වින්සන්ට් චර්චිල් මහා යුද්ධයක් දිනෙව්වා, එත් ඊළඟ ඉලෙක්ෂන් එකෙන් පැරදුන,
ලංකාවෙත් මහින්දට එහෙම වුනා නම් අපේ රට මම හිතන්නේ මීට වඩා හොඳ තැනකට එනවා, නමුත් ප්‍රශ්ණය තියෙන්නේ එදා ඉල්ලපු ප්‍රතිවාදී අපේක්ෂකයා මහින්දටත් හපන් නොමෙරුණු මිනිහෙක් වීම, පක්‍ෂ දේශපාලනයේ තියෙන අඳුරු පැත්තක් තමයි මේ.
ලංකාවේ පොලිටික්ස් වල ලොකු අවුලක් තියෙනවා, එහෙම වෙන්න හේතුවක් තියෙනවා, මිනිස්සු හැගීම්බර වැඩි, බලය වැඩි වුනහම ඕනෑම මිනිහෙක් නාස්ති වෙනවා කියල තේරුම් ගන්නේ නෑ, ලේසියෙන්ම කතාවෙන් නම්මාගන්න පුළුවන්, ඔලුවෙන් හිතන්නේ නෑ.
ආගම කුලය ජාතිය ගැන වදන් දෙකක් දැම්මම ඕන කුපාඩියෙක්ට රජ වෙන්න පුළුවන්. පැණි වෙදා වගේ ළාමක ට්ට්‍රෙන්ඩ් හැදෙන්නේ, පොඩි දේවල් වලට මිනිස්සු ෆෝම් වෙලා ගහගන්න යන්නේ, අපේ මිනිස්සු පුංචි ළමයි වගේ, සමූහයක් විදිහට බුද්ධිය අඩුයි,
දැන් ලංකාවේ බුද්ධි ගලනය බලන්න, උගත් එවුන් ලංකාවෙන් යනවා, මේ හොඳම ජාන ටික තමයි යන්නේ, ලංකාවේ ඇතුලේ ඉන්න උගත් කොල්ලෝ කෙල්ලෝ බඳින්නෙ පහුවෙලා, එහෙම නැත්නම් ළමයි හදන්න කැමති නෑ.
බලන්න ලංකාව තව පිරිහෙනවා මේ දේවල් නිසා,
තද දුකක් දැනෙනවා ලංකාව ගැන, මිනිස්සු මොළය පාවිච්චි කරනවා නම් මේ දේවල් වෙන්නේ නෑ.