19වන_ව්‍යවස්ථා_සංශෝධනයේ_වැදගත්_කරුණු_සරලව

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    19වන_ව්‍යවස්ථා_සංශෝධනයේ_වැදගත්_කරුණු_සරලව

    මේවනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 19වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබද ඉතා පුලුල් කතිකාවක් ආරම්භ වී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වන්නේ විධායක ජානාධිපති ක්‍රමයේ බලතල කප්පදු කර පාර්ලිමේන්තුවට බලය පැවැරීමට පොරොන්දු වෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම සංශෝධනයේ වැදගත් කරුණු සරලව මෙසෙ ඉදිරිපත් කරමු.

    14.1 වගන්තිය: රටවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම

    14.2 වගන්තිය: ජාතික ආරක්ෂාව හා භෞමික අඛන්ඩතාවය තහවුරු කිරීම

    30. (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය

    30. (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය. (මීට පෙර පැවැතියේ සය අවුරුදු ධූරකාලයකි)

    31. (2) ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේය. (18වන සංශෝධනයේදී කැමැති වාර ගණනකට ඉදිරිපත් විය හැක.)

    33. (1) ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය විය යුත්තේ ය.

    33. (2) (ආ) ආගමික හා ජනවාර්ගික සහජීවනය සුරක්ෂිත කිරීම, තහවුරු කිරීම හා පහසු කරලීම

    33. (3) (උ) යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරිමට බලය ඇත්තේය.

    ව්‍යවස්ථාවේ 35වන කොටසින් ජනාධිපතිවරයාගේ මුක්තිය යම්තරමකට සීමා කර ඇත. එ අනුව ජානාධිපතිවරයා නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තකුට අයිතියක් ඇත.



    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

    41අ. (1) පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත වන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිය යුත්තේ ය :-
    (අ) අග්‍රාමාත්‍යවරයා
    (ආ) කථානායකවරයා
    (ඇ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා
    (ඈ) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් තැනැත්තෙක්
    (ඉ) අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ ම නාම
    යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් පස් දෙනෙක්
    (ඊ) අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයේ එකගත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් තැනැත්තෙක්.

    41. (2) කථානායකවරයා සභාවේ සභාපතිවරයා

    41. (6) මේ ව්‍යවස්ථාවේ කරන ලද නාම යෝජනා නිශ්චිතව දක්වමින් ලිඛිත දැනුම්දීමක් ජනාධිපතිවරයාවෙත ලැබී දින දහහතරක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ඒ අවශ්‍ය පත්කිරිම් කරනු ලැබිය යුත්තේ ය. එකී දින දහහතරක කාල පරිච්ඡේදය ඇතුළත අවශ්‍යපත්කිරීම් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත්වන විටෙක, නාම යෝජිත තැනැත්තන්, එකී කාල පරිච්ඡේදය අවසන් වූ දින සිට බලපවත්වන පරිදි සභාවේ සාමාජිකයන් ලෙස පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේය.

    41ආ. (1) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තන් පත්කිරීම සභාවේ නිර්දේශය මත හැර, නොකරනු ලැබිය යුත්තේ ය.

    ජනාධිපතිවරයාගේ බලතල සීමාවෙන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත්කරනු ලබන කොමිෂන් සභා:

    (අ) මැතිවරණ කොමිෂන් සභාව
    (ආ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව
    (ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාව
    (ඈ) විගණන සේවා කොමිෂන් සභාව
    (ඉ) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
    (ඊ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
    (උ) මුදල් කොමිෂන් සභාව
    (ඌ) සීමා නිර්ණය කොමිෂන් සභාව
    (එ) ජාතික ප්‍රතිසම්පාදන කොමිෂන් සභාව
    (ඒ )විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    (ඔ) රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

    41ඇ. (1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේය.

    41. (ඈ ) (4) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් පත් කිරීම හා සම්බන්ධ කර්තව්‍ය ඉටු කිරීමේ දී, සභාව විසින් අග්‍ර විනිශ්චයකාරවරයාගේ, අධිකරණ විෂයය භාර අමාත්‍යවරයාගේ, නීතිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස් ලබාගත යුත්තේ ය.

    විධායකය

    42. (3) අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා වන්නේ ය.

    42. (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.

    43. (1) අග්‍රාමාත්‍යවරයා විසින්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍යංශ සහ එකී අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය
    කරනු ලැබිය යුත්තේ ය.

    43. (2) ජනාධිපතිවරයා, එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.

    43. (3) අග්‍රාමාත්‍යවරයා විසින් කවර වේලාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරිම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛන්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගක ීමේ අඛන්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.

    44. (1) ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයන් අතුරෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.

    44. (2) මේ ව්‍යවස්ථාවේ (1- වන අනුව්‍යවස්ථාව යටතේ පත්කරනු ලබන අමාත්‍යවරයන්ට පැවරිය යුතු විෂය සහ කාර්ය ද එකී අමාත්‍යවරයන්ට යම් අමාත්‍යංශ භාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යාංශ ද අග්‍රාමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය
    යුත්තේ ය.

    44. (3) අග්‍රාමාත්‍යවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව යටතේ කරන යම් භාර කිරීමක් කවර වූ හෝ විටක වෙනස් කරනු ලැබිය හැක්කේ ය.

    44. (4) (1) වන අනුව්‍යවස්ථාව යටතේ පත්කරනු ලබන සෑම අමාත්‍යවරයෙක්ම අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින්නේ ය.

    45. (1) ජනාධිපතිවරයා විසින්, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ටඔවුන්ගේ කාර්ය ඉටු කිරීමේහි ලා සහාය වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කරනු ලැබිය හැක්කේ ය.

    46. (1) (අ) අමාත්‍ය මණ්ඩලයේ මුලූ අමාත්‍යවරයන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතුය
    46. (1) (ආ) අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතලිහ නොඉක්මවිය යුතු ය.

    61ඉ. (1) ජනාධිපතිවරයා විසින් (අ) යුද හමුදාපතිවරයා, නාවුක හමුදාපතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා පත්කිරීම ද
    (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය ඇතිව නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා
    පත් කිරීම ද කළ යුත්තේ ය.

    78. (1) සෑම පනත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරිමට යටත් පිරිසෙයින් දවස් දහහතරකට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුත්තේ ය.

    104 වන වගන්තිය: මැතිවරණ අවස්ථාවකදී රාජ්‍ය දේපල දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලඥයකු වෙනුවෙන් භාවිතා කිරීම තහනම් කිරීමට මැතිවරණ කොමිසමට බලය පවරා ඇත. තවද මැතිවරණ සමයේදී රටේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය අපක්ෂපාතීව හැසිරවීමට අවශයය නිර්නායක නිකුත් කරමින් පාලනය කිරීමට මැතිවරණ කොමොසමට බලය ඇත.

    මැතිවරණ සමයේදී මැතිවරණ කොමිසම් සභාවෙන් නිකුත් කරන උපදෙස්, නිති රීති සහ අවවාද කිරීම පිලිනොපදින රාජ්‍ය සේවකයන්ට එක් ලක්ෂයකට නොඅඩු දඩයකට හෝ අවුරුදු 3නකට නොඅඩු බන්ධනාගාරගත කිරීමකට යටත්වේ.

    153ඇ (1) ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය කිරීම් සහ සේවයෙන් පහකිරිම් විගනණ සේවා කොමිෂන් සභාවට පැවරෙන්නේ ය.

    155උ. (1) (අ) පොලිස්පතිවරයා හැර, පොලිස් නිලධරයන් පත් කිරිමේ, උසස් කිරීමේ, මාරු කිරීමේ, ඔවුන් විෂයෙහි විනය පාලනය පවත්වාගෙන යාමේ සහ ඔවුන් සේවයෙන් පහ කිරීමේ බලය පොලිස් කොමිෂන් සභාව වෙත පැවරිය යුත්තේ ය. උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම් පිළිබඳ කොමිෂන් සභාවේ බලතල පොලිස්පතිවරයා විමසා කොම්ෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේ ය.


     
    • Like
    Reactions: shan4djfun