පොහොට්ටුව තුනෙන් දෙක ගන්නවාද නැද්ද...? මගේ උත්තරය...
"ඔව්"
ඒ කොහොමද...? දැන් කලින් කිව්වනේ 126යි කියලා...?
ඔව් කිව්වා තමා... මං කිව්වේ ඡන්ද ප්‍රතිඵලය මෙහෙමයි කියලනේ...
//පොහොට්ටුව 126
ටැලිපෝනය 43
අලියා 32
මාලිමාව 3
ද්‍රවිඩ සංධාන එකතුව 14
අනිකුත් 7//
හරි ඉතිං... ඡන්ද ප්‍රතිඵලය ඔහොම උනාට... ප්‍රතිඵල වලින් පස්සේ පොහොට්ටුව ආසන එකසිය පනස් පහට ආසන්න ගානකට වැඩි වෙනවා...
ඒ කොහොමෙයි... ඔළු ගෙඩි මාරු කරලද... රනිල් එක්ක සංධානගත වෙලාද...?
මොන පිස්සුද...?
ඒ විකාර ඔනැන්නේ නැහැ...
ඡන්දේ අහවරක් වෙලා සජිත් ගොයියගේ ලිස්ට් එකටම නඩුව ෆයිල් වෙලා බබා හම්බුනාම... ඒ සීට් 43 බෙදෙනවා ආසන්න වශයෙන් මෙන්න මෙහෙම...
පොහොට්ටුව 29
අලියා 9
මාලිමාව 1
ද්‍රවිඩ සංධාන එකතුව 3
අනිකුත් 1
ආදී වශයෙන්...
( ඕක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙයි එකකින් දෙකකින්.. එහෙම නැතිව ලොකුවට නෙවෙයි...)
ආන්න එහෙම ආවම අවසානයට එයි මෙන්න මෙහෙම ලස්සනට...
පොහොට්ටුව 155
අලියා 41
මාලිමාව 4
ද්‍රවිඩ සංධාන එකතුව 17
අනිකුත් 8
පැහැදිලිනේ කතාව... තුනේ දෙක හම්බෙනවා වගේම...
ආසියාවේ පමණක් නොව මේ මිහිතලය මතම වඩාත් අත්දැකීම් බහුල ප්‍රවීණම සහ පළපුරුදුම ඒ සඳහාම උපන්නාදෝයි කියා හිතෙන රනිල් වික්‍රමසිංහයන් නැවතත් තමන්ගේ හුරු පුරුදු සුවපහසු විපක්ෂනායක පුටුවේ හරි බරි ගැහෙනවා...
එතුමා ටිකක් ත්‍යාගශීලී උනොත් ඇතැම් විට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ජාතික ලයිස්තුවෙන් එන අන්රයියාට ගන්නත් බැරිකමක් නැහැ...
හැබැයි මං හිතනවා ඒක රුවන් විජේවර්ධන හෙවත් යූඇන්පීයේ මීළඟ නායකතුමාටම හිමි වේවි කියලා...
මේ කතාවෙදි සජිත් ගොයියා ආසන වැඩි ප්‍රමාණයක් ගන්න එකේ වාසිය පොහොට්ටුවටමයි කියලා කාට හරි දැන්වත් තේරෙනවද...?
මොකද බෙදෙන්නේ ඒ ටික...
වැරදිලාවත් රනිල්ට වැඩියෙන් ගිහින් සජිත්ට අඩුවෙන් ආවොත්නං අපිට තුනෙන් දෙක අමාරුයි නඩුවෙන් පස්සෙත්... ඕක තමා ඇතිවන්නට නියමිත ඇත්තම තත්වය...
පක්ෂයක් හා දේශපාලකයින් රොත්තක් පිටින් එකට හැඳී ගෑවිලා යන එක ගැන සදාචාරාත්මකව අවුල් තියෙන්න පුළුවන්... ඒත් නීතිය නෙව සියල්ලටම ඉහලින් හිටින්නේ...
ඉතිං අපි ඒකට ගරු කරන්න වෙනවා... කැමැත්තෙන් හෝ අකමැත්තෙන්...
මේ මැතිවරණය ගැන කතා කිරීම මම මෙතැනින් නවත්වනවා... එච්චරයි...
Copied ~
