ඔන්න මේක මං හදපු කතාවක් එහෙම නෙවෙයි හරිය.තෙලස්ටොවෙන් උපුටා ගත්තෙ.මේ කතාව උපුටා ගත්තට හා බෙදා හරිනවට මට රෙප් දෙනවනං දීපියව්. කතව එළ හින්ද රෙප් එපා හරිය.මේකෙ රචකයා තෙලස්ට්‍රොවෙ හසා කියල එකෙක්.
වැසි දිනයකි. ගොම්මන් වෙලාව පසු වී අඳුර වැටී දැන් පැය කිහිපයක්ම ගත වී ඇත. ටිකෙන් ටික වැඩි වන වැස්ස මැද්දේ දාස මාමා එයාගේ වෑන් එක ඩ්‍රයිව් කරනවා. ඒ තරං දන්න අඳුරන පළාතකුත් නෙවෙයි. පාරේ තියෙන වතුර වලකින් වාහනය දැම්මාට පස්සේ දාස මාමට සැකයි මොනවා හරි පිටිපස්සේ රෝදෙ ඇනුනාවත්ද කියලා. හිතේ සැකෙන් තව ටික දුරක් ගියා.
හිතුවා හරි. පිටිපස්සේ රෝදේ හුළං ටික ටික අඩු වෙනවා වගේ තේරුණා. දාස මාමා වාහනේ අයින් කරලා නැවැත්තුවා. බැලුවා. මළා පැච් එකක් තමයි.
මොර සූරන වැස්ස. ටයර් කඩයක් ගරාජ් එකක් පේන තෙක්මානෙක නෑ. ළඟපාතක එහෙම එකක් තියෙයි කියලා හිතන්නත් අමාරුයි. හන්දියක් පහු කරළත් සෑහෙන වෙලාවක් වෙනවා ඉස්සරහට හන්දියක් හම්බවෙන්නත් සෑහෙන දුරක් යන්න තියෙනවා. ලොකුම ප්‍රශ්නේ දාස මාමා ළඟ ජැක් එකක් නැති එකයි. ස්පෙයාර් වීල් එක තිබුණට දාගන්න විදියක් නෑ.
දාස මාමා වැස්සෙම වටපිට බැලුවා. ඒ හැටි ගෙවල් දොරවලුත් අවට නෑ. තියෙන ගෙවල් එක දෙකෙත් වාහනයක් නවත්තලා තියෙනවා පේන්නේ නෑ. වාහන නැති ගෙවල් වල ජැක් තියෙන්න විදියක් නැහැනේ. ළඟ තියෙන අතුරු පාරකින් ටිකක් උඩහට වෙන්න ලයිට් එකක් දාපු ගෙයක් තියෙනවා දාස මාමා හදිස්සියෙම දැක්කා. ඒ ගෙදරනම් වාහනේකුත් නවත්තලා තියෙනවා පේනවා. දාස මාමා හිතාගත්තා ඒ ගෙදරින් ජැක් එකක් ඉල්ලගන්න.
දැං ඒ ගෙදර පැත්තට ඇවිදං යන ගමන් දාස මාමා හිතනවා ගිහින් ජැක් එක ඉල්ලන හැටි……………
‘දැං මම ගිහින් දොරට තට්ටු කළාම එක සැරේම දොර අරින එකක් නෑ. මේ මහ රෑ මිනිස්සු එක සැරේම එළියට බහින්න බයයිනේ. ඇතුළෙ ඉඳළම අහයි “කව්ද?”
මම කියනවා “මම මේ කරදරේක වැටිච්ච කෙනෙක්. පොඩ්ඩක් දොර අරිනවද?”
පිරිමි කෙනෙක් හිටියොත් දොර අරියි. ඊට පස්සේ මං දිහා බලයි නිකං හොරෙක් දිහා බලනවා වගේ. ඊළඟට අහයි “මොකද?”
“මට ජැක් එක ටිකක් ඉල්ලගන්න පුළුවන්ද?” මම කියනවා. මිනිහා කොහොමත් මට එක පාරටම ඕක දෙන්නේ නෑ. “මෙහේ ජැක් එකක් නෑ” කියයි. එතකොට මම ටිකක් තදින් කතා කළානං හරි. “මහත්තයා එහෙම කියන්න එපා. අර පල්ලෙහා පේන්න තියෙන්නේ මගේ වෑන් එක. ටයර් එකක පැච් එකක්. ඒකයි ජැක් ඉල්ලගන්න ආවේ. නැතුව මම හොරෙක් මංකොල්ලකාරයෙක් නෙවෙයි. මං වැදගත් මිනිහෙක්”
සැරෙන් කතා කළාම මිනියටත් ටිකක් තද වෙන්න ඉඩ තියෙනවා. එහෙම උනොත් මිනිහා තව ටිකක මුරණ්ඩු වෙලා කියයි “ජැක් එකක් තිබ්බානං දෙනවා. මං ළඟ නෑ.”
එතකොට මං කියනවා “ඔයා කෙහොමද මහත්තයා ජැක් එකක් නෑ කියන්නේ. ගෙදර වාහනයක් තියෙනවනේ. නිකං බොරු කියන්න එපා. කරදරේ වැටිච්ච මිනිහෙකුට උදව්වක් කරන්න තරම්වත් මනුස්සකමක් නැද්ද?”
එතකොට මිනිහට තවත් තද වෙයි. මිනිහා කියයි “තමුසෙ මොකද මගේ ගේ ඉස්සරහට ඇවිත් මට බොරුකාරයා කියලා කෑ ගහන්නේ. තමුසේ ජැක් එක බලෙන් ගන්නද? මං ළඟ ජැක් එකක් තියෙනවා. මං ඒක තමුසෙට දෙන්නෑ ඕයි”
මට ඉතිං තද වෙන්නේ ඔය තමුසේ ඕයි භාසාවට තමයි’
මේ විදියට හිත හිත දාස මාමා අර ගේ ළඟටම ඇවිල්ලා. දන්නෙම නැතුව දොරටත් දෙපාරක් තට්ටු කරලා. දැං ගෙදර අයිතිකාර මනුස්සයා දොර අරිනවා.
දොර ඇරියා විතරයි දාස මාමා කන්ඩ වගේ මිනිහා දිහා ටිකක් වෙලා බලං හිටියා. ඇදලා ගත්තා මිනිහගේ කොළර් එකෙන්.
“මට තෝත් එපා. තොගේ ජැක් එකත් එපා යකෝ” කියලා මූණටත් එකක් ඇනලා හැරිලා ආවා.