15 දැරියක සමූහ දූෂණය කරවූ කතක් ඇතුළු 4ක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,587
    113
    වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළදී පහළොස් හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයකට ලක්කිරීමේ චෝදනාව මත වවුනියාව පොලිසිය විසින් කාන්තාවක් ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබේ.


    වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය ඇගේ ඥාති සහෝදරයෙකු විසින් තේක්කවත්ත ප්‍රදේශයේ තවත් ඥාතී නිවෙසක් වෙත කැටුවවිත් තිබේ.

    එහිදී දැරියට මත්ද්‍රව්‍ය ලබාදී තරුණයා සිය මිතුරන් පිරිසක් සමඟ එකතු වී එම දැරියට ලිංගික අතවර සිදු කොට ඇත.

    පසුදින දැරිය ඕමන්තේ සිය නිවෙසට ගොස් ඇතත් සිදුවූ කිසිවක් අය ඇගේ මවුපියන්ට ප්‍රකාශ කොට නොමැත්තේ තරුණයාගේ මරණීය තර්ජන නිසාවෙනි.

    දැරිය එහා මෙහා යන විට ඇය අසාමාන්‍ය ලෙස වේදනාවකින් පෙළෙන බව දුටු ඇගේ මව දැරියව වවුනියව මහ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් එම දැරියව සමූහ දූෂණයකට ලක්ව ඇති බව හඳුනාගෙන සිද්ධිය පොලිසියට පැමිණිලි කොට තිබේ. පොලිසිය දැරියගෙන් ලබාගත් ප්‍රකාශ මත තරුණයාව ද දැරියව දූෂණයට ලක් වූ නිවසේ කාන්තාව ද තවත් තරුණයින් දෙදෙනෙකුව ද අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

    දැරියව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
     
    • Sad
    Reactions: Asmodeus