1993 වර්ෂයේ දී අන්තර්ජාලය ශ්‍රී ලංකාවට ගෙනාවේ මම - RW

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල පසුගිය 28 වනදා නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    පසුගිය යුධ සමයේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා 2001 වසරේ තමා අග්‍රාමාත්‍යවරයාව කටයුතු කරන සමයේ ජෝර්ජ් බුෂ් මහතාගේ නායකත්වයෙන් එක්සත් ජනපදය ලබා දුන් සහාය ද කෘතවේදීව සිහිපත් කළේය.

    2004 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට යළි නැගී සිටීමට බිල් ක්ලීන්ටන් මහතා ප්‍රමුඛ රජය ලබාදුන් සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ ජෝ බයිඩ්න් මහතාගේ මැදිහත්වීමෙන් මෙරටට හිමි වූ සහාය නොවන්නට මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇති බව ද පැවසීය.

    වසර 74ක එක්සත් ජනපද – ශ්‍රී ලංකා මිත්‍රත්වය, හවුල්කාරිත්වය සහ ද්වීපාර්ශවීය සබඳතා තවදුරටත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වන මුදල් නීතිය සකස් කිරීම සඳහා සහ මහ බැංකුව ස්ථාපිත කිරීම සඳහා වූ මනාව කෙටුම්පත් කරන ලද නීති පද්ධතිය සම්පාදනය වෙනුවෙන් එක්සත් ජනපදය දැක්වූ සහායට සිය ප්‍රසාදය පළ කළේය.

    මෙවන් දීර්ඝකාලීන මෙන්ම හෘදයාංගම සබඳතාවක් අත්විඳින ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය ඉදිරියට ද සමීප මිතුරන් ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව වෙන් කළ නොහැකි පාර්ශ්වකරුවන් ලෙස සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඒකිනෙකාට ගරු කරමින් හා විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කරනු ඇති බව ද පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

    මීට වසර 38කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නව ඇමෙරිකානු චාන්සලර් ගොඩනැගිල්ල විවෘත කරනු අයුරු මගේ මතකයට නැගෙනවා. ඇමරිකානුවන් වෙරළ තීරය මිලදී ගැනිමට පෙර එම කාර්යාලය පැවතියේ මගේ මී මිත්තණිය වන හෙලේනා විජේවර්ධන මහත්මියට අයත් ගොඩනැඟිල්ලකයි. එය ශ්‍රි ලංකාවේ ඇති එකම පෞද්ගලික වෙරළ තීරය වන අතර පෞද්ගලික වෙරළ තීරයක් හිමි ඒකම තානාපති කාර්යාලය ද මෙය බව කියන්න කැමතියි. මෙම සමුද්‍රීය දර්ශනය ඔබගේ සතුටට හේතුවන බව මට විශ්වාසයි.

    එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මීට වසර 74කට පෙර ආරම්භ වූ බව තානාපතිනිය සිය කතාවේදි සඳහන් කළා. අප ලබන වසරේ 75 වන නිදහස් සංවත්සරය සමරන විට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද 75 වසරක් සපිරෙනවා. එහෙත් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.

    මීට වසර 200කට පමණ පෙර මිෂනාරුවරු යාපනයේ පාසල් විවෘත කිරීමට පැමිණියා. තවද ලංකාවේ මුලින්ම රෝහලක් පිහිටුවීම පිළිබඳව මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒම රෝහල යුධ සමයේ දී යාපනයේ සිටි පිරිසට මහඟු සේවාවක් ඉටු කරනු ලැබුවා. එය ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයක් පමණක් නොවේ. කර්නල් ඕල්කොට්තුමා සිදු කළ සේවාව ගැන අපි සියලු දෙනාම දන්නවා. ඔහු ආරම්භ කළ පාසල වන ආනන්ද විද්‍යාලයෙන් පැමිණි බොහෝ පුතුන් මෙතැන මෙන්ම ලෝකය පුරාම විසිර සිටිනවා.

    එක්සත් ජනපදයේ දායකත්වය හිමි වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හෝ ආගම සඳහා පමණක්ම නොවේ. ඔවුන් වෙළඳාමේ ද යෙදී සිටියා. ඇත්ත වශයෙන්ම අපේ මිනිරන්, පොස්ෆේට් වෙළඳාමේ එක් ප්‍රධාන ගැනුම්කරුවෙක් වූයේ එක්සත් ජනපදයයි. මේ සියල්ල ඉතිහාසයේ ලිය වී තිබෙනවා.

    අපගේ සබඳතාවය හුදෙක්ම වෙළඳාම, අධ්‍යාපනය, ආගම පමණක්ම නොව එය හමුදා කටයුතු සම්බන්ධව ද අදාළ වෙනවා. 1942 වසරේ දී, එවකට අද්මිරාල් මවුන්ට්බැට්න් සාමිවරයා යටතේ මෙරට නුවර ප්‍රදේශයේ සිටි අග්නිදිග ආසියානු බල ඇණියේ නියෝජ්‍ය අණ දෙන නිලධාරීන් වූයේ ජෝසප් සිල්වන් හා වනීගර් ජෝ ය. ඔවුන් ඉන්දියාවේ, බුරුමයේ සහ චීනයේ සිටි චීන භට සේනා පාලනය කළා. අපේ මිලිටරි සබඳතා ආරම්භ වූයේ එලෙසයි.

    ඒ වගේම යුද්ධයෙන් පසු අපගේ ආර්ථික සබඳතා මෙන්ම පළමු මුදල් නීතිය සකස් කිරීමට සහ මහ බැංකුව පිහිටුවීමට අපි ජෝ නික්සන්ගේ සහාය ලබා ගත් අතර ඒය විශිෂ්ට නීති සම්පාදන කෙටුම්පතක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම, 1951 වසරේ දී, එවකට රාජ්‍ය ලේකම්වරයාට අපේ නියෝජිතයන් මත විශ්වාසය තැබීමට සිදු වූ අතර, සමහර ආසියාතිකයන් පසුබා යද්දී, මුදල් අමාත්‍යවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා ජපාන සාම ගිවිසුමට සහාය පළ කරමින් දේශනයක් සිදු කිරීමත් සමඟ මෙම දේශපාලන සන්ධානය ගොඩ නැඟුනා. එබැවින් සැලකිය යුතු කාලයන්හිදී ද අප ඔබ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. එබැවින් අවශ්‍යතාවේදී රැඳෙන මෙම සබඳතා සැබෑ මිත්‍ර සබඳතාවක්.

    1977 ජේ.අර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට මා පත්වූ අවස්ථාවේ දී, අගමැති ලී ක්වාන් යූ සහ අගමැති මැල්කම් ෆ්රෙසර් සහ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමඟ ජනාධිපති රෝනලඩ් රේගන්, අගමැති මාග්‍රට් ත්‍රැචර්, අගමැති නකසොන් ඇතුලු සියළුම දෙනා අපට කලාපීය සහයෝගිතාව වර්ධනයට සහයෝගය ලබා දුන්නා.

    1993 වර්ෂයේ දී, මම ඇමෙරිකාවට ගියේ, අන්තර්ජාලය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගිවිසුමකට එළඹීමට. ඒ වෙනුවෙන් උප ජනාධිපති ඇල් ගෝර් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. එදා මම එහි ගොස් එයට අත්සන් නොතැබුවා නම් කුමක් සිදුවේ දැයි හිතන්න. එය ද දීර්ඝ කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක්.

    2001 වර්ෂයේ දී මම අගමැතිවරයාව සිටිය දී ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් විසින් ලබා දුන් සහාය මෙහිදී නිසැකවම සඳහන් කළ යුතු යි. සාම සාකච්ඡා පැවැත්වීමට සහ එල්.ටී.ටී.ඊ සංවිධානය පාලනය කිරීමට සහ සුනාමි ව්‍යසනය හේතුවෙන් අප විපතට පත් වූ අවස්ථාවේ දී ඔහු ලබා දුන් විශේෂ දායකත්වය මම මෙහිදී සිහිපත් කරනවා.

    ඔහුගේ පියා වන ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ ජනාධිපති ක්ලින්ටන් අපට සහාය දැක්වීමට ශ්‍රී ලංකාවට පැමිණියා. එය දිගු කාලයක් පැවති මිත්‍රත්වයක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ප්‍රතිසංස්කරණය කිරීමේ දී සහ නීතියේ ආධිපත්‍ය මෙන්ම අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස තහවුරු කිරීමේ දී මා අගමැතිවරයා වශයෙන් සිටියදී එක්සත් ජනපදයේ සහය නැවතත් මා හට හිමි වුණා.

    2017 වසරේ දී ජනාධිපති බයිඩ්න් සෙනෙට් සභිකයෙකුව සිටිය දී මට පෞද්ගලිකව මුණගැසීමට හැකි වූ අතර ඔහුගේ සුවිශේෂී කතාවකට සවන්දීමට ද මට හැකි වුණා. මෙය පටන්ගැන්මක් පමණයි. අවසානය නොවේ.

    කෙසේ වුවත්, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී අපට සහාය ලබා දීම සම්බන්ධයෙන් බයිඩ්න් ජනාධිපතිවරයාට මම ස්තූතිය පළ කළ යුතු යි. අපි එය බෙහෙවින්ම අගය කරනවා, ඔබගේ සහාය නොමැතිව අපට සාර්ථක මහ කන්නයක් ලැබෙන්නේ නැහැ.

    අද විවෘත කරන ගෙඩනැඟිල්ල අර්ථවත් කරන්නේ එක්තරා ආකාරයකින් අප සියල්ලන්ම එකට බැඳ තබන ගඩොල් සහ බදාමයෙන් සැදි මිනිස් සබඳතාවයි. ඒමෙන්ම මේ නව ගොඩනැගිල්ල එක්තරා ආකාරයකින් සබඳතා වර්ධනය විය යුතු නව යුගයක සංකේතයක්. ඉන්දියන් සාගර කලාපය වැඩි අවධානයට ලක් වන විට, ලෝකයත් ඒ සමඟම වෙනස් වෙනවා. භු දේශපාලනය කෙතරම් වේගයෙන් වෙනස් වනවා ද යන්න අප පසුගිය අවුරුද්දේ සිට අත් දකින අතර, ඒ අනුව අපගේ නව සබඳතා පවත්වාගෙන යෑමට සිදු වනවා. අප දිගු කාලයක් එක්ව වැඩ කර තිබෙනවා.

    එකිනෙකාට ගරු කරමින් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා එකිනෙකාට සමීපව ක්‍රියා කළ යුතු බව මම විශ්වාස කරනවා.

    කොළඹ නගර මධ්‍යයේ මුහුදු තීරයට සමගාමීව පැරණි තානාපති කර්යාලය පිහිටා තිබු ස්ථානයම වඩාත් පුළුල් කර නව ගොඩනැඟිල්ල ඉදි කර තිබෙන අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උප ලේකම් ජෝන් බෑස් යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සමග ගොඩනැඟිල්ල විවෘත කිරිමට එක් වූහ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    රනියා ඉස්සර නම් මිනිස්සුන්ට වැඩක් කලා ගොඩක් දේවල් දියුනු කලා ඒත් 2004 විතර ඉදලා කරන්නේ නාකිමයිනා එක්ක එකතු වෙලා ඩීල් දාගෙන එක එක්කෙනාගෙ පිට එක එක්කෙනා කසා ගන්න එක.දැනුත් රනියා ඇවිත් කරන්නේ රජ පක්කුන්ව ආරක්ශා කරන ගෝඩ් මදර් වගේ ඉන්න එක.
    අරගලේ කරනකොට සක්කිලි දේසපාලුවොන්ටත් සොට් එක දෙන්න තිබුනේ.ආයෙම උන් ටික ඇවිත් මිනිස්සුන්ගේ රීරී මාංසේ උරා බොනවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    රනිල් ලගදි ජුලියාට සැරටම බැන්න නේද ට්‍රම්ප් ගේ සින් එකත් මතක් කරලා .
    ජුලියා මොකද ඕක open කරන්න රනිල්ට එන්න කිව්වේ ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල් ද මහින්ද ද internet ගෙනාවේ. Conf 😕 වෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මෙතන ලියුම්කරු සදහන් නොකළ සිදුවීමක් තීනවා
    ඒ වික්‍රම සින්හයාණන් එදා ඉන්ටර්නෙට් ලංකාවට ගේන්න නම් ඉන්ටර්නෙට් ඇමරිකාවෙන් එවන්න ඕනා නේ (ඒ කාලේ ඉන්ටර්නෙට් අයිතිය තිබ්බේ ඇමරිකාවට)
    ඉතිං ඇමරිකාවට ගිහිං IT සම්බන්ධ විශේෂ තනතුරක් අරන් ලංකාවට ඉන්ටර්නෙට් එව්වේ අපේ ගොටාබය මහත්තයා
    මේ සිදුවීම් කොටි හිතවාදීන් විසින් ඉතිහාසයෙන් මකා දමා ඇත
    මේ ගැන පෙන්ටගනයේ ලියවිලි වල සදහන් වෙනව
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මන් නම් හිතන්නේ තබ වයර් වලින් තමයි ලංකාව ඉන්ටනෙට් ගෙනාවේ
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    රනිල් ලගදි ජුලියාට සැරටම බැන්න නේද ට්‍රම්ප් ගේ සින් එකත් මතක් කරලා .
    ජුලියා මොකද ඕක open කරන්න රනිල්ට එන්න කිව්වේ ?
    1667200554773.png
     
    • Like
    Reactions: Thilina123

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    ලංකාවේ ඉන්ටනෙට් සහ පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න මූලික වෙච්ච මනුස්සයා තමයි prof. v. k. samaranayake දන්න එවුන් දන්නවා ලංකාවේ IT වෙනුවෙන් කරපු දේවල්.
    266-006-2.png
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙතන ලියුම්කරු සදහන් නොකළ සිදුවීමක් තීනවා
    ඒ වික්‍රම සින්හයාණන් එදා ඉන්ටර්නෙට් ලංකාවට ගේන්න නම් ඉන්ටර්නෙට් ඇමරිකාවෙන් එවන්න ඕනා නේ (ඒ කාලේ ඉන්ටර්නෙට් අයිතිය තිබ්බේ ඇමරිකාවට)
    ඉතිං ඇමරිකාවට ගිහිං IT සම්බන්ධ විශේෂ තනතුරක් අරන් ලංකාවට ඉන්ටර්නෙට් එව්වේ අපේ ගොටාබය මහත්තයා
    මේ සිදුවීම් කොටි හිතවාදීන් විසින් ඉතිහාසයෙන් මකා දමා ඇත
    මේ ගැන පෙන්ටගනයේ ලියවිලි වල සදහන් වෙනව

    ෂෙඩ් එකේ තෙල් ගහන ගමන් තමයි මේ හැමදේම කරලා තියෙන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ ඉන්ටනෙට් සහ පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න මූලික වෙච්ච මනුස්සයා තමයි prof. v. k. samaranayake දන්න එවුන් දන්නවා ලංකාවේ IT වෙනුවෙන් කරපු දේවල්.
    266-006-2.png
    එතකොට උබ කියන්නේ යුද්දේ දිනලා දුන්නේ මහින්ද මහත්තයා නෙමෙයි කියලද? 😅
     
    ලංකාවේ ඉන්ටනෙට් සහ පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න මූලික වෙච්ච මනුස්සයා තමයි prof. v. k. samaranayake දන්න එවුන් දන්නවා ලංකාවේ IT වෙනුවෙන් කරපු දේවල්.
    266-006-2.png

    IMG_20221031_130934.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ලංකාවේ ඉන්ටනෙට් සහ පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න මූලික වෙච්ච මනුස්සයා තමයි prof. v. k. samaranayake දන්න එවුන් දන්නවා ලංකාවේ IT වෙනුවෙන් කරපු දේවල්.
    266-006-2.png
    Danne naa bn. Me bill gates da? Wisthara tikak kiyapanko
     
    • Like
    Reactions: TechnWeb

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ලංකාවේ ඉන්ටනෙට් සහ පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න මූලික වෙච්ච මනුස්සයා තමයි prof. v. k. samaranayake දන්න එවුන් දන්නවා ලංකාවේ IT වෙනුවෙන් කරපු දේවල්.
    266-006-2.png
    :yes: :yes: :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    Danne naa bn. Me bill gates da? Wisthara tikak kiyapanko
    බිල්ගේට්ස් එක්ක ඉන්න අනිත් කෙනා ප්‍රොෆෙසර් සමරනායක
    මම දන්න තරමට නම් ලංකාවේ පළවෙනි සහ අද වෙනතුරු IT සම්බන්ධව එකම ප්‍රොෆෙසර් මෙයා. දැන් ඉන්නේ හාල් කෑලි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතය පටන් ගත්තේ මෙයා. තව හෙනට තියනවා කරපු වැඩ. සමහර දේවල් දකුණු ආසියාවෙම මුලින්ම කරේ ලංකාවේ. ඒ මෙයාගේ මූලිකත්වයෙන්.

    මේක කියවපං
    https://roar.media/sinhala/main/identities/prof-kithsiri-samaranayake
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993

    ado prof sira waddekne:shocked:
     
    • Like
    Reactions: WhyNot1

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    බිල්ගේට්ස් එක්ක ඉන්න අනිත් කෙනා ප්‍රොෆෙසර් සමරනායක
    මම දන්න තරමට නම් ලංකාවේ පළවෙනි සහ අද වෙනතුරු IT සම්බන්ධව එකම ප්‍රොෆෙසර් මෙයා. දැන් ඉන්නේ හාල් කෑලි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතය පටන් ගත්තේ මෙයා. තව හෙනට තියනවා කරපු වැඩ. සමහර දේවල් දකුණු ආසියාවෙම මුලින්ම කරේ ලංකාවේ. ඒ මෙයාගේ මූලිකත්වයෙන්.

    මේක කියවපං
    https://roar.media/sinhala/main/identities/prof-kithsiri-samaranayake
    BIT eka patan gaththeth meya
     
    • Like
    Reactions: WhyNot1

    Similar threads