1988-89 කලබල කාලේ පින්තුර..

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    ඒ කාලෙ මිනිස්සු ගෙවල් වල හදපු බල්ලන්ව ලෙහල අරින්නෙ නෑලු. ගියොත් ගෙදර එන්නෙ මිනී කෑල්ලක් කටෙන් එල්ලගෙනලු. තව ඔය සමහරක් මිනී අයින් කලේවත් නැහැලු කවුරුත්. සත්තු කාලම ඉවර වෙනකල් ඉන්නවලු. බෙලි කපල වැට ඉනි වල කම්බි කණු වල ගහල තියෙනවලු පාර අයිනෙ. ඒ කාලෙ ගොඩක් දුරට ඕව සාමාන්‍යයි. පාරෙ අයිනෙ මිනී මරල දාල තියෙද්දි මිනිස්සු ඔහෙ ගමන් බිමන් යනවා. ඕව කරපු උන් දැන් සිල් අරගෙන වගේ කතා කරනව. ඕවට සම්බන්ධ ඕවා කරවපු උන් තාම පාර්ලිමේන්තුවෙත් ඇති.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    89 මන් මොන්ටිසෝරි යනව මන් ඇස් දෙකෙන් දැකල තියෙනව ටයර් සෑය වල්. නහයට දැනිල තියෙනව මිනී පිච්චෙන ගද. ජේ.වී.පී එකෙන් මරපුව දැකල තියෙනව. ඒ කාලෙ රෑට ලයිට් දාන්න බෑ. කඩ අරින්න පුලුවන් උන්ට ඕන වෙලාවට. රෑට ගස් කපල දානව පාරට.

    ආණ්ඩු බලය ගන්න තරුණ නැගිටීමක් උනොත් අනිවාර්යෙන්ම ආණ්ඩුව මිලිටරි බලය පාවිච් කරනව. මිනිහෙක්ට තියෙන වටිනාම දේ තමයි තමන්ගෙ ජීවිතය. මම මේ එලකිරි එකෙත් හැම තිස්සෙම සාමකාමී වෙන්න කියල තරුණ කොල්ලන්ට කියන්නෙ ඒකයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    batalanda ranil marapuwa photo eliyata awanam ubala hithai mewa monawada kiyala.

    ranil maruwe dawas, sathi, masa ganan wada dila
    මේ ඔක්කොම ආමි එකෙන් පොලිසියෙන් පැරාමිලිටරි කණ්ඩායම් වලින් සහ ජේවීපී එකෙන් මරපුවා. වධ කඳවුරු වල වෙච්ච දේවල් වල ෆොටෝ නෑ. මේව පාරෙ මරල දාල ගිය නිසා ෆොටෝ වදින්න ඇති. ඔය කුරුඳුවත්ත පැත්තෙද කොහෙද හොටෙල් එකක තිබ්බලු තව වධ කඳවුරක්. යටාරෝ කැෆටේරියා නම. ඒකෙත් එහෙමයි. අපේ ගෙවල් ගාව තිබ්බා කැලේට යට වෙච්ච බිල්ඩින් එකක්. ඒකෙ බිත්තියක අඩි 5ක් වගේ උසින් තිබ්බා බුලට් හෝල්. ඔලුවට වෙඩි තියපුවා වෙන්න ඇති. එකක් දෙකක් නෙමෙයි තිහ හතලිහක්. 2007 වගේ කාලෙත් තිබ්බා. පස්සෙ ඒ බිල්ඩිම කැඩුවා.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බය වපුරා, රනිල් ගෝටා පාදඩ කල්ලියට බලය රැක ගැනීමට සහ මිනිසුන්ට අර්බුදය සාමාන්‍යකරනය කිරීමට දරන උත්සාහයක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ පින්තුර වල ඉන්නව ඔය හැම පක්ෂ වලම උන් හොදට බලපන්... 8000ට පුක දෙන්න ඕනේ නැ මම හොදට හම්බ කරනවා..

    ekane baluwe uba leak share karalama hamba karala athi bara ganak, lol :lol::lol:
     
    • Haha
    Reactions: DHE and Kalegana

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හැමෝම කෙට්ටු ඇයි බන්
    මහතා එකෙක් දැක්කෙම නෑ
    සිරිමාගේ කාලේ ඉදන් හෙම්බත් වෙච්ච උන්නේ බන්... හරි හමන් කෑමක් නෑ.... ගෙදර 4 හිටියොත් ලු නේ පාන් ගෙඩියක් දීලා තියෙන්නේ... ඒ කියන්නේ කාලක් වගේනේ .... ඉතින් ඇටිගැහුණු උන් තමයි...
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    මතක තියාගනිල්ලා 87-89 දී:

    මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී
    රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී

    උන් ඔය ඔක්කොම දැකලා තියෙන්නේ, මේක තමයි උන්ගේ මිම්ම. උන්ට ඕන උනොත් ආපහු මෙතෙන්ට එන්න පුලුවන්. මොකද උන් ඉන්නේ මේ මානසිකත්වයේ.

    ලංකාවේ මේ ඉතිහිහාසය තරුණ පරපුරෙන් හංගලා තියෙන්නේ. 1948න් පස්සේ අගමැති ජනපති ලිස්ට් එක විතරයි උගන්නන්නේ. ඊට කලින් ධාතුසේන හදපු වැවේ මිමි හිටන් විභාගේට අහනවා.

    ප්‍රේමදාසලා, ජේ. ආර්. ලා, සිරිමාවෝ ලා තනි අලුගෝසු හැතිකරේ. ඕකුන්ව ජාතික වීරයෝ කරලා පිළිම හදන රටක් මේක.