1915 ලංකාවේ යුධ නීතිය
මේ වර්ෂ එක්දහස් නවසිය පහලොවයි. ඒ වන විට ලංකාව ඉංග්‍රීසින්ට යටත්ව වසර සීයයක් ගතවී තිබුණි. වෙසක් සමයේ මහනුවර දී බෞද්ධයන් සංවිධානය කරන ලද පෙරහැරකට මුස්ලිම් පිරිසක් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරන ලදි. පසුව සිංහලයෝ පිරිසක්ද මුස්ලිම් කඩ කිහිපයක් ගිනි තබා එයට ප්‍රතිචාර දැක්වුහ. ඉන් ඇරඹි සිංහල මුස්ලිම් කෝලාහාලය රට පුරා ලැව් ගින්නක් සේ පැතිරිනි. පාලක ඉංග්‍රීසි ආණ්ඩුව මුල් අවස්ථාවේදීම කෝලාහාලය සංසිඳවීමට තිබු අවස්ථාව උවමනාවෙන්ම මඟහැරිම නිසා කලබල රටපුරා පැතුරුණ අතර, ඒ සංසිඳවීමට ඉංග්‍රීසි ආණ්ඩුව යුද්ධ නීතිය පනවන ලදී
යුද්ධ නීතිය පැනවීමත් සමඟ සාමාන්‍ය ජන ජිවිතය අවුල්විනි. ලංකාවේ පළමුවතාවට පැනවු යුද්ධ නීතිය සිවිල් ජනතාව පීඩාවට පත් වු අතර, එමගින් සිදුවුයේ ව්‍යවසනයන් අධික විය. ඉංග්‍රීසි ආණ්ඩුවේද දඩබ්බර ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් වුයේ වැරැද්ද නිවැරැද්ද නොබලා මිනිසුන් ඝාතනය විමෙනි. රටපුරා එකවර ඇතිවු කෝලාහලය මැඩපැවැත්වීමට අවශ්‍ය පිරිස් මදබව නිසා ආණ්ඩුව විසින් වතුකාර සුද්දන්ට පොලිස් බලතල පවරන ලදි. එහිදි ඔවුන් ක්‍රියාකලේ සිත්පිත් නැතිවුවන් සේය. ඔවුන් දඩබල්ලන් සේ තමන්ට විරුද්ධ බලවේග දඩයම් කරන ලදි.
විශේෂයෙන්ම අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ සිංහල නායකයින් රැසක් අත්අඩංගුවට ගැනීම හෝ මරණයට පත් කෙරෙනි. ජනතාවට යුද්ධ නීතියට එරෙහිවීම තබා ඒ පිළිබඳව කතා කිරිමද නියත වශයෙන්ම මරණය ලඟා කරගැනිමක් විණි. සිවිල් ජනතාව මෙසේ ඝාතනය වීමත් සමඟ රටේ තත්වය බරපතල පිරිහිමකට ලක්විණ. එහි ප්‍රතිඵලයක් ලෙස බි්රතාන්ය විසින් රොබට් චාර්මර්ස් ආණ්ඩුකාරවරයා මාරුකර යැවිනි. බි්රතාන්ය රජය එසේ තීරණය ගනිද්දි කන්ද උඩරටින් ඇරඹි කෝලාහලය කෑගල්ල ඔස්සේ කොළඹටත්, කැළණි මිටියාවත ඔස්සේරුවන්වැල්ල, අවිස්සාවේල්ල, හංවැල්ල, දැරණිගල හරහා රත්නපුරටත් බිහිසුනු තත්වයක් උදාකිරිමට සමත්විය. ඒ අතර පැතිරුණු කටකථා නිසා තත්වය තවත් දරුනු විය. කටකථා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් විය.
ඉංග්‍රීසි, පංජාබ් සහ ජා සොල්දාදුවෝ සිය ගණනක් සිංහල ජනයා වෙඩි තබා මරා දැමුහ. යුද්ධාධිකරණයේ නඩු අසා කැලනිමිටියාවතේ පමණක් හැටතුන්දෙනෙකු මරා දැමු බව වාර්තා වී ඇත. යුද්ධාධිකරණයේ නඩු තීන්දුවෙන් විලියම් පේදිස් වීරයා වෙඩිකා මිය ගියේය. අවිනීතිය රජ වීමට කාලයක් ස්ථානයක් හෝ පුද්ගලෙක් නිශ්චිත නැත.
උපුටා ගැනිම
පුර්විකා සටහන කඩදොර
කුමක් හෝ හේතුවක් නිසා ජනතාවගේ අවධානය දිනා නොගත් මෑත අතිතයේ නිර්මාණය වු කඩදොර නැමති විශිෂ්ඨ මට්ටමේ ටෙලි නාටකයේ පුර්විකා සටහනයි මේ
යුධ නීතියේ අඳුරු හෙවනැල්ල යට සිදුවු බියකරු කතන්දරය අපුර්ව ආකාරයට රූප මාධ්‍යයට ගෙන ආ මෙවැනි නිර්මාණයක් නිසි ඇගැයිමකට ලක් නොවිම කණගාටුවට කරුණකි.
මේ නාට්‍යය Youtube තියෙනවා , කොටස් 25 තියෙන්නේ බලපු නැති අය ඉන්නවා නම් බලන්න අපුරු නාට්‍යයක්

රටක පාලනයේ විශිෂ්ඨතාවය මිනිය හැක්කේ රට සාමයෙන් පවතින අවස්ථාවක නොව අර්බුදයක් මතුවු අවස්ථාවකදිය. ඉංග්‍රීසි පාලකයන්ගේ අඳුරදර්ශි ක්‍රියාකලාපය නිසා ජාතීන් දෙක අතර අසමගිය අවිශ්වාසය ගින්නක් සේ බුර බුරා නැගිනි.
උපුටා ගැනිම
පුර්විකා සටහන කඩදොර
කුමක් හෝ හේතුවක් නිසා ජනතාවගේ අවධානය දිනා නොගත් මෑත අතිතයේ නිර්මාණය වු කඩදොර නැමති විශිෂ්ඨ මට්ටමේ ටෙලි නාටකයේ පුර්විකා සටහනයි මේ
යුධ නීතියේ අඳුරු හෙවනැල්ල යට සිදුවු බියකරු කතන්දරය අපුර්ව ආකාරයට රූප මාධ්‍යයට ගෙන ආ මෙවැනි නිර්මාණයක් නිසි ඇගැයිමකට ලක් නොවිම කණගාටුවට කරුණකි.
මේ නාට්‍යය Youtube තියෙනවා , කොටස් 25 තියෙන්නේ බලපු නැති අය ඉන්නවා නම් බලන්න අපුරු නාට්‍යයක්

මෙහිදී සින්හලයන් අතින් සිදුවූ ලොකුම වරදනම් ; මින් ඉහත ඇතිවූ නිදහස් සටන් වලදීමෙන් ඔඋන් එක නායකයකු වටා ඒකරාශි නොවී අසන්විදානත්මකව හුදකලා සටන් වලට යොමුවීමයි... 