18+ පිරිමින්ට විශේෂයි

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    18+ පිරිමින්ට විශේෂයි

    ඔබ ගැන විශ්වාසය තබන්න…



    1. මෙ සියල්ලටම මුල ඔබයයි කියමින් ඔබ අවට සිටිනා සියලු දෙනා මුලාවෙන් වියරුවී හැසිරෙන කල වියරු නොවැටී දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කලබල නොවී සිටිය හැකිනමි,

    2. වෙහෙසට පත් නොවී ඉවසා සිටිය හැකි නමි,

    3. බොරු නොකියා සිටිය හැකිනමි,

    4. ද්වෙශ නොකර සිටිය හැකිනමි,

    5. වැඩි උජාරු බවක් නොපෙන්වා අති පණ්ඩිත කථා නොකියා සිටිය හැකිනමි,

    6. සිහින බැලුවත් සිහින වලට රජ කරන්නට ඉඩ නොදී සිටිය හැකිනමි,

    7. ජය පරාජය දෙකටම මුහුණදී ඒ දෙකටම එකසේ සැලකිය හැකිනමි,

    8. ඔබෙ සියලු සේසත සුදු පිටියේ පරදුවට තබා ඉන් පැරදී පැරදුම ගැන වචන මාත්‍රයක්වත් කථා නොකල හැකි නමි,

    9. දිවි හිමියෙන් ඔබ සුරැකි දේ සියල්ල විනාස වනු බලා සිට නැවත ඒ සියල්ල ගොඩ නැගීමට උත්සාහ ගැනීමට සිත යෙදීමට ඔබට හැකි නමි,

    10. ඔබෙ වැහැරුණු, සිතට ගතට දෙකටම තවත් බොහෝ කල් සේවය කිරීමට බල කොට සිටිය හැකි නමි. සිතේ වෙර අඩියටම සිදී ගියත් පසු නොබා සිටින්නට තරමි සිතේ ධෛර්්‍යයක් ඇත්නමි,

    11. ඒ කටුක කෘරතම විනාඩිය කෙසේ හෝ විද දරා ගත හැකි නමි,

    12. මෙ මුලු මහ පොලොවම ඔබේය. එහි ඇති සියලු දේ ඔබේය. එපමණක් ද ‍නොව පුත නුඹ “නියම” පිරිමියෙක්ද වෙයි.
    Author : Pulasthi Wanniarachchi
     
    • Like
    Reactions: G-Man