19 වෙනිද පාරවල් හරස් කිරීම...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඊයෙ (අප්‍රේල් 19) හදිසියෙම රට පුරා තැනින් තැන ප්‍රධාන මාර්ග අවහිර කරල බස්, ලොරි නවත්තල ප්‍රචණ්ඩකාරී විදියට හැසිරුනේ සල්ලි වලට නැත්තන් අරක්කු බාගෙට චන්ද පෙළපාලි යන සෙට් එකක් කියලයි මට හිතෙන්නේ...
    මම වැඩ ඇරිල එද්දි මාතර තැන් දෙකකදි පාර බ්ලොක් කරල.. එතන හිටියෙ අරක්කු බීල සද්දෙ දාගෙන හිටපු මදාවි සෙට් එකක්.. උන් ගොඩක් දෙනෙක් මේ පැතිවල දැකල පුරුදු අය නෙමෙයි...
    ගෙදර ආවම යාළුවෙක් කෝල් කළා ඌට මල පැනල.. වයිෆ් ප්‍රෙග්නන්ට්.. ඉතින් ඒ දෙන්නටවත් යන්න දීල නෑ :baffled:
    දැන් පැහැදිලිද සිද්ධිය?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ගමේ අය එකතු වෙලා නෙළුවේ නැත්තේ ඇයි එහෙනම්? දැකලත් නැත්නම් ඉතින් ලොකුවට රගන්න එන්නේ නැහැ නේද පිට පළාත් වල?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ගමේ අය එකතු වෙලා නෙළුවේ නැත්තේ ඇයි එහෙනම්? දැකලත් නැත්නම් ඉතින් ලොකුවට රගන්න එන්නේ නැහැ නේද පිට පළාත් වල?
    මේ ටවුන්වල මිනිස්සු දැන් එහෙම හැමෝම අදුනන්නෙත් නැහැ.. ඔය වැඩේ කරපු සෙට් එකනම් මැරයො වගේ හැසිරුනේ..
    අපිත් ගියේ නැවතිල වැඩේට සපෝට් එකක් දෙන්න බලාගෙන.. ඒත් උන් හැමෝටම බැනල එලෙව්ව
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    162
    327
    63
    පාරවල් බ්ලොක් කරලා මිනිස්සුන්ට අරගලය එපා කරවන්න ආණ්ඩුවෙන්ම දාපු හැත්තක් ඔය...
     
    • Like
    Reactions: sanhen143