එජාපයට හිමිව තිබූ අසුන් කිහිපයක බලය අහිමිවෙයි
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ඇතැම් පළාත් පාලන ආයතනවල බලය මෙවර මැතිවරණයෙන් එම පක්ෂයට අහිමි වී තිබේ.
කතරගම, මාලිම්බඩ, කින්නියා යන ප්රාදේශීය සභාවල බලයත් හොරණ නගර සභාවේ බලයත්, කළුතර බේරුවල නගර සභාවේ බලයත් එක්සත් ජාතික පක්ෂයට මෙවර අහිමි වී ඇත.
මෙතෙක් පානදුර නගර සභාවේ සහ පාරින්ද නුවර ප්රාදේශීය සභාව, නාවුල ප්රාදේශිය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ අතර මෙවර මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පළාත් පාලන ආයතනවල බලය හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
එක්සත් ජාතික පක්ෂය යටතේ පාලනය වූ පල්ලේපොල ප්රාදේශීය සභාවේ බලය ද ස්වාධීන කණ්ඩායමක් විසින් හිමිකර ගෙන තිබේ.
ඡන්ද ප්රතිඵල වලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පළාත් පාලන ආයතන 205ක බලය හිමිවු අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ පළාත් පාලන ආයතන 9ක බලය පමණි.
එක්සත් ජාතික පක්ෂය ගම්පොළ, කඩුගන්නාව, කුලියාපිටිය, සීතාවකපුර, කළුතර යන නගර සභාවල බලය ද බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ද පහත හේවාහැට, පස්සර, අම්පාර යන ප්රාදේශීය සභාවල බලය ද හිමිකර ගෙන තිබේ.