18L හයිබ‍්‍රිඩ් ජාවාරම අත්හිටුවයි.. නැවතත් 12.5Kg පමණක් වෙලදපලට

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    18L හයිබ‍්‍රිඩ් ජාවාරම අත්හිටුවයි.. නැවතත් 12.5Kg පමණක් වෙලදපලට…

    July 26, 2021 at 6:48 pm | lanka C news
    18L හයිබ‍්‍රිඩ් ජාවාරම අත්හිටුවයි.. නැවතත් 12.5Kg පමණක් වෙලදපලට…

    ජනතාව අතරම මතභේදාත්මක තත්ත්වයක් ඇති කර තිබූ ලිටර 18 නව ගෑස් නිෂ්පාදනය අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

    එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කරන්නේ ඉදිරියේ දී තම සමාගම් විසින් බෙදාහරිනු ලබන්නේ කිලෝ ග‍්‍රෑම් 12.5 වශයෙන් සදහන් සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර බවයි.

    ලීටර 18 සිලින්ඩරය නිෂ්පාදනය අත්හිටුවන ලෙස සභාපතිවරයා විසින් පසුගිය බ්‍රහස්පතින්දා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත උපදෙස් ලබාදී තිබේ.

    දැනට වෙළඳපොලේ ඇති එම ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150 මිල අලෙවි කිරීමේ ගැසට් කර ඇති අතර ඒ අනුව එම සිලින්ඩර අවසන් වූ පසු නැවතත් සුපුරුදු ලෙස 12.5 සිලින්ඩර පමණක් වෙළඳපොළට නිකුත් කරන බව ද ඔහු පැවසීය.

    පසුගිය සතියේ ගෑස් හිටියත් වෙළඳපොල තුළ නිර්මාණය වූයේ ගෑස් මිල අඩු වීමක් සම්බන්ධයෙන් අලෙවි නියෝජිතයනට ආරංචි වීම නිසා ඔවුන් සිලින්ඩර මිලදී ගැනීමට නැවැත්වූ නිසා බවද ඔහු තවදුරටත් සඳහන් කෙළේය.

    :lol::lol::lol::lol:



    tenor.gif
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Respot Sar.... Gu An Pi gobba anduwa patang gaththu jawarama nawaththala janathawa(69 lakhs meeharak ) ta sahana dunnata
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුං රටේ ප්‍රශ්න යට ගහන්න ඕනකමින්ම ඵක ඵක නිව්ස් මවනවා මටනම් හිතෙන්නෙ..

    ehema kiyanna epa... prashnayak nathuwa prashnayak wisandana hati igena ganin... e wagema pohuttata chande denta amathaka karanna epaa..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුං රටේ ප්‍රශ්න යට ගහන්න ඕනකමින්ම ඵක ඵක නිව්ස් මවනවා මටනම් හිතෙන්නෙ..
    මේ කොවිඩ් දවස්වල නන්දෙට කරන්න දෙයක් නැතිනිසා ප්‍රශ්න මවල ඒව විසඳනව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    රැකියා ඇබෑර්තු,

    පින්තාරු කරුවන් සහ අකුරු අඳින්නන් සඳහා ඇබෑර්තු ඇත.
    නුපුහුණු සේවකයින් සඳහා සතියක පුහුණු කාලයකින් පසුව රැකියාවට බඳවා ගැනේ.

    අධ්‍යාපන සුදුසුකම්,
    * 12.5, 8 ඉලක්කම් ලිවීමේ හැකියාව
    * L, K,g ඉංග්‍රීසි අකුරු ලිවීමේ හැකියාව

    සිත්ගන්නාසුළු වැටුප් සමග අමතර දීමනා රැසක්.

    ඔබත් අදම නිල් ගෑස් පුරවැසියෙකු ලෙසින් අප හා අත්වැල් බැඳගන්න....
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රැකියා ඇබෑර්තු,

    පින්තාරු කරුවන් සහ අකුරු අඳින්නන් සඳහා ඇබෑර්තු ඇත.
    නුපුහුණු සේවකයින් සඳහා සතියක පුහුණු කාලයකින් පසුව රැකියාවට බඳවා ගැනේ.

    අධ්‍යාපන සුදුසුකම්,
    * 12.5, 8 ඉලක්කම් ලිවීමේ හැකියාව
    * L, K,g ඉංග්‍රීසි අකුරු ලිවීමේ හැකියාව

    සිත්ගන්නාසුළු වැටුප් සමග අමතර දීමනා රැසක්.

    ඔබත් අදම නිල් ගෑස් පුරවැසියෙකු ලෙසින් අප හා අත්වැල් බැඳගන්න....


    Monawada me rattu hinassana wada.... owa atha arala pohutta wata ekathu wenata.......