17දාට ඇමරිකා භාණ්ඩාගාරය බංකොලොත් වේ
17දාට ඇමරිකා භාණ්ඩාගාරය හිස්… බංකොලොත් වේ යයි චීනයත් බිය වෙයි
ඇමරිකානු අයවැය අර්බුදය හේතුවෙන් රජය අක‍්‍රිය වීම දෙවන සතියටත් අවතීර්ණ වී ඇති අතර ඔක්තෝබර් 17 දින වන විට විසඳුමකට එළඹීමට නොහැකි වුවහොත් ඇමරිකාව ණය ගෙවිය නොහැකි තත්වයකට පත්වෙමින් බංකොලොත් භාවයට පත්වේ. මේ පිළිබඳව ඇමරිකාවේ විශාලතම ණය හිමියාවන චීනය දැඩි අවධානයකින් පසුවන බව පැවසේ.
චීනයේ නියෝජ්‍ය මුදල් ඇමති සූ ගුවන්යා ඕ ඇමරිකවෙන් ඉල්ලා ඇත්තේ ඔක්තෝබර් 17වන දිනට පෙර පවතින දේශපාලන ගැටළු නිරාකරණය කරගනිමින් බංකොලොත් භාවයට පත්වීම වළක්වාගැනීමට කටයුතු කරන ලෙසයි.
එමගින් ඇමරිකාව තුළ චීන ආයෝජනයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ලෝක ආර්ථිකය අවදානම් තත්වයෙන් මුදවාගන්නා ලෙසත් චීන ඇමතිවරයා පවසා ඇතැයි වාර්තා වේ. ඇමරිකාවේ ඩොලර් ටි‍්‍රලියන 16.7ක ණය ප‍්‍රමාණයෙන් 22.85%ක්ම ලබාදී ඇත්තේ චීනයයි.
ඔක්තෝබර් 17වන විට ඇමරිකානු අය වැය සම්බන්ධයෙන් හෝ ණය සීමාව තවත් ඉහළ දමාගැනීම පිළිබඳව කොංග‍්‍රස් මණ්ඩලයට එකගතාවයකට එළඹීමට නොහැකිවී ඇමරිකාව බංකොලොත් භාවයට පත්වුවහොත් එය 2008 ලෝක ආර්ථික අවපාතය වැනි හෝ ඊටත් වඩා දැවැන්ත ආර්ථික අර්බුදයකට ලෝකය ඇද දමනු ඇතැයි විචාරකයන්ගේ අදහසයි.
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැක් ලිව් පවසා ඇත්තේ ඔක්තෝබර් 17 වන විට භාණ්ඩාගාරය සතු මුදල් අවසන්ව යන බවත් ඉතිරි වනු ඇත්තේ ඩොලර් බිලියන 30කට අඩු ප‍්‍රමාණයක් බවත්ය.
අයවැය අවදානම් තත්වයකට හෙළීම ගින්දර සමග සෙල්ලම් කිරීමක් බව දක්වන ඔහු කොංග‍්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ නැවත රජය සක‍්‍රිය කිරීමට සහ ණය සීමාව ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර කථානායක ජෝන් බොඑනර් පවසන්නේ ණය ඉහළ දැමීම කොන්දේසි විරහිතව සිදුකළ නොහැකි බවයි. එය අයවැය හිගය පියවා ගැනීම සඳහා යෙදවිය යුතු අතර මේ පිළිබඳව රිපබ්ලිකන් පක්ෂය සමග සාකච්ඡ නොකිරීමෙන් ඇමරිකානු ජනාධිපතිවරයා රට බංකොලොත් භාවයට පත්වීමේ අවදානමකට ඇද දමන බව බොඑනර්ගේ අදහසයි.

Last edited: