18% වැට් බද්ද නිසා 2024 අපිට මොකද වෙන්නෙ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එකතු කළ අගය මත වන බදු (වැට්) අනුපාතය 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දැනට පවතින වැට් බදු අනුපාතය 15කි. එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් එම බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය සදහා අනුමැතිය ලැබී තිබේ.

    මේ බදු යෝජනා ක්‍රියාත්මක වීමත් සමග භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇත. මේ පිළිබඳව වැඩිදුර සමාජය දැනුම්වත් වීම උදෙසා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාව සම්බන්ධ කර ගත්තෙමු. එතුමා දැක්වූ අදහස් මෙසේයි.

    රටක ආදායම වැඩිකර ගැනීම වඩාත් වැදගත් බව අප සියලුදෙනා පිළිගත යුතුයි. ආදායමක් නොමැතිව වියදම් කිරීමට යාමෙන් අනිවාර්යයන්ම ඒ හරහා අයවැය හිගයක් ඇති වුණා, ආදායමට වඩා වියදම වැඩි වීමෙන් මේ වන විට ණය බර නිසාම, විශාල අර්බුදයකට රට මුහුණපා තිබෙනවා.රටේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මෙරට ආදායම සලකා බලනු ලබනවා. රටේ නිෂ්පාදනයෙන් 20%ක පමණ ආදායමක් මීට පෙර පවතිනු ලැබුවා. නමුත්පසුගිය කාලයේ විශේෂයෙන්ම 2019 වසරේ මෙරට ආදායම කපා හැර ගත් නිසාත්, වැරදි තීන්දු නිසාත් ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කට ආසන්න මට්ටමකට පහළට වැටුණා. එයින් පසු අපේ රට ආර්ථික අර්බුදයකට තල්ලු වීමක් සිදුවුණා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහාය ඉල්ලන්නට අපට සිදුවුණා. මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දුන්න කරුණු දෙකක් තිබෙනවා, පළවෙනි කාරණය වන්නේ,

    මෙරට ගත් ණය කපා හැර හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට දරාගැනීමට හැකි මට්ටමකට ණය බර අඩුකර ගැනීම, දෙවැනි කාරණය වන්නේ රට් ආදායම විශාල වශයෙන් වැඩි කර ගත යුතුයි කියන කාරණය, අප රටේ ආදායම ගත්විට ප්‍රධානම දායකත්වය ලබාදෙන්නේ 90%ක්ම බඳු ආදායම් හරහායි. එම නිසා බදු වැඩි කර ගැනීම සම්බන්ධව වැඩි කතාබහක් තිබෙනවා.

    වක්‍ර බදු පැනවීම මගින් මෙරට ජනයා දැඩි පීඩාවකට පත්වනවා

    මෙම බඳු වර්ග කොටස් දෙකකට බෙදනු ලබනවා. පළමු ක්‍රමය සෘජු බද්දයි. අනෙක වක්‍ර බද්දයි. සෘජු බද්ද කෙනෙකුට පැනෙව්වොත් එම පුද්ගලයා එය දැරිය යුතුයි. එය තව කෙනෙකුට තල්ලු කර හැරීමට නොහැකියි. එනම්, ගෙවන පුද්ගලයා නිශ්චිතව හදුනාගත පනවන ලදී. බද්දක් උදාහරණයක් ලෙස ආදායම් බද්ද' හදුන්වන්න පුළුවන්. එහිදී පුද්ගලයකුට පත්වන සෘජු බද්ද එම පුද්ගලයා විසින් දැරිය යුතු වේ. නමුත් වක්‍ර බද්ද තුළ තිබෙන ගැටලුව වන්නේ වක්‍ර බද්දක් පැනවීමෙන් පසු ඒ බද්ද තවත් පාර්ශ්වයකට පැනවිය හැකියි. වක්‍ර බද්දක් යනු අප දිනපතා වෙළඳ පොළෙන් මිලදී ගන්නා පරිප්පු කිලෝ එකටත්, හාල් මැස්සත් කිලෝ එකටත් අයකරන බද්දක්, එනම් ජනතාව දෛනිකව සිදුකරන මිලදී ගැනීම්වලදී රජය අය කරන බද්දකි. උදාහරණයක් ලෙස 'වැට් බද්ද' වක්‍ර බද්දක්වනවා. මෙහිදී ව්‍යාපාරිකයන්ට වක්‍ර බද්දක් තවූ විට ව්‍යාපාරිකයා අනිවාර්යයෙන්ම භාණ්ඩවල මිල වැඩි කර එය පාරිභෝගිකයාගෙන් අය කර ගනු ලබනවා. ඒ අනුව රජය බදු වෙනස් කරද්දී වක්‍ර බදු වෙනස් නොකර සෘජු බදු වැඩි කිරීම හරහා ආදායම අයකර ගැනීම හොදයි කියන මතය අප විශ්වාස කරනු ලබනවා. සාමාන්‍යයෙන් සැලකෙන්නේ රටක සෘජු බදු සහ වක්‍ර බඳු අනුපාතය 40%, 60% අගය ප්‍රශස්ථ බවයි. නමුත් ලංකාව තුළ මේ වන විටත් වක්‍ර බදු 80%කටත් වඩා අය කරනු ලබනවා. මේ නිසා වකු බඳු වලින් මේ රටේ හැම පුද්ගලයාම පීඩාවට පත්වනවා.. ආදායම් බද්දක් ගෙවීමට සිදුවන්නේ ආදායම් උපයන අය සදහා පමණයි. නමුත් වක්‍ර බදු පැනවීමෙන් පසුව මේ රටේ සිටින සියලුම පාරිභෝගිකයන්ට එක හා සමානවම එම බද්ද බලපානු ලබනවා. අපි ගනු ලබන සීනි කිලෝවේ සිට පාන් රාත්තල යන සෑම දේ සඳහාම මේ බද්ද පනවනු ලබනවා, මීට පෙර වැට් බද්ද 8% වැනි ප්‍රමාණයකට තිබී 15%කින් මේ වන විට වැඩි කරනු ලැබුවා,

    උදාහරණයක් ලෙස පුද්ගලයෙක් වෙළඳ පොළෙන් ලබාගත් සීනි කිලෝවක් සදහා මේ වනතුරු අයකරනු ලැබුවේ 15%ක බද්දක්, එනම් සීනි කිලෝව රුපියල් 100ක් නම් ඒ සදහා බදු මුදලද ඇතුළුව රුපියල් 115ක් සීනි කිලෝට සදහා ගෙවනු ලැබුවා. මෙය ජනවාරි මාසයේ සිට 18%කින් වැඩි කළ විට සිදුවන්නේ මෙතෙක් 15%ක් ගෙවූ බඳු මුදල 18% දක්වා වැඩිවීමක් සිදුවීමයි. එහිදී සීනි කිලෝවක් රුපියල් 115ට ගත් පුද්ගලයාට රුපියල් 118ක් ගෙවීමට සිදුවනවා.

    නමුත් මෙම වැට් බද්ද සදහා ඇතැම් අවස්ථාවල බදු මත බදු පැනවෙන අවස්ථාවන් තිබනවා. එවිට රුපියල් 115 මුදල බඳු වැඩිවීමත් සමග 118ට වැඩිවනවා නොවෙයි ඇතැම් අවස්ථාවල රුපියල් 120, 122 වනතෙක්ම වැඩිවිය හැකියි. එහි බදු බලපෑම ගත් විට නිවැරදිවම 3%කින් වැඩිවන බව කීමට අමාරුයි. එය බඳුවල එකතුවක් විය හැකියි. උදාහරණයක් ලෙස පාත් රාත්තලක් 3%කින් වැඩිවන විට පෙට්‍රල්, ටයර් වැනි සියලුම දේවලද මිල වැඩිවීමක් සිදුවනවා. එහිදී පාන් රාත්තල් මිල තීරණය කිරීම සදහා පෙට්‍රල් මිලේ වැඩි වීම සහ අඅයනෙකුත් අමුද්‍රව්‍ය සපයා ගැනීමට වැයවන මුදල් මේ සියල්ල එකතු වනවා.

    ඒ සියල්ලටම බදු මුදලක් එකතු වන නිසාම පාන් රාත්තලද ඒ හා සමාන මුදලකින් වැඩිවනවා. එවිට 3%ක බදු මුදල 5%ක් පමණ වනතෙක් එකතුවීමක් සිදුවී තිබෙනවා. බොහෝ විට ලංකාවේ සිදුවන්නේ පෙට්‍රල් මිල ඉහළ යෑමක් සිදුවූ වහාම ආප්ප, පාන් සහ වෙද භාණ්ඩවල මිලද ඒහා සමානව ඉහළ යෑමයි. එම නිසා කොපමණ මුදලකින් භාණ්ඩ මිල ඉහළ යයිද කියන කාරණය සෙවීම අමාරු වනවා . නමුත් අවම වශයෙන් 5% , 6%කින් මිල වැඩිවේ යැයි කියන කාරණය අපි විශ්වාස කරනු ලබනවා.ඒ විදියට අපි ගනු ලබන සෑම මිලදී ගැනීමකටම මෙම බදු මුදල් එකතුවනු ලබනවා. උදාහරණයක් ලෙස අපේ මාසිකව වියදම රුපියල් 30,000ක් ලෙස මේ වන විට පවතිනවා නම් එය ජනවාරි මාසයේ සිට 3%කින් වැඩි වී ඒ සදහා තවත් රුපියල් දාහක්, එක්දාස් පන්සීයක් පමණ වැඩි වීමක් සිදුවනවා.

    වක්‍ර බදු වැඩි කිරීමෙන් ඇතිවන ගැටලු

    මේ වන විට සෘජු බදු වැඩි කිරීමට අමාරුයි. සෘජු බඳු සදහා කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ. එයට හේතුව මේ වන විටත් උපරිම ආදායම් බදු 36% වනතෙක් ගෙවනු ලබනවා. එම නිසා රජය උත්සාහ ගනු ලබන්නේ නැවතත් වක්‍ර බදු වැඩි කිරීමටයි. එවිට 3%කින්වක්‍ර බදු වැඩිවනවා. එනම් වැට් බද්ද 15% සිට 18% වනතෙක් වැඩි වෙනවා. එවිට මෙහි තිබෙන ගැටලුව වන්නේ වක්‍ර බද්ද වැඩි කළ විට මේ රටේ ඉහළ ආදායම් ලාභීන්ගේ සිට දුගී දුප්පත් මනුස්සයා දක්වා මෙම බද්දේ බලපෑම ඇති වීමයි. ඒ නිසා 2024 දී අපේ වැට් බද්දට යටත් වන සියලුම භාණ්ඩවල මිල අවම වශයෙන් 3%කින් වැඩිවනවා. ලංකාව බද්දක් පනවන විට බදු මත බදු අය කරගනු ලබනවා. ඒත් එක්කම සමස්ත බදු බලපෑම අනිවාර්යෙන් 3%ට වඩා වැඩි විය යුතුයි.

    ලංකාවේ බදු මූලධර්මයන් පිළිබඳව ප්‍රාථමික අවබෝධයක්වත් මෙරට රජයට නෑ

    ඕනෑම රටකට බදු මූලධර්මයන් තිබෙනවා. එම මූලධර්මවල කියවෙන්නේ පනවන බද්ද සරල විය යුතු බවත් තේරුම් ගැනීමට පහසු විය යුතු බවත්ය. නමුත් ලංකාවේ බදු ව්‍යුහය අපට තවමත් තේරුම්ගත නොහැකියි. ඒ වගේම බද්ද අනුක්‍රමික විය යුතුයි. අනුක්‍රමික යනු වැඩිපුර ආදායම් ලබන පුද්ගලයන්ගෙන් වැඩිපුරම අයකර ගැනීමක් සිදුවිය යුතුයි. අඩුවෙන් ආදායමක් ලබන්නන්ගෙන් අඩුවෙන් අයකර ගැනීමක් සිදුවිය යුතුයි. වක්‍ර බද්දක් අයකර ගැනීමෙන් සිදුවන්නේ මේ සියලු දෙනාටම එකම ප්‍රතිශතයකට බදු ගෙවීමට සිදුවීමයි.

    එම නිසා මෙම බදු මූලධර්ම කැඩී ගොස් තිබේ.

    ඒ වගේම අය කරගනු ලබන බද්ද සාධාරණ විය යුතුයි. නමුත් මෙලෙස අය කරනු ලබන බදු නිසාම එම කොන්දේසියද මේ වන විට කැඩී තිබේ. ඒ හේතු කාරණා මත මේ වන විට බදු පිළිබඳව ප්‍රාථමික මූලධර්මයන් පිළිබදවද මේ රජයට අවබෝධයක් නෑ. බදු පනවත්තත් මූලිකවම දැනගත යුතු කාරණා වන්නේ බද්දක තිබිය යුතු ප්‍රධාන මූලධර්මයන් රැකීමයි. නමුත් මේ වන විට මේ කිසිවක් සිදු වී නෑ. පසුගිය අවුරුදු විස්සක පමණ සිට බැලූ විට සෑම අයවැයකදීම සදහන් කරන්නේ බදු මිල සංකීර්ණ බවත්, තනි බදු අනුපාතිකයකට ගේන බවත් පමණයි. නමුත් කිසිම ආණ්ඩුවක් මගින් බදු සරල කිරීමට ක්‍රමවේදයක් මේ වනතෙක් ගෙනත් නෑ. මෙ වන විට ලංකාවේ බදු වර්ග කීයක් තියෙනවාද කියන පැනයක් නැගුවොත් ඒ කාරණය කවුරුත් නිවැරදිව දන්නා බව කියන කාරණය මම හිතන්නේ නෑ,

    ඒ තරමටම බදු වර්ග ගණනාවක් මේ වන විට තිබෙනවා..බදු ආදායම කෙතරම්ද කියන එකට උදාහරණ ලෙස ලංකාවට ජපානෙන් ගෙන්වන හොදම තත්ත්වයේ උසස් වාහනයක් සදහා මෙරටින් 403% පමණ බදු මුදලක් අය කරනු ලබනවා. ජපානෙන් ලක්ෂ 10ක් වැනි මුදලකට මෙරටට ගෙන්වන වාහනයක් සදහා මෙරටින් ලක්ෂ 43ක බදු මුදලක් අය කරනු ලබනවා. එයින් මෙරට ජනතාව කෙතරම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවනවාද කියන කාරණය සිතා ගත හැකියි. නමුත් එසේ තිබියදීත් බදු ආදායම මදි බව සදහන් කරනවා. බදු ක්‍රමය ඉතාම සංකීර්ණයි. මෙලෙස වක්‍ර බදු වැඩි කිරීම මගින් පාරිභෝගිකයාට විශාල පීඩනයක් එල්ලවනු ලබනවා. හේතුව ව්‍යාපාරිකයන් ඔවුන්ගේ භාණ්ඩවල මිල වැඩි කරනු ලබන්නේ අනිවාර්යෙන්ම බදු මුදලට වඩා වැඩි ප්‍රමාණයකිනුයි. ඒමත පාරිභෝගිකයාට මහත් පීඩනයක් එල්ලවනු ලබනවා.

    මේ සදහා විසදුමක් තිබීම වැදගත් පාරිභෝගිකයා මෙම බදු ක්‍රම මත සිටින පීඩනයෙන් මුදවා ගැනීමට නම් යම්කිසි විසදුමක්ද ලබා දිය යුතුයි. මේ සදහා විසදුමක් ලෙස මේ රටේ බදු ගෙවන සංඛ්‍යාව ඉතාම අඩුයි. 2019 වසරේ ලක්ෂ 16 පමණ පිරිසක් බදු ගෙවනු ලැබුවා. නමුත් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ බඳු කපා හැරීම මත මේ වන විට බදු ගෙවන සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු වී තිබෙනවා. නමුත් මේ වන විට බදු ගෙවීමට හැකි සංඛ්‍යාව ලෙස ලක්ෂ විස්සක් පමණ මෙරට සිටිනවා. මෙරට රැකියාවක් කරන සේවකයන් ලක්ෂ අසූඑකක් පමණ සිටිනවා. මෙලෙස රැකියා කරන ලක්ෂ අසූඑකෙන් අවම වශයෙන් ලක්ෂ විස්සක් පමණ පිරිසක් ලක්ෂයට වඩා උපයන අය. ඔවුන්ගෙන් ලක්ෂ විස්සකට පමණ බදු ගෙවන්නට හැකියි. නමුත් එය නිසි ආකාරව සිදුවන්නේ නෑ. එම නිසා රජ්ය කළ යුත්තේ බදු ගෙවීමට තිබෙන අයගෙ ටික ටික එය අයකර ගැනීමයි. නමුත් දැනටත් සිදුවන්නේ කිහිපදෙනෙකුගෙන් විශාල ලෙස බදු අයකර ගැනීමයි.

    නමුත් සෑම කෙනෙකුගෙන්ම සාධාරණ බද්දක් අයකර ගැනීම තුළින් බදු වැඩි කරගැනීම සිදුකළ හැකියි. ඒ වගේම කළ යුතු අනෙක් කාරණය වන්නේ පවත්වාගෙන යන ව්‍යාපාරවලට බදු අය කරනවාට වඩා ව්‍යාපාර සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී එම ව්‍යාපාරය ලාභ ලබන විට ලාභයෙන් බද්දක් අය කිරීමයි. එසේ නොමැතිව තිබෙන ව්‍යාපාරවලින් බද්දක් අය කිරීමෙන් සිදුවන්නේ ව්‍යාපාරය වැසි සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී එම ව්‍යාපාරය ලාභ ලබන විට ලාභයෙන් බද්දක්අය කිරීමයි. එසේ නොමැතිව තිබෙන ව්‍යාපාර වලින් බද්දක් අය කිරීමෙන් සිදුවන්නේ ව්‍යාපාරය වැසී යාමයි. එම නිසා මෙවැනි ක්‍රියාමාර්ග රජ්ය විසින් අනුගමනය කළ යුතුයි. මෙයින් බඳු කපා හරින්න කියන කාරණය කියවෙන්නෑ. රයට අවශ්‍යනම් බදු සාධාරණ ලෙස වැඩි කරගැනීම සිදුකළ හැකියි. එසේ නොකර බදු ගෙවන සුළු පිරිසෙන් පමණක් බදු අයකර ගැනීමෙන් විශාල ගැටලු සිදුවිය හැකියි.

    2024 අවුරුද්ද ලබන විටම රටේ සමස්ත පද්ධතියම නරක අතට හැරිය හැකියි

    අවසානයේ පාරිභෝගිකයාට සිදුවන්නේ 2024 අවුරුද්ද ලබන විටම සියලුම භාණ්ඩ, සේවාවල මිල, විදුලි බලයද ඇතුළුව වැඩි මිලක් ගෙවීමටයි. විදුලි බලය, පෙට්‍රල්, පාන් පිටි, තෙල් මේ සියලුම දේ සදහා මිල වැඩි වීමක් සිදුවනවා, එයින් පාරිභෝගිකයාට විශාල බලපෑමක් සිදුවනවා. අනෙක් පැත්තෙන් ව්‍යාපාරික ප්‍රජාවටත් මේ විදියටම බදු අය කිරීමට ගත්තොත් එය වක්‍ර බද්දක් වුවත් ව්‍යාපාරිකයාට තමන්ගේ භාණ්ඩවල මිල වක්‍ර බද්දට සාපේක්ෂව වැඩි කිරීමට සිදුවනවා. ඒත් සමගම ජාත්‍යන්තර වෙළෙඳ පොළේ විශේෂයෙන්ම අපනයන වෙළෙඳ පොළ කඩා වැටීමටත් පුළුවන්, බද්දක් වැඩි වීම ඒ ඊටේ සමස්ත පද්ධතියටම ඉතාම නරක ආකාරයට බලපානවා.

    පියුමිකා වීරසූරිය
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    .. ල් සර් ඔව්ව අහන්නෑ දැක්කනෙ නුවරලි තැපැල් කන්තෝරුව දෙනවද නැත්තන් ගෙදර යනවද ඇහැව්ව.. 😂
     
    • Like
    • Haha
    Reactions: Cypress and Cenon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawa wennada ban. minissu thawath horakan karala hari kanna bonna hoya ganna lasthi wenna ona
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වැය අඩු කරානම් හරි.

    ලක්ෂ 3 හමුදාව යුක්රේනෙට විකුණමු.
    රාජ්‍ය සේවකයෝ ලක්ෂ 10 සවුදියේ තම්බි බලාගන්න පටවමු. 💁🏻
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    .. ල් සර් ඔව්ව අහන්නෑ දැක්කනෙ නුවරලි තැපැල් කන්තෝරුව දෙනවද නැත්තන් ගෙදර යනවද ඇහැව්ව.. 😂

    monawa wennada ban. minissu thawath horakan karala hari kanna bonna hoya ganna lasthi wenna ona

    හාල් 300 පනී වගේ

    වැය අඩු කරානම් හරි.

    ලක්ෂ 3 හමුදාව යුක්රේනෙට විකුණමු.
    රාජ්‍ය සේවකයෝ ලක්ෂ 10 සවුදියේ තම්බි බලාගන්න පටවමු. 💁🏻

     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වැය අඩු කරානම් හරි.

    ලක්ෂ 3 හමුදාව යුක්රේනෙට විකුණමු.
    රාජ්‍ය සේවකයෝ ලක්ෂ 10 සවුදියේ තම්බි බලාගන්න පටවමු. 💁🏻
    :yes: :yes: :yes: :yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    බැසිල් කියන දෙයක් තමා ඉතින්..

    ranil-wickramasinghe.gif
     
    • Haha
    Reactions: Kumbhakarna22