15වන කොවිඩ් මරණය වාර්තා වේ

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය.

    කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා රෝහලට ඇතුළත් කළ බවත්, කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.

    පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.


    මේකේ තියෙන හොදම දේ කියන්නේ ලංකාවේ covid වලින් මැරුණ ඔක්කොම අයට මොකක් හරි අසනීපයක් තියෙනවා. අනේ මන්දා එයාලා කියනවා අපි අහනවා
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මැරෙනකම්ම බලාගෙන ඉඳලා වගේ report එක දෙන්න
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හම්මේ කොරෝනා නෙවෙයිනෙ.බය උනා සමාජගත වෙලා කියලා.වෙලාවට ආන්ඩුවෙන් කියන දේ පිළිගන්නෙ 😑