කන්‍යා ලග්නය
- ව්‍යාපාර දියුණුව
- හදිසි ධනලාභ
- පින්බර දරු උපත්
කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්නයත්, දසවැන්න වූ රැකියා ස්ථානයත් අධිපති බුධ, ඔබේ වික‍්‍රමස්ථානයේ නීච රාහු සමග ගතකරන අතර, ඔබේ වික‍්‍රමස්ථානයත් අටවැන්නත් අධිපති කුජ, දොලොස්වැන්නේත් විවාහක ස්ථානයත් හතරවැන්නත් අධිපති ගුරු අටවැන්නේත් ඔබේ ලග්නයට යෝග කාරක බලගතු ග‍්‍රහයෙකු වන නවවැන්නාධිපති සිකුරු පස්වැන්න වන ති‍්‍රකෝණස්ථානයේ ඉතා බලගතුව නවවැන්නත් ලග්නයත් දකිමින් ගතකරන අතර, ඔබේ පස්වැන්න හයවැන්නාධිපති සෙනසුරු වර්ෂ 29 යි මාස 1 යි දින 10 කට පසු ධනස්ථානයේ උච්චව ප‍්‍රබල ධනයෝගයක් ගෙනදෙමින් ගතකරනවා. හයවැන්නාධිපති රවි හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේත් යුරේනස් විවාහක ස්ථානයේත් නව වසරේ ගතකරනවා. ආර්ථික පැත්තෙන් ඔබට ඉතාම සුබදායක වසරක්. නව වසර උදාවත් සමග සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ඔබට පැවතුනත්, ඔබේ ආර්ථික බලාපොරොත්තු ඉටුකරදෙන වසරක් ලෙසත්, ඔබේ ඇණහිට තිබූ ව්‍යාපාර නැවත ආරම්භ කළ හැකි වසරක් ලෙසත්, අළුතින් ව්‍යාපාර ඇරඹීමට සුදුසු වසරක් ලෙසත් නව වසර පෙන්වා දිය හැකියි. පැවති ණයතුරුස්වලින් නිදහස්වීමට ඉඩ ලැබෙන අතර, දරුඵල අපේක්ෂාවෙන් පසුවන කන්‍යා ලග්න කාන්තාවන්ට ඉතා පින්බරම දරුවන් බිහිකිරීමට භාග්‍ය හිමිවේ. අධ්‍යාපන කටයුතුවලින් විශිෂ්ඨ ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකිවන අතර, විදේශ ගමන් වාසනා හිමිවේ. යාන වාහන මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටුවන වසරක් ලෙස නව වසර පෙන්වා දිය හැකියි. සඳු ග‍්‍රහයා නැප්චූන් සමග රොගස්ථානයේත්, සතුරු ස්ථානයේත් ගත කිරීම අනුව අසනීප තත්ත්වයන් ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න. හදවත් සහ උදරයෙන් පහළ කොටසේ අසනීපවලින් පෙලී සිටියෙකු නම් මෙය ඔබට අපල කාලයක් යැයි සිතා ඒ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ. සතුරු කරදර පිළිබඳව වඩාත් සැලකිලිමත්වීමද නව වසරේ කන්‍යා ලග්න හිමි ඔබට වැදගත් වේ.
කන්‍යා ලග්න හිමියන්ට නව වසරේ,
සුබ දවස් වන්නේ - බදාදා, බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින 03 යි.
සුබ වර්ණයන් වන්නේ - කොළ පැහැති වර්ණය.
ජය අංකයන් වන්නේ - අංක 02, අංක 03, අංක 05, අංක 07 යන අංකයන්.
සුබ මැණික් වන්නේ - පච්ච සහ ගෝමේද යන මැණික්.