20වෙනි_ව්‍යවස්ථා

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    20වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනු ලබන වෙනස්කම් 24ක්


    20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනු ලබන වෙනස්කම් 24ක් ගැන නීතීඥ ජගත් ලියනආරච්චි තැබූ සටහනක්.

    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ.

    2. විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින් විගණන සේවය අහෝසි වන අතර විගණන පනතේ ප‍්‍රතිපාදන පිළිබදවද අර්බුදයක් මතුවේ

    3. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි වීම

    4. ජනාධිපතිවරයාගේ වගකීමක් වූ ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්‍ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කිරීම

    5. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකිරීම

    6. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිකිරීම

    7. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප‍්‍රතිපාදනය ඉවත් කර තිබේ.

    8. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කිරීම

    9. පොලිස්පතිවරයා පත් කිරීම පිළිබද ප‍්‍රතිපාදන ඉවත් කිරීම මගින් පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබදව ප‍්‍රතිපාදනද වක‍්‍රව සංශෝධනය වීම

    10. ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලබාගැනීමේ හැකියාව

    11. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යව පිළිබද සීමාව ඉවත් කිරීම

    12. අමාත්‍යවරුන් පත් කිරීමේ දී ජනාධිපතිට පරම අභීමතයක් ලැබීම (අගමැතිට තිබූ බලතල ඉවත්වීම)

    13. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට ජනාධිපතිට බලතල හිමිවීම

    14. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇතැම් බලතල අමාත්‍ය මණ්ඩලයට පවරා ගැනීම

    15. මැතිවරණයකින් වසරක් අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබීම

    16. හදිසි පනත් පිළිබද ප‍්‍රතිපාදන යළි ඇති කිරීම

    17. පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙන ඒමේදී දින 14කට පෙර ගැසට් පත‍්‍රයේ පළ කල යුතුය යන ප‍්‍රතිපාදනය දින 7 දක්වා අඩු කිරීම

    18. පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක්කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීම

    19. ජනාධිපති අපේක්‍ෂකයකුගේ අවම වයස 30 දක්වා අඩු කිරීම

    20. මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම

    21. අධිකරණ සේවා කොමිෂන් සභාවේ කවර හෝ සාමාජිකයකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදීම


    22. රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් ඉවත් කිරීම

    23. ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම (මහජන පැමිණිලි විමසීමට සීමා කිරීම)

    24. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 19 වන සංශෝධනය මගින් පවරන ලද අතිරේක බලතල ඉවත් කිරීම.

    නීතීඥ ජගත් ලියනආරච්චි
     
    • Like
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මදි මදි තව රාජන්ඩු සංකල්ප දැනෙන දේවල් දාන්න ඕනේ . 2/3 ඉල්ලලා ගත්ත ඒවනේ . අනේ වාසනාවන් , ප්‍රජාතන්ත්‍රවාදය කන්නද නේ 😂 .
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,418
    3,810
    113
    Maligawatta
    මදි මදි තව රාජන්ඩු සංකල්ප දැනෙන දේවල් දාන්න ඕනේ . 2/3 ඉල්ලලා ගත්ත ඒවනේ . අනේ වාසනාවන් , ප්‍රජාතන්ත්‍රවාදය කන්නද නේ 😂 .

    Awulak ne ban, apita inna ratak thiyanwane
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාත්තගෙන් පස්සෙ පුතාට පාර්ලිමේන්තු එන්න දෙන්න ඕන කියන එක විතරයි අඩු.
     
    • Haha
    Reactions: imhotep

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    5. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකිරීම

    6. විදේශ රටක පුරවැසිභාවය හිමි ශ‍්‍රි ලාංකික පුරවැසියකුට ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිකිරීම

    tenor.gif
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    දේශපාලන ත්‍රෙඩ් වලට රෙද්ද උස්සන් එන හාල් කෑලි මේවා දැක්කෙ නෑ වගේ ඉන්නවා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    තාත්තගෙන් පස්සෙ පුතාට පාර්ලිමේන්තු එන්න දෙන්න ඕන කියන එක විතරයි අඩු.
    "අවම පසුගිය පරම්පරා 3ක සිට පෙළපත් නාමයේ "රාජ" කියලා නැත්නම් රටේ නායකත්වයට නුසුදුස්සෙක්. "
    මෙහෙම එකක් ආවත් මටනම් පුදුම නෑ බන්.
    එකම ක්‍රීඩා චැනල එක දාල , "ක්‍රීඩා චැනල් හැර අනිත් චැනල් වල මැච් පෙන්නන බෑ" කියලා ගෙනාපු සෙට් එකක්නේ.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    එකම ක්‍රීඩා චැනල එක දාල , "ක්‍රීඩා චැනල් හැර අනිත් චැනල් වල මැච් පෙන්නන බෑ" කියලා ගෙනාපු සෙට් එකක්නේ.
    අඩෝ මුන් එහෙමත් කිවුවද බන්. විලිලැජ්ජා නැති සෙට් එකක්නෙ.