ම.එ.පෙ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමේ පරම වගකීමට අඛණ්ඩ නොසැලී නොබියව සැමදා කැපවී සිටියි.”

    අධිනීතිඥ තිස්ස ජයවර්ධන යාපා
    ප්‍රධාන ලේකම්
    මහජන එක්සත් පෙරමුණ

    හොඳයි කියලත් නෑ
    නරකයි කියලත් නෑ

    යන්නේ කොහෙද මල්ලෙ පොල් 😄
    ------ Post added on Feb 4, 2023 at 6:09 PM