සුපිරි නළු ජෙට් ලී ලංකාවට
මෙම මස 18 සිට 22 දක්වා බණ්ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන අන්තර්ජාතික බෞද්ධ චිත්‍රපට උළෙලට හොලිවුඩ් සටන් නළු ජෙට් ලී ඇතුළු තවත් අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධත්වයක් ලබා ඇති බෞද්ධයන් රැසක් ලංකාවට පැමිණීමට නියමිතයි.
බොලිවුඩ් නිලි මනිෂා කොයිරාල මේවනවිටත් ලංකාවට පැමිණ ඇති අතර ඇය අරලියගහ මන්දිරයේ පැවති දන්සලටද සහභාගී වී ඇත.
මනිෂා කොයිරාල ලංකාවේ සිදු කල පළමු සංචාරය මෙය වන අතර ලංකාවේදී ලැබුණු පිළිගනිම ගැන ඇය බොහෝසෙයින් සතුටට පත්ව ඇත.
ජෙට් ලී කුඩාකල සිටම මාර්ෂල් සටන් කලාව ප්‍රගුණ කල අයෙක් වූ අතර ඔහුගේ පළමු හොලිවුඩ් චිත්‍රපටය වුයේ 2000 වසරේදී තිරගත වූ "රෝමියෝ මස්ට් ඩයි" චිත්‍රපටයයි.
එංගලන්ත හොරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විදී
එංගලන්තයේ සංචාරය කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයේ තිබූ ස්ටර්ලින් පවුම් 700 ක් පමණ වටිනා පෙට්රල් එරටදී සොරුන් විසින් මංකොල්ල කා ඇතැයි වාර්තාවේ.
මේ පිළිබඳව වාර්තා කරමින් uxbridgegazette.co.uk මාධ්‍ය වාර්තාවක් අනාවරණය කරන්නේ මිඩ්ල්සෙක්ස් කණ්ඩායම සමග මේ සතියේදී පැවති තුන්දින තරගය අවසානයේදී මෙම හොරකම සිදුව ඇති බවත් මෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම අපහසුතාවයට පත්වූ බව කණ්ඩායමේ කළමනාකරු අනුර තෙන්නකෝන් පැවසූ බවයි.
මෙම තරගයට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිට ඇත්තේ බටහිර ඩ්‍රේටන්හි ක්‍රවුන් ප්ලාසා හෝටලයේ බව සඳහන්ය.
මෙම හොරකම සම්බන්ධයෙන් එරට පොලීසියට පැමිණිලි කර තිබෙන බවද වාර්තා වේ.

Last edited: