13 Red Flags You Have Insulin Resistance

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,540
    113
    Colombo
    ඈස්ලියනගේට සීනි හැදිලද 👀
    නෑහ නෑහ , මට එහෙම එකක නෑහ. :)


    “ආරෝග්‍යා පරමා ලාභා

    සන්තුට්ඨි පරමං ධනං

    විස්සාසා පරමා ඥාති

    නිබ්බානං පරමං සුඛං” (ධම්මපදය)


    මිනිසා නිරෝගී අයකු වීමට නම් පූර්ණ සෞඛ්‍යයෙන් යුක්ත විය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුව පූර්ණ සෞඛ්‍ය පිළිබඳව සඳහන් කර ඇත. “කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික ස්වස්තාවයෙන් (නිරෝගීකමින්) යුතු පුද්ගලයා පූර්ණ සෞඛ්‍යයෙන් යුතු පුද්ගලයෙකි යනු එම නිර්දේශයයි. මෙම ප්‍රකාශය මෑතකදී ඉදිරිපත් වුවද වසර 2600කට පෙර අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිරෝගී පුද්ගලයකුගේ ස්වභාවය මීට අදාලවම බොහෝ කලකට පෙරින් දේශනා කොට වදාළහ. මේ විමසුම ඒ පිළිබඳවයි.

    කායික නිරෝගීතාව

    “ආරෝග්‍යා පරමා ලාභා” යන බුද්ධ වචනය තුළින් මෙය විග්‍රහ කෙරේ. කායික වශයෙන් ඇතිකරගන්නා සුවපත් බව, නිරෝගී බව, සැහැල්ලුව මෙහිදී විස්තර කෙරේ. physical Well Being යනුවෙන් විස්තර වන්නේද එයමය. වර්තමානය තුළ බොහෝදෙනෙක් බෝ වන, බෝ නොවන රෝගවලින් පීඩා විඳිති. අයහපත් සෞඛ්‍ය පුරුදු හා වැරදි ආහාර රටා, වැරදි ජීවන පුරුදු මේවාට ප්‍රධාන ලෙස හේතු වී ඇති බව පෙනේ. බෝ වන රෝගවලින් ආරක්ෂා වීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතුය. පිරිසුදුකම, පිළිවෙළ හා යහපත් සෞඛ්‍ය පුරුදු මඟින් බෝවන රෝගවලින් ආරක්‍ෂා විය හැකිය.

    නිවැරදි ආහාර රටාවක් නොමැතිකම බෝනොවන රෝගවලට ප්‍රධාන හේතුවකි. බුද්ධ වචනයට අනුව “මත්තඤ්ඤුතාච භත්තස්මිං” පමණ දැනගෙන ආහාර ගැනීමද කායික නිරෝගීකම ඇතිකර ගැනීමට ඉතා හොඳ උපදෙසකි. ආහාරයේ ප්‍රමාණය මෙන්ම ආහාරයේ ගුණාත්මක බවද විශේෂයෙන් සැලකිය යුතුය. වර්තමානයේ බොහෝ ලෙස කායික රෝගවලින් මිනිසුන් පීඩා විඳින්නේ කට පරෙස්සම් කර නොගැනීම නැතහොත්, ආහාර රටාවේ පවතින දුර්වලතා නිසා යැයි කීම සාවද්‍ය නොවේ. බුද්ධ දේශනාවට අනුවද සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකු වීමට නම් ප්‍රථමව කායික නිරෝගීතාව ඇතිකරගත යුතු ය.

    මානසික නිරෝගීභභාවය

    “සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් සඳහන් වනුයේ මානසික නිරෝගීකමයි. Mentel Well Being ලෙස දැක්වෙන්නේද එයමය. සම්බුද්ධ දේශනාවට අනුව මානසික නිරෝගීතාවට, මානසික සතුට අත්‍යවශ්‍යමය. වර්තමාන සමාජය තුළ මානසික රෝගීන් බහුලය. එයට ප්‍රධාන හේතුව වනුයේ මානසික සුවය, සතුට නොමැති පුද්ගලයන් බහුල වීමය. තමාගේ මානසික සුවය සලසා ගත යුත්තේ තමාමය. එය අනෙකකුට කළ නොහැකිය. විවිධ හේතු කාරණා නිසා පුද්ගලයා තමාගේ මානසික සතුට නැති කරගනී. අතීතය ගැන පසු තැවෙමින්, අනාගතය පිළිබඳව අහස් මාලිගා සදමින් වර්තමානය මඟහැර ගනී. අනවශ්‍ය දෑ තුළින් මනස පුරවාගෙන මානසික අසහනය ඇති කරගනී.

    මානසික සුවය ඇති කරගැනීමට බුද්ධ දේශනාවේ අන්තර්ගත ක්‍රමවේදය භාවනාවයි.

    ඊට අමතරව ශ්‍රී සද්ධර්මයට මනස යොදවමින් ලෝකයේ ඇති තතු ඇති සැටියෙන් දැකීමද, ලෝක සත්‍යය අවබෝධ කරගැනීමද මානසික සතුට සලසා ගැනීමට බෙහෙවින් උපකාර වෙයි. මානසික නිරෝගීතාවද සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකු තුළ තිබිය යුතුම අංගයකි.