2009 LTTE පරාජයෙන් පසුව, LTTE ක්‍රියාකාරකම්

sathhaanda

Member
Jul 26, 2015
22
5
0
2009 LTTE පරාජයෙන් පසුව, LTTE ක්‍රියාකාරකම්

රාමනාථපුරම්හි,දනුස්කොඩි ජැටිය ආසන්නයේ මුර සේවයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් පිරිසක් හදිසි වාහන පරීක්ෂාවකින් පසු එක් වාහයනයක් හා පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් එක් පුද්ගලයෙක් ශී‍්‍රලාංකිකයෙකු බවත් එම වාර්තාවේ සදහන් විය.දනුස්කොඩි ජැටිය අතීතයේ ශී‍්‍රලංකාව හා ඉන්දියාව අතර මගී ප‍්‍රවාහ බෝට්ටු සේවා කි‍්‍රයාත්මකවූ අවධියේ බෙහෙවින් ප‍්‍රයෝජනයට ගැනුනකි.

අත්අඩංගුවට ගත් වාහනයේ තිබී ගෝලීය පිහිටුම් අනාවරක උපකරණ,සයනයිඩ් ග‍්‍රෑම් 300 ක්,හිස් කැපිසියුලයන් 75 ක්,එකිනෙකට වෙනස් ජංගම දුරකථන 7 ක් සොයාගැනීමට එම පොලිස් නිළධාරීන්ට හැකිව තිබුනි.කොළඹ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙසේ හදිසි වාහන පරීක්ෂාවක් සිදුකර තිබෙන්නේ තමිල්නාඩු පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුවය.අත්අඩංගුවට ගෙන ඇති කි‍්‍රෂ්ණ කුමාර් නම් ශී‍්‍රලාංකිකයා තමිල්නාඩුවේ සරණාගත කදවුරක රැුදී සිටින්නෙක් බව අනාවරණයව තිබේ.ඔහු හා රාජේන්ද්‍රන් හා ශෂී කුමාර් යන අනෙක් ඉන්දියා ජාතිකයින් දෙදෙනා මේ වන විට සිටින්නේ තමිල්නාඩු පොලිසියේ ප‍්‍රශ්න කිරීම් වලට ලක්කෙරෙමින්ය.

මෙම සිදුවීමත් සමග මෙරට සහ රටින් පිට LTTE ක්රිඉයාකාරකම් පිළිබඳව හැමගේ අවධානය යොමු විය.

2009 දී යුධමය වශයෙන් පරාජයවූ දා පටන්ම එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ විදේශ රටවල සිට කි‍්‍රයාත්මක වන ඇතැම් කණ්ඩායම් හා පුද්ගලයින් සංවිධානයට නැවත පණදීමේ නිරන්තර උත්සාහයක නිරතව සිටී.මෙනිසා ආරක්ෂක අංශද සිටින්නේ ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සීරුවෙනි.යුද්ධයේ අවසාන භාගයේදී විදෙස් රටවලට පලායෑමට සමත්වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මෙම කණ්ඩායම් මෙහෙයවන බවට හෙළිකෙරුනු වාර්තා බොහෝමයක් පසුගිය සමයේ ප‍්‍රකාශයට පත් වුනි.

ත‍්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඇති ඉඩ මැයෙන් පළව තිබූ එවන් එක් වාර්තාවක් සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් අවධානය යොමුවිය.එම වාර්තාවේ දැක්වෙන පරිදි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ආරක්ෂක අංශ පුනරුත්ථාපන වැඩසටහන් කි‍්‍රයාත්මක කළද 2000 ක් පමණ එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ පිරිසක් එම වැඩසටහන් මගහැරයාමට සමත්ව ඇත.එල්.ටී.ටී.ඊ ය සතුව තිබූ අවි,උණ්ඩ ඇතුලූ උපකරණ බොහෝමයක් තවමත් සොයාගැනීමට හැකිව නොමැති අතර එම වාර්තාවෙන් අනතුරු අගවන අයුරින් මෙසේ ආරක්ෂක අංශ වෙතින් පලාගොස් සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින් එම අවි තිබෙන තැන් සොයාගෙන නැවත වරක් රටේ අරගලයක් ඇතිකිරීමේ සැබෑ අවදානමක් ඇත.විදේශයන්හි සිටි එල්.ටී.ටී.ඊ කණ්ඩායම් තවමත් කි‍්‍රයාත්මකය.එම කණ්ඩායම් වල සාමාජිකයෝ ශී‍්‍රලංකාවේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා සම්බන්ධ වෙමින්,නොයෙකුත් කඩාකප්පල්කාරී කි‍්‍රයා සිදුකිරීමට ඔවුන් මෙහෙයවන බවද මෙම වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

මෑත සමයේ දියත් කෙරුණු එවන් උත්සාහයන් තුනක් පිළිඹදව එම වාර්තාවේ කරුණු දක්වා ඇත්තේ මෙසේය.

පරාජයෙන් වසර 3 ක් ගෙවුනු 2012 වසරේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු යැයි සැකකළ හැකි පුද්ගලයෙක් එවක රජයේ පාක්ෂිකයෙකුව සිටි ඊපීඞීපී සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කළේය.ප‍්‍රංශයේ වෙසෙන එල්.ටී.ටී.ඊ ප‍්‍රබලයෙකු වන කුමරන් මේ පසුපස සිටින බව පසුව දියත් කෙරුණු පරීක්ෂණ වලින් අනාවරණය විය.පරීක්ෂණයේදී සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඔවුන් පවසා සිටි අයුරින් 2011 වසරේදී ඉන්දියාවට පැමිණ තිබෙන කුමරන් එරට තම අනන්‍යතාවය සගවාගෙන වාසය කරමින් සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 25 දෙනෙකු රැුස්කර ශී‍්‍රලංකාවේ කඩාකප්පල්කාරී කටයුතු වල යෙදෙන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.ඔහුගේ අණින් තිදෙනා බැගින් වන කණ්ඩායම් වලට බෙදී ඇති පිරිසෙයින්,පෙරකී ඊපීඞීපී සාමාජිකයා ඝාතනය කිරීමේ මෙහෙයුම භාරවී ඇත්තේ එවන් එක් කණ්ඩායමකටය.කසුකුසු වලට සීමාවී තිබූ එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීම ගැන කතාබහ වඩා ප‍්‍රබලව ඇසෙන්නට ගත්තේ මේ සිදුවීමෙන් පසුවය.

දෙවැනි සිදුවීම වාර්තාවන්නේද 2012 වසරේදීමය.කොළඹදී අත්අඩංගුවට ගැනීමට හැකිවන එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී යුරෝපයේ කණ්ඩායමකින් ආධාර ලබන චෙන්නායි කේන්ද්‍රකරගනිමින් කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ මෙහෙයුම් ජාලයක් පිළිඹද තොරතුරු අනාවරණය කරගැනීමට බුද්ධි අංශ සමත්විය.පරීක්ෂණ කටයුතු වල ප‍්‍රතිඵලවයක් ලෙස හිටපු ගරිල්ලා සාමාජිකාවක ඇතුළු ගරිල්ලා සාමාජිකයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.ශ්‍රී ලංකා බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත කි‍්‍රයාත්මකවූ ඉන්දියා බළධරයින් චෙන්නායිහි සැගවී සිටි තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.ඔවුන් අතරින් එක් අයෙකුට ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය පිළිබඳ හසළ දැනුමක් තිබෙන බව අනාවරණය විය.ඔවුන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක දෙකක්,පරිපථ කිහිපයක්,වයර්,ලියකියවිල් තොගයක් ආදියද පොලිස් භාරයට ගැනුනි.මොවුන් සිව්දෙන අතරේ තොරතුරු තාක්ෂණය පිළිඹද දැනුමක් තිබෙන තරුණයෙකු හා ශී‍්‍රලංකාවේ ගැඹුරු මුහුදු කලාපය ගැන දැනුම්වත් තරුණයෙකුද සිටි අතර වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මොවුන් දෙදෙන කණ්ඩායමට එක්කරගෙන තිබෙන්නේ ඉදිරියේදී ශී‍්‍රලංකාවේ දියත් කිරීමට නියමිත මෙහෙයුම් වලට ඔවුන්ගේ සහය ලබාගැනීමටය.යාපනයේදී තවත් තරුණයින් 6 දෙනෙක් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.දිගටම පරීක්ෂණ කටයුතු සිදුකළ ඉන්දියා පොලිසිය චෙන්නායිහි ආරක්ෂක නිවස්නයක් ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වටලා එහි සැගව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්හ.දෙරටේ ආරක්ෂක අංශ මෙසේ කි‍්‍රයාත්මකවීම නිසාවෙන්ම එල්.ටී.ටී.ඊ යට නැවත පණදීමට දැරූ උත්සාහයක් වියැකී ගියේය.

තෙවැනි සිදුවීම වාර්තා වන්නේ පසුගිය මාර්තු මාසයෙනි.ජාතික සමගියට හානිගෙන ප‍්‍රකාශයන් අන්තර්ගත පති‍්‍රකා තොගයක් බෙදාහරිමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පලායි පොලිසිය සමත්විය.ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලින් අනාවරණය වන්නේ යුරෝපයේ සිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායමක් ශී‍්‍රලංකාවේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට සංවිධානයේ නමින් නොයෙකුත් කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්හි යෙදීමට මුදල් එවන තැතක් ගැනය.පසුව කි‍්‍රයාත්මක කෙරුණු හදිසි මෙහෙයුමකින් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල සිටි පුනරුත්ථාපනය කෙරුණු නොකෙරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුලූ තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. ප‍්‍රධාන සැකකරුවන් හදුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මුහුණට මුහුණ සිදුවූ වෙඩි හුවමාරුවකින් ඔවුන් තිදෙන මරණයට පත්විය.මේ තිදෙන දිවයිනේ නොයෙකුත් කඩාකප්පල්කාරී කි‍්‍රයාවන්ගේ නිතර වීමට සැළසුම්කරගෙන සිටි බවත්,ඒ සදහා ඔවුන්ට ස්විට්සර්ලන්තයෙන්,එක්සත් රාජධානියෙන් හා ඉන්දියාවෙන් ආධාර ලැබී තිබෙන බවත් පසුව අනාවරණය වුනි.මියගිය තිදෙන පසු අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීමට වළදමා තිබුණු අවි ආයුධ,උණ්ඩ,බෝම්බ හා ලෝහ අනාවරක උපකරණ 3 ක් සොයාගැනීමටද ආරක්ෂක අංශ සමත්විය.


http://www.sathhanda.com/2015/07/ltte-srilanka.html
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොන කෙබර දැම්මත් මහින්දට අගමැති වෙන්න බෑ :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    මොන කෙබර දැම්මත් මහින්දට අගමැති වෙන්න බෑ :(

    :lol:

    sathhanda.jpg


    දෙස් විදෙස් පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අපගේ වෙබ් අඩවියට සමාන අයුරින් lankanewsweb.today නමින් හොර වෙබ් අඩවියක් පවත්වාගෙන යන මාධ්‍ය හොරුන්ගේ තවත් අමන වැඩක් වාර්තා වේ.
    අප වෙබ් අඩවියේ නමින් වෙබ් අඩවියක් අටවාගෙන ඇති මෙම මාධ්‍ය හොරුන් විසින් මේ වනවිට ජනප්‍රිය ඉරිදා පුවත්පතක් වන සත්හඬ පුවත්පතේ, sathhanda.lk වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් තිබේ.

    සත්හඬ නම භාවිතා කරමින් සහ එම පුවත්පතේ ජනප්‍රියත්වය භාවිතා කරමින් sathhanda.com නමින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවිය මගින් ව්‍යාජ තොරතුරු සහ පුවත් සමාජගත කරමින් සිටී. එජාප නායකයා නායකත්වයෙන් ඉවත් කොට සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වය ඩැහැගැනීමට සැරසෙන බවට ව්‍යාජ පුවතක් සමාජගත කරමින් සිටින්නේ ඔවුන් විසිනි.

    අදාල පුවත පළවීමත් සමග සත්හඬ පාඨකයන් පුවත්පත් ආයතනයෙන් මේ පිළිබඳව විමසා තිබේ. මේ පුවත සම්බන්ධයෙන් සත්හඬ පුවත්පත පවසන්නේ මෙය විමල් වීරවංශගේ ලංකා සී නිවුස් මාධ්‍ය නඩය සත්හඬ පුවත්පතේ ජනප්‍රියත්වය භාවිතා කරමින් සිදුකරන කැත වැඩක් බවයි. මෙවැනි අතේරෝල් පුවත් ප්‍රසිද්ධ කරමින් ඔවුන් කරන්නේ තම පුවත්පත භාවිතා කරමින් එම අතේරෝල් පුවත්වලට වටිනාකමක් ලබාගැනීම බවයි. අදාල පුවත විමල් වීරවංශගේ ලංකා සී නිවුස් හි වාර්තා කර ඇති අතර පුවතේ අගට සත්හඬ යනුවෙන් පමණක් යොදා එය සත්හඬ පුවත්පතෙහි පුවතක් බව පාඨකයාට ඒත්තු ගන්වන්නට උත්සාහ කරයි.

    අවම වශයෙන් ගමේ හරක් පට්ටියක් බලාකියාගෙන ඉන්න ගැමියන්ගේ හරක් පට්ටිවල වුවද එක් එක් හරකුන්ගේ අයිතිකරු කවුදැයි නිවැරදිව හණ ගසා ඇති අතර ඒ බවවත් නොදන්නා මේ මාධ්‍ය තැරැව්කරුවන්ට තමන්ගේ ප්‍රවෘත්තියේ අනන්‍යතාව පෙන්වීමට හෝ ධෛර්යයක් නොමැති වීම ඔවුගේ බෙලහීනතාවය පෙන්වන කැඩපතක් මිස ඊට වැඩි යමක් නොවන බව සත්හඬ පුවත්පත පවසයි.


    - http://sinhala.lankanewsweb.net/index.php/news/17932-2015-07-27-13-18-20