1818දී_සිදුවූයේ_කැරැල්ලක්ද_නොඑසේනම්_නිදහස්
1818 දී සිදුවූයේ කැරැල්ලක්ද නොඑසේනම් නිදහස් අරගලයක්ද?
“ඉංගී්රසි අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් වැදුණු 1818 නිදහස් අරගලයයේ විරුවන් රාජද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ බ්රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට් පත්‍රය අහෝසි කිරීමට සහ එම විරුවන්ගෙන් කොල්ලකාගත් ඉඩ කඩම් ඇතුළු දේපොළ ඔවුන්ගේ දූ-දරුවන් වෙත ලබා දීමටත්, 1818 අරගලයේ විරුවන්ව ජාතික විරුවන් ලෙස නම් කිරීමටත්, එම සන්නස් පත්‍ර ප්‍රදානයන් එළඹෙන මැයි 22 ජාතික වීර දිනයේදී සිදු කිරීමටත් සම්බන්ධ ඓතිහාසික තීන්දුවක් රජය විසින් ගෙන තිබේ” යන පුවත නෙත ගැටීමෙන් මේ සටහන ලියන්නට සිතුණි. දේශපාලන ප්රතිලාභ ලැබීමේ වේවා වෙනයම් හෝ වේවා එවැනි තීන්දුවක් “ක්‍රියාත්මක කිරීමේ අරමුණින්” ම ගෙන තිබේනම් රජයට අපගේ ප්‍රශංසාව හිමි විය යුතුය. එමෙන්ම එකී දේපළ නියම හිමිකරුවන්ටම ලබා දෙනවාදැයි නිරීක්ෂණය කරමින් සියල්ලන්ම ඇස් ඇරගෙන සිටිය යුතු අතර නො එසේනම් ඒවා දේශීය බ්‍රවුන්රිග්ලා විසින් නැවතත් කොල්ල කනු ඇත.
දැන් අපි නැවතත් අපේ මාතෘකාව දෙසට හැරෙමු. මෙහිදී අපිට ප්රශ්නය වන්නේ මේ පුවත වාර්තා කල සෑම වෙබ් අඩවියකම “1818 කැරැල්ල” යනුවෙන් වාර්තා කර තිබීමය. එමෙන්ම මට මතක විදියට ඉතිහාසය උගන්වන පාසල් පොත් වල පවා “1818 කැරැල්ල” යනුවෙන් සඳහන් වේ. විකීපීඩියා වල දක්වා ඇත්තේද ඌව කැරැල්ල හෙවත් “Uwa rebellion” ලෙසිනි. ඇත්තෙන්ම 1818 දී සිදු වූයේ කැරැල්ලක්ද?
කැරැල්ල හෙවත් “rebellion” යන්න විකීපීඩියා හි මෙසේ දැක්වේ. “කැරැල්ලක් යනු රාජ්‍ය ආඥාවට අවනත වීම පතික්ෂේප කිරීමයි. ඒ අනුව එය දැකිය හැක්කේ රජයක් වැනි පිහිටුවා ගන්නා ලද බලාධිකාරයක් විනාශ කිරීම සඳහා, සාමාන්‍ය ජනතාවගේ නීතිය නොපිළිපැදීම සහ සාහසික නොවන ප්රතිවිරෝධතා වල සිට සාහසිකත්වය දක්වා යනාදී හැසිරීම් වලින් අනුයුක්ත වන ලද සංවිධානාත්මක උත්සාහයකි.”
ඉතින් “කැරැල්ල” යන්නට ඇති එම නිර්වචනය සහ ලොව පිළිගත් අනෙකුත් නිර්වචන ඇතුළු සිංහල නිර්වචනද සලකා බැලීමේදී බ්‍රිතාන්‍යයින් විසින් ඌව නිදහස් අරගලයට සම්බන්ධ වූ විරුවන්ව කැරලිකරුවන් ලෙස හැඳින්වීමත් එම සිදුවීම කැරැල්ලක් බවට ප්‍රකාශ කිරීමත් බ්‍රිතාන්‍යයින්ගේ දෘශ්ථි කෝණයෙන් වරදක් නොවේ. මන්ද යත් ඔවුන් එදා තිබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී “ceylon” කොලනිය රජයක් ලෙස පිළිගැනීමත් එයට විරුද්ධ වීම නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකීමත්ය. නමුත් ප්රශ්නය වන්නේ එම 1818 සිදුවීම කැරැල්ලක් ලෙස පවසනවානම් අපිද බ්‍රිතාන්‍ය කොලනිය නීත්‍යානුකූල රජයක් ලෙස සැලකුවා වීමයි. නමුත් උඩරට ගිවිසුම ලිවීමේ සිටම වංචාව කළා වූ සහ එකී ගිවිසුම අමු අමුවේම උල්ලංඝනය කළා වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයින්ව රජයක් ලෙස පිළිගැනීමට නොහැකිය. ඇත්තටම ඔවුන් රජයක් නොව ආක්රමණිකයින්ය.
පාලකයින්ට විරුද්ධව කටයුතු කරන අයට කැරලිකරුවන් ලෙස පවසන්නේ පාලකයින්ට පක්ෂපාතී අය බවත් අනෙක් අතට පාලකයින්ට විරුද්ධව කටයුතු කරන අයට “අරගල කරුවන්” ලෙස පවසන්නේ එම විරුද්ධව එන බලවේගයන්ට පක්ෂපාතී අය බවත් දැන් පහැදිලිය. ඉතින් කිසිවෙක් 1818 විරුවන්ව කැරලිකරුවන් ලෙස හඳුන්වයි නම් එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පක්ෂපාතීව දක්වන ප්‍රකාශයකි. නමුත් අපි බ්‍රිතාන්‍ය පාලකයාට විරුද්ධ බැවිනුත් 1818 විරුවන්ට පක්ෂ බැවිනුත් අපි ඔවුන්ව හැඳින්විය යුත්තේ “අරගල කරුවන්” ලෙසිනි.
ඒ අනුව ඔබ සිත් ගත් උදාහරණ දෙකක් දක්වන්නම්. වික්‍රමබාහු කරුණාරත්න වැනි INGO කරුවන් සහ ජඩමාධ්‍යවේදීන් කොටි ත්රස්තවාදීන්වද “අරගල කරුවන්” ලෙස හඳුන්වා දුන් බව ඔබට මතක ඇති යැයි සිතමි. වික්‍රමබාහු මහතා විදේශයන්ගේ පැවැත්වුනු කොටි ත්රස්තවාදීන්ගේ රැලි වල වාඩි වීමෙන්ම ඔහු එය ක්‍රියාවෙන්ද ඔප්පු කළේය. අනෙක් අතට ජවිපේ කිසි දිනෙක 1971 සහ 1987/88 දී ඔවුන් වෙනුවෙන් මිය ගිය අයට කැරලි කරුවන් ලෙස හඳුන්වන්නේ නැත, ජවිපෙට අනුව ඔවුන් “අරගල කරුවන්ය”. මන්ද යත් ජවිපේ තාමත් ඒ අයට පක්ෂ බැවිනි!!!.
නමුත් නූතන ඉතිහාසය ලිව්වේ බටහිර ගැති අධ්‍යාපනය ලබූ කළු සුද්දන් විසින් වීමත්, ඔවුන් සුද්දා ගේ දෘශ්ඨි කෝණයෙන් සිතීමත්, අපේ සිංහල බහුතරයද අර බටහිර ගැති කළු සුද්දන්ගේ මතවාදයන් ප්‍රශ්න නොකරම බාර ගැනීමත් නිසා බොහෝ තැන් හි අපි අපිටම අපහාස කරගෙන ඇත. මෙන්න උදාහරණ කීපයක්; සිංහල යන්න ඉංග්‍රීසියෙන්ද “Sinhala” විය යුතු නමුත් සමහරක් සිංහලයින් විසින්ම “Sinhalese” ලෙස දැක්වීම, ශ්‍රී පාද අඩවියට ආදම්ගේ කිසිදු සම්බන්ධයන් නැති බව පිළිගන්නා සමහරක් බෞද්ධයින් එය “Adams’s peak” ලෙස හැඳින්වීම, අලි ඇතුන් දහස් ගණනක් මරා දමන ලද මස් වැද්දෙක් වන හොර්ටන් ගේ නමින්ම තවමත් “මහ එළිය” හැඳින්වීම, කොළඹ ඇති පාරවල් සහ මංසන්ධි තවමත් ආක්රමණිකයන්ගේ නම් වලින් හැඳින්වීම, ඉංග්‍රීසි භාෂාවේ දුර්වලත්වය නිසාම උච්චාරණය අපහසු වූ නිසා සිංහල නම් වන “කන්ද”, “ත්රිකුණාමළය” යනදී නගර වල නම් සුද්දා විසින් “Kandy”, “Trincomalee”යනාදී ලෙස හැඳින්වීමත්, සුද්දා ආපසු ගියද තාමත් එම නම් වලින්ම හැඳින්වීම … අපි පවසන්නේ සුද්දන්ගෙන් ලැබුණු සියලුම දේවල් අතහැර නැවතත් රජ කාලයට යන ලෙස නොවේ. නමුත් මතක තබා ගත යුතු දේනම් සුද්දාගෙන් වුන යහපතට වඩා අයහපත වැඩි බවය. එනිසා ඔවුන්ගෙන් අපිට ලැබුණු යහපත් සහ ප්‍රයෝජනවත් දේවල් තබාගෙන අයහපත් සහ කිසිදු වැදගැම්මකට නැති දේවල් ඉවත් කළ යුතුය.
ඉතින්, ලොව කිසිදු රටක ජාතික වීරයින්ව, වීරයින් ලෙසම සලකන අය විසින් කැරලිකරුවන් ලෙස හංවඩු ගැසීමේ සම්ප්රදායක් නැත. එනිසා අපි අපගේ ජාතික වීරයින්ට නිසි ගෞරවය ලබා දෙමු. 1818 දී සිදු වූයේ කැරැල්ලක් නොව නිදහස් අරගලයකි.

Last edited: