2005 අවුරුද්දෙ හොඳම ඡායරූප අතරින් එකක්........

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2005 අවුරුද්දෙ හොඳම ඡායරූප අතරින් එකක්........

    1174979_546027792130397_115951557_n.jpg

    මේ ඡායාරූපය දිහා හොඳට බලන්න...

    මේක 2005 අවුරුද්දෙ හොඳම ඡායරූප අතරින් එකක්.
    පේන විදියටනම් කාන්තාරෙ ඔටුවො යනව... උඩින් ගත්ත ෆොටෝ එකක්.. පොඩිවට හෙවනැළි තියෙනව. එහෙමනෙ ඔයාලාටත් හිතෙන්නෙ?
    හරි මමත් හිතුවෙ එහෙමයි.... කලු පාටට ඔටුවො ඉන්නව. සුදු පාට උන්ගෙ හෙවනැළි කියල..ඒත් පොඩ්ඩක් හොඳට බැලුවොත් පේනව සුදු පාටට ඉන්නෙ ඔටුවො... කලු පාටට තියෙන්නෙ උන්ගෙ හෙවනැළි කියල... ඉර බහින වෙලාවක උඩින් ගත්ත ෆොටෝ එකක් නිසා තමයි අපි හිතන විදියට මේක පේන්නෙ. ඒත් හොඳට ළං වෙලා බැලුවම පේනව වෙනස...

    සැබෑ ජීවිතෙත් අපි මූණ දෙන ගැටළුත් මේ වගේමයි..
    මුලින් බැලුවම අපිට මහ මේරු පර්වතය වගේ ලොකුවට පේන ප්‍රශ්න ටිකක් කිට්ටු වෙලා ආයෙම බැලුවම තමයි පේන්නෙ කොයි තරම් කුඩාද කියල.. ඒ නිසා ප්‍රශ්න වලින් පැනල යන්න එපා.

    අපි හැම වෙලේම පුරුදු වෙලා ඉන්නෙ ප්‍රශ්නෙ දිහා උඩින් පල්ලෙන් බලල තීරණ ගන්න... එහෙම උනාම අපි කරන්නෙ ප්‍රශ්නෙට මූණ දෙනවට වඩා ප්‍රශ්නෙන් පැනල යන්න... නැත්නම් ප්‍රශ්නෙ මග අරින්න..
    එහෙමත් නැත්නම් ප්‍රශ්නෙට මුල හොයල ඒ ගැන හිතල විසඳුම දෙනව නෙවේ... ඒකෙන් පැනල යන්න ඕනෙ විදියට ප්‍රශ්නෙ මගක් හිතල තීරණ ගන්න එක... ඔය තුනම හරිම භයානකයි... මොකද එහෙම උනාම අපි ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියන එක. බොරු කරන එක.. 90%ක්ම... ඔයාලත් ඔයාලගෙම හිතෙන් අහල බලන්න... හැබැයි අවංක වෙන්න තමන්ටම. (කාට වංක උනත් තමන්ට, තමන්ගෙ හෘද ශාක්ෂියට බොරු කරන්න බෑ. ඒක මැරෙණ මොහොතෙත් අපි පස්සෙන් එනව.) අපි කරන්නෙ මොකක් හරි බොරුවක් කියල, බොරුවක් කරල, අනිත් කෙනාව රවට්ටල ශේප් එකේ මාරු වෙනව. "මම දන්නෙ නෑ", "මට මතක නෑ" ඒ වගේ උත්තර තමා කටට එන්නෙ. හරි ලේසියෙන් එහෙම ප්‍රශ්න වලින් පැනල යනව..

    ඇත්තටම ඒක කාට නැතත්, අපි අපිටම කරගන්න අසාධාරණයක්, පවක්, ලොකු හානියක්.
    ඉතින් ඇයි අපිටත් බැරි උඩ තියෙන පින්තූරෙ ඔටුවන්ව අඳුන ගත්ත වගේ, ප්‍රශ්නෙට කිට්ටු වෙලා, හරියටම ප්‍රශ්නෙ අඳුන ගෙන, අවංකව , තමන්ගෙ හදවතට, හිතට එකඟව ප්‍රශ්නෙට මූණ දෙන්න.. කාවවත් රවට්ටල, බොරු කියල, බොරු කරල ප්‍රශ්නෙන් පැනල යන්නෙ නැතුව.
    මොකෝ කියන්නෙ.? කරල බලමුද..?
    අවංකව කියන්නෙ... ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ.
    from fb....
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan yatin thiyana kathawa nam aththa, bt macho eg ekata gaththa image eka nam mama oka 1st time dakka welema dakka e thiyenne otuwange hewanalla kiyala, anika machan koi lokeda sudu pata hewanali thiyenne!

    Anyways oyage idea eka maru.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    machan yatin thiyana kathawa nam aththa, bt macho eg ekata gaththa image eka nam mama oka 1st time dakka welema dakka e thiyenne otuwange hewanalla kiyala, anika machan koi lokeda sudu pata hewanali thiyenne!

    Anyways oyage idea eka maru.



    patta machan

    ela machan... :yes:


    patta macho


    :cool:
     
    • Like
    Reactions: Minion