2012 ඔබ සූදානම්ද...?

2012-end-of-the-world-285x300.jpg

2012 දී සිදුවෙන්නේ කුමක්ද? මේ ගැන මුල සිට දැන ගැනීමට මුලින්ම මායාවරු ගැන දැනගෙන සිටිමු - 1 කොටස

2012 සිදුවෙන්නේ යයි කියන ලෝක විනාශය පිළිබදව ඔබ මේ වන විටත් දන්නවා නිසැකයි. එය සිදුවීමට හේතුවන්නේ කුමන කාරණයක් නිසාද? එය සත්‍යවශයෙන්ම සිදුවන්නක්ද? යන උභතෝකෝටික ගැටළුද ඔබට ඇති බව රහසක් නොවේ. කෙසේ වෙතත් 2012 ලෙස නම් කල චිත්‍රපටියට පසුව මෙම සියළුකාරණා ලෝකය තුල සංවාදයට බදුන්වූ අතර එම චිත්‍රපටිය ප්‍රචාරණයට යොදා ගත් උපක්‍රම හේතුවෙන් අනවශ්‍ය භීතියක් ලෝකය පුරාම මෙය පිළිබදව ඇතිවූ අතර මෙම කරුණ පිළිබදව ඍජුව විග්‍රහකිරීම් මෙන්ම ලෝකය තුල මිනිසා ගෙන යන අකටයුතුකම් අරඹයා මෙවැනි විපත්, මෙම කරුණට අදාල මායාවරුන්ගේ දිනදර්ශනය නොවෙතත් සිදුවන බවද අපගේ සහෝදර බ්ලොග් රචකයන් කිහිපදෙනෙකුම ලියා තිබූ බවද මතකය නැගේ.

කරුණුකාරණා මෙසේ සිදුවෙමින් පවතිද්දී සත් සමුදුරට කලකට ඉහත පාඨක සහෘදයන් කිහිපදෙනෙකුම 2012 ගැන ලියන්නට අනුබලය සැපයෙද්දී සුමංගල හිමියන් හා බණ්ඩාර මිතුරා යන දෙපලගෙන් ලද මුලාංශ්‍ර දායකත්වය හා එයට ලබා දෙන ලද ධෛර්යයද සහිතව ඔබ නිරතුරු සත් සමුදුර තුලින් ඇසුරු කිරීමට ප්‍රියකරන ගවේශනාත්මක ලිපි ගොන්නට මෙම 2012 සංසිද්ධිය පිළිබදව ලියවුන ලියවිල්ලක්ද එකතුකිරීමට අද සිතුවෙමි.

එසේවුවත් සාමාන්‍යයෙන් වැඩිපුරම දැකගැනීමට හැකිවූ 2012 පිළිබද ලියවිල්ලකට වඩා එම කාරණාවට සම්බන්ධ ශිෂ්ඨාචාරයන්, ඔවුන්ගේ සැඟවුන කාරණා, මෙම සංසිද්ධියට හේතුවූ දිනදර්ශනය ආදිය ගැන මෙන්ම මෙ‍තෙක් අඩුවෙන් කතාබහට ලක්වූ තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තුවෙමි. මෙය බොහෝවිට ලිපි කිහිපයක් දක්වා දිර්ඝවීමටද ඉඩකඩ ඇති අතර එහෙනම් මුලින්ම මෙම 2012 සැබෑ අයිතිකරුවන් වන පෞරානික ශිෂ්ඨාචාරයක් වන මායා ශිෂ්ඨාචාරය හා මායාවරුන්ගේ සැඟවුන කාරණ සොයා බලමු.

මායා ශිෂ්ඨාචාරය - Maya Civilization

හැදින්වීම

මායා ශිෂ්ඨාචාරය යනු පෞරානික මෙන්ම ඇමරිකානු මහද්වීපයේ ස්ව‍දේශික සංස්කෘතියක් තිබූ ජනතාවකගේ ශිෂ්ඨාචාරයක් වන අතර යුරෝපීයන් ඇමරිකානු පොළව කෙලසන තුරු එය පෘතුවියේ බටහිරට වන්නට තිබූ දියුණු ශිෂ්ඨාචාරයක්දවේ. මායාවරුන්ගේ ව්‍යාප්තිය ගත් කල එය වර්ථමාන නැගෙනහිර හා දකුණු මැක්සිකෝව, ග්වාතමාලා, බෙලීස්, එල් සැල්වඩෝර් සහ බටහිර හොන්ඩියුරාස් දක්වා පැතිර තිබී ඇත. ඔවුන්ගේ සමෘධිමත් කාලය ක්‍රි.ව. 300 සිට 900 දක්වා තිබූ බව පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් පවසන අතර අති දැවැන්ත ගල් පිරමීඩ, පූජනීය ස්ථාන, ප්‍රතිමා ඇතුළුව තවත් සංකීර්ණ ගොඩනැංවීම් රැසක් ගණිත ශාස්ත්‍රය හා නක්‍ෂත්‍ර විද්‍යාව යොදා ගෙන සිදු කර ඇති අතර ඒවා රූපාක්‍ෂර හෙවත් hieroglyphs වල සටහන් කර තිබූ බවට සාක්‍ෂි හමුවේ. (මෙම hieroglyphs පිළිබදව පුරාණ මිසර පිරමීඩ ගැන ලිපියේද සටහන්විය).

ngmmaya.jpg


hyper.jpg


ක්‍රි.ව. 900 න් පසුව මායාවරු අභිරහස් ලෙස ග්වාතමාලාවේ දකුණු දිග මිටියාවත ප්‍රදේශයෙන් බැහැරවී ඇති අතර ඔවුන් උතුරේ පිහිටි Yucatán අර්ධද්වීප පෙදෙස හා ඒ ආශ්‍රිතව ජනාවාස වී ඇත. මෙම ව්‍යාප්තිය 16 වන ශතවර්ශයේ ස්පාඤය ආක්‍රමණිකයන් පැමිනෙනතුරුම සිදුවී ඇත. මෙම ප්‍රදේශ තුල තවමත් පුරාණ මායාවරුන‍්ගෙන් පැවත එන්නන් වාසය කරන බවද කියයි. කෙසේවෙතත් මෙයින් බහුතරයක් ස්පාඤය ආභාශය ලබා ඇති අතර සැලකියයුතු පිරිසක් තවමත් සිය අනන්‍යතාවය වන සාම්ප්‍රධායික මායා සංස්කෘතිය ආරක්‍ෂාකරගෙන සිටින බවද සතුටින් කිවහැක. වර්ථමානය වන විට පුරාණ මායාවරුන්ට ඥාතීත්වය ඇති මිලියන 7 ක පමණ පිරිසක් ඉහතින් දැක්වූ ඇමරිකානු ප්‍රදේශවල වාසය කරයි. ඉතිහාසයඥයන් හා ‍මායා ශිෂ්ඨාචාරය පිළිබද ඇසූපිරූ තැන් ඇති විද්වතුන්, ‍මායා ශිෂ්ඨාචාරය මූලික වශයෙන් අවධි තුනකට බෙදා වෙන්කර විස්තර කරනු ලබයි. එනම් Preclassic period (ප්‍රාග්සම්භාව්‍ය යුගය), Classic period (සම්භාව්‍ය යුගය) සහ Proclassic period (පශ්චාත් සම්භාව්‍ය යුගය) යනුවෙනුයි.

6-14-2011+7-41-58+PM.jpg



ප්‍රාග්සම්භාව්‍ය යුගය - Preclassic period

බෙහෝ කාරණවලට අනුව ඔවුන්ගේ ශිෂ්ඨාචාරයේ වර්ධනය මන්දගාමීව හා දීර්ඝව ප්‍රාග් සම්භාව්‍ය යුගය හෙවත් Preclassic period ලෙස සලකන ක්‍රි.පූ. 2000 සිට ක්‍රි.ව. 300 දක්වා සිදුවී යයි ඉතිහාසඥයන් පවසයි. කෙසේවුවත් ඔවුන්ගේ සංස්කෘතික ගති ලක්‍ෂන මතුවෙන්නට පටන්ගත්තේ මෙම කාලයේදී බව ඉතිහාසඥයන්ගේ මතයයි.මෙම කාලසමයේ මුල් අවධියේදී Mayan බස කතාකරන ස්වදේශික ඇමරිකානුවන් කලාප තුනකට බෙදා වෙන්කල හැකි ප්‍රදේශවල වාසය කරන්නට ඇත. එනම් නැගෙනහිර හා දකුණුදිග මැක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව, වියලි දේශගුණයක් මෙන්ම හුනුගල් ආශ්‍රිත පරිසරයක් ලෙස සැලකෙන මැක්සිකෝවේ උතුරු දිග වෙරල තීරය අයත් Yucatán අර්ධද්වීප පෙදෙස, උතුරු ග්වාතමාලාවේ අභ්‍යන්තරයේ ඇති Petén කලාපයට අයත් නිවර්ථන වනන්තර වල හා ගිනිකඳු හා කඳු මුදුන් වලින් සමන්විත දකුණුදිග ග්වාතමාලාවේ පැසිෆික් සාගරයට ආසන්න ප්‍රාදේශයේය.

මුල්කාලීන මායාවරු ගොවීන් ලෙස සිය ජීවිතය ගෙවූ අතර ඔවුන් කුඩා තුනින් තැන විසිරී තිබූ ගම්මානවල thatch නමින් හැදින්වුන නිවාස තනා ගෙන විසූ බව පැවසේ.සාමූහික ලෙස ගොවිතැන් කල ඔවුන් උල් කරන ලද ලී දඩු ආධාරයෙන් පොලව හාරා බීජ වගා කර ඇත. ප්‍රාග් සම්භාව්‍ය යුගයේ පසුකාලීන අවධිවල ඔවුන් තමන් විසින් සොයාගත් නව ගොවිතැන් විධික්‍රම වන එකදිගට වගා කිරීමේ ක්‍රමශිල්ප, මාරුවෙන් මාරුවට බෝග වගා කිරීමේ ක්‍රම, වගාවන් සදහා පොහොර භාවිතය, ගෘහ වගා බිම් ආදිය සිදුකර ඇත.

එසේම සමහර ප්‍රදේශ වල සමහර කාලවල ඇතිවන වගුරුබිම්ද සිය බෝග වගාවන් සදහායොදාගත් බවද පැවසේ. මොවුන් වගා කල බෝග ලෙස බඩ ඉරිඟු, බෝංචි, අලිගැටපේර, ගම්මිරිස්, ගස්ලබු, අන්නාසි සහ කොකෝවා ප්‍රධාන වේ. මෙම කොකෝවා, ජලය හා මිරිස් ආදිය යොදාගෙන ඔවුන්ට ආවේණික චොකලට් පානයන්ද තනා ගෙන ඇති අතර කාන්තාවන් විසින් බඩ ඉරිඟු අඹරා එයද ජලය සමග මිශ්‍රකරatole ‍ලෙස හදුන්වන පානයක් හෝ පිසගැනීමෙන් කේක් එකක් වැනි ආහාරයක් තනාගෙන තිබේ. ඒවගේම ඔවුනගේ තවත් රසවත් බීමක් වී ඇත්තේ balche ලෙසින් හදුන්වන මීපැණි හා balche ගසේ පොතු මුසුකොට තනන පානයක් වන අතර මෙය බොහෝවිට ඔවුන් මධ්‍යසාරයක් ලෙස භාවිතාකරන්නට ඇතැයි සැලකිය හැක.

හාවුන්,මුවන් සහ කළුකුමුන්ට ‍මායාවරු අනුකම්පාවක් නොදක්වා ඇති අතර එම සතුන් දඩයම් කොට මද ගින්නේ පුළුස්සා ආහාරයට ගෙන තිබේ. මතස්‍යයන්ද ඔවුන්ගේ ආහාරයේ කොටසක් වී ඇති අතර ගෘහස්ථව කළුකුමුන්, තාරාවන් හා බල්ලන් ඇතිකර තිබේ.

herotwins.jpg


මේ අවධියේ ඔවුන් ආහාර කල්තබා ගැනීමටද අමතක කර නැත. ඔවුන්ට ආවේණික ක්‍රමවේදයන් ඔස්සේ මැටි බදුන්වල ආහාර කල් තබා ගත් බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි තවමත් හමුවේ.

food+Storage.jpg


මායා පිරිමින් දඩයමේ හෝ මසුන් ඇල්ලීමේ හෝ ගොවිතැනේ නොයෙදෙන විට ඔවුන් ගල් ආයුද, මැටි පිළිම, පාශාන කැටයම් කිරීමේන් කරනු ලබන නිෂ්පාදන,කඹ, මළු හා පැදුරු ආදිය තනා ඇත. මායා කාන්තාවන් මැටි බදුන් පින්තාරු කිරීම, ponchos ලෙස හැදින්වෙන කබා විශේෂය ගෙතීම, පිරිමින් අදිනා loincloths නම් අමුඩයක් වැනි ඇදුම්ද, කාන්තාවන් අදින සාය ආදිය තනා ඇති අතර ඒවා කපු හා maguey ශාකයේ පත්‍ර භාවිතාකර නිපදවාගෙන ඇත. එසේම ඔවුන් wild fig ශාකයේ ‍පොතු උපයෝගී කරගෙන කඩදාසිද තනා ගෙන ඇති අතර ඒවා මූලිකවම ඔවුන් භාවිතා කර ඇත්තේ උත්සව අවස්ථාවල භාවිතය සදහායි. ඔවුන් සතුව බර ඇදගෙන යා හැකි සතුන් හෝ රෝද සවිකල වාහන ආදිය නොතිබූ අතර පටු අඩිපාරවල් දිගේ tumplines ලෙස හැදින්වෙන ඔසවා ගෙන යන භාණ්ඩය දෙපසින් රැහැන් සවිකොට එය හිසේ හෝ පපුවේ එල්ලා ගෙන යන ක්‍රමයට හෝ ගලා යන දියපහරවල් දිගේ ගස්වල කදන් සාරා තනා ගත් dugout canoes යාත්‍රායොදා ගෙන භාණ්ඩ ප්‍රවාහනය කොටඇත.

tumplines.jpg

tumplines ආකාරයට බර ඔසවාගෙන යාම

American+Indians+making+a+dugout+canoe%252C+1590.jpg

dugout canoes යාත්‍රා සෑදීම
මුල් කාලීන මායාවරු ඥාතීත්වය පදනම් කරගත් නායකත්වයක් යටතේ ඒකරාශීව සිට ඇත. නායකයත්වය පරම්පරාවෙන් උරුමවූවක් වූ අතර එය පදනම් ඇත්තේ දේශපාලනික දක්‍ෂතාවයන් හා අදෘශ්‍යමාන අද්භූත බලවේග සමග සංනිවේදනය කිරීමේ හැකියාවන් මතයි. නායකයා සහ ඔහුගේ පවුලේ අයට එම ජනකොට්ඨාශයේ ප්‍රභූත්වයෙන් සැලකුම් ලබා ඇති අතර ඔහුට සහ ඔහුගේ සමීපයන්ට සමාජයේ ඉහල වරප්‍රසාදද ලැබී තිබේ. සමහර ජනාවාසයන් නායකයන් හෝ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගෙන් සැදුම් ලත් මණ්ඩලයකින් පාලනය වී ඇති අතර එය දේශපාලනික හා ආගමික වශයෙන් ඒකරාශිව තිබී ඇත.

වෙනත් පැරණි ශිෂ්ඨාචාරවල කෘෂිකාර්මික ජනතාව සේ මුල්කාලීන මායාවරු කෘෂිකර්මය සදහා වූ දෙවියන් වැදුම් පිදුම් කර ඇති අතරම වර්ෂාව සදහා වූ දෙවියන් සහ පසුව වැදුම් පිදුම් කල බඩ ඉරිඟු සදහා වු දෙවියන් එයින් ප්‍රධානය. සිය දිවියේ සෑම දිනක්ම පාලනය කරන්නේ මෙම දෙවිදේවතාවන් බවට ඔවුන්ගේ තද විශ්වාසයක්ද තිබී ඇත. ඒ වගේම මායා නක්‍ෂත්‍ර විද්‍යඥයන් සූර්යයා, චන්‍ද්‍රයා හා ග්‍රහලෝක ආදිය ඇසුරෙන් නිර්මාණය කරගත් නක්‍ෂත්‍ර ගණනය කිරීම් හා එයින් සාදා ගත් ලිත් හා තාරකා විද්‍යාත්මක දිනදර්ශනද තිබින. මෙම නක්‍ෂත්‍ර විද්‍යාව මායාවරුන්ගේ ජීවිතය හා බද්ධව තිබී ඇති අතර එය නිසා සුභ ප්‍රතිඵල ගෙනදෙන බවට විශ්වාසය තිබී ඇති අතර ඔවුන්ගේ වගා කටයුතුවල සිට එදිනෙදා දිවියේ විවිද ක්‍රියාකාරකම් සදහා හා ඔවුන්ගේ යුදකටයුතු සදහාද එය බහුලව භාවිතා කර තිබේ.

පාලකයන් හා යටත් වැසියන් ජනාවාසයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලක් කේන්‍ද්‍රගත කරගනිමින් වාසය කල අතර ඒ බව දකුණු දිග උස්බිම් වල පිහිටි Kaminaljuyú(http://www.delange.org/Kaminaljuyu/K1.htm), Tikal(http://www.authenticmaya.com/tikal1.htm) හා මධ්‍යම පෙදෙසේ ඇති මිටියාවතක් වන Petén කැලෑ ප්‍රදේශවලදී දැක ගත හැකිය. පිරිමිඩාකාරයේ පස් ගොඩැලි වල බොරළු අතුරා තැනූ අල්තාර හෝ සෙවිලිකල වහලකින් යුතු ගොඩනැගිල්ලකින් යුතු ‍දේවොලක් මෙම ජනාවාසයන්හි මධ්‍යයේ පිහිටා තිබූ අතර ඒවායේ සිටි පූජකයන් දෙවියන් වෙනුවෙන් බිලිපූජා ආදිය සිදුකොට තිබේ. ප්‍රාග්සම්භාව්‍ය යුගයේ පසුකාලීනව මායාවරු ගොඩනැගිලි පාශාන යොදාගෙන ඉදිකිරීමට වැඩිවශයෙන් පෙලඹී ඇත.

Dsc00101.jpg

Unxcavated Temples Mounds. Kaminaljuyú,
Guatemala City, Guatemala
මෙම ප්‍රාග්සම්භාව්‍ය යුගය තුල පැරණි මායාවරුන්ගේ මූලික ලක්‍ෂන ස්ථාවර මට්ටමකට පත්ව ඇති අතර මෙම යුගය තුල ඔවුන් අති දැවැන්ත පිරමීඩ තැනීමට පවා සමත්ව ඇති අතර ග්වාතමාලාවේ මිටියාවතක් වන El Mirador හි තනා ඇති පිරමීඩය මායාවරුන්ගේ දැවැන්තම ඉදිකිරීමක් වන අතර එය සම්භාව්‍ය යුගය අයත් වන ක්‍රි.ව. 400 පමණ වන විට එය ප්‍රධාන ජනාවාසයක්ව පැවත තිබේ. එසේම ඔවුන් මෙම කාලයේදී Obsidian නම් ගිනිකදු ආශ්‍රිත මෘදු පාශානයකින් තනා ගත් අවිආයුද හා මෙවලම් El Mirador හා පැසිෆික් පහත් බිම් වන Chiapas හා ග්වාතමාලාවේදී හමුවී තිබේ. Kaminaljuyú උස්බිම් ප්‍රදේශය මායාවරුන්ගේ ප්‍රබල ජනාවාස බිමක් වන අතර එය පහත්බිම් වල ජනාවාසයන් සදහා හා සැපයුම් පාලනය කල ප්‍රදේශයක් බවද පැවසේ. එසේම එය වෙලද මාර්ගයන් පාලනය කරන මධ්‍යස්ථානයක් ලෙසද පැවති බව ඉතිහාසඥයන් පවසයි.

elmirecons.jpg

El Mirador

0002043F.gif

අසරණයට රෙප් ඇඩ් කරලා යමල්ලා....
 

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    I met a person from peru few days backs. What they said was that only a few in peru believe this 2012. Most don't even care to read about this. lol