2012.12.21 ලෝක විනාශයක් නෑ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    2012.12.21 ලෝක විනාශයක් නෑ

    sun-day-representing-sculpture-110.n.jpg


    මධ්‍යම අමෙරිකාවේ දේශ සීමාවට අයත් ගෝතමාලා හි වැසි වනාන්තරයෙන් සොයා ගන්නා ලද පැරණි දකුණු අමෙරිකානු ශිෂ්ඨාචාරයක් වන මායා වරුන්ගේ කැලැන්ඩරයකට අනුව ලෝක විනාශය 2012 දෙසැම්බර් මස 21 වනදා සිදු නොවන බවත් ලෝකය තවත් වර්ෂ බිලියන ගණනක් පවතින බවත් සඳහන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
    මේ පිලිබඳ සිදුකල මූලික පරික්ෂණ එරට බොස්ටන් විශ්ව විද්‍යාලය විසින් සිදු කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දින සටහනේ ඉතා නිවැරදිව සූර්යාගේ හා චන්ද්‍රයාගේ චක‍්‍රය පිලිබද හා දීප්තිමත් තාරුකා සංඥා පිලිබදවද විස්තර වන බවත් මියගිය අයගේ සිරුරු වලට පූජා හා චාරිත‍්‍රවාරිත‍්‍ර සිදුකර ඇති බවත්යි.
    මෙම ලේඛනය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම සාධකය වන්නට ඉඩ ඇති බවත් මෙම සොයා ගැනීම් කරන ලද පිරිස් විසින් අනුමාන කරන අතර අනෙකුත් කැලැන්ඩර වලට සමාන දින සටහන් ඇති මේ තුල ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
    සොයාගන්නා අවස්ථාව වන විටත් මෙය ඉතා හොඳ තත්වයේ පැවති බවත් මෙහි ඉතා සිහින් කුටීර වැන්නක් මතුපිට දක්නට ඇති අතර ඒවා තුල අදාල කරුණු සටහන්ව ඇත. ප‍්‍රමාණයෙන් වර්ග මීටර බාගයකට මදක් වැඩි මෙම ලේඛනය තුල මායාවරුන්ගේ වසර 6000 ක චක‍්‍රය අනුව ලෝක විනාශයකින් අවසන් නොවන අතර ඔවුන් අවසානයේ අසීමාන්තික යුගයක් කරා යන බව විශ්වාස කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.


    logo.png



    Code:
    http://rt.com/news/maya-calendar-guatemala-discovery-973/
     
    • Like
    Reactions: Dasun Liyanage

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලෝකේ විනාශ වෙනව කියල පාඩම් නොකර එග්සෑම් අත හැරපු උන්ට මේක ගොඩාක් සුභ ආරංචියක් වේයි :P:P:P:P