2013 ලග්න පලාඑල

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    RePost බුවා;13852344 said:
    rep+++

    dan diipan......

    matath ewapanko ban

    onna dunna.

    rep denna balu mcn....

    matath pM karahako

    matath ewapan ban

    Ane machoo Rep power ekak nam tama na.
    Send me the link if possible.

    Tanku wewa


    පොහොසත් වෙන්නේ අවුරුදු 35න් පසුවයි 11 වැනි ලග්නය ලෙස ගැනිය හැකි කුම්භ ලග්නය අනෙකුත් ලග්න අතරින් වෙනස් බවක් පෙන්වයි. අදහස්වල යම් තිරසාර ගතියක් පෙන්වතත් අනුනට රිදවීමට තරම් දරුණු නොවේ. තමාට අයිති දේවල් සමහර අවස්ථාවලදී අන් අයට දීමට කැමැති වෙතත් බෙදන්නේ තම තමන්ගේ අය අතරයි. සැප ගැන දැඩිව පන්නා යන ගතියක් නැත. හෙමින් වැඩ කිරීමට කැමැත්තක් දක්වතත් බාරගත් වැඩය හෙමින් හෙමින් හෝ අවසානය දක්වා කරගෙන යයි.


    සෙනසුරුට ආවේණික ගති ලෙස සැලකිය හැකි කේන්ති යෑම මොවුන් තුළ ඇති අතර, බොහෝ විට දැඩි වචන පාවිච්චි කරනුද පෙනේ. තනියම වාසය කිරීමටත් කල්පනාවේ වැටී සිටීමටත් ප්‍රිය කරන කුම්භ ලග්න හිමියන් ඇසුරු කරන ඕනම කෙනකුට සිතෙන්නේ අලසකමක් ඇති ලෙසයි. නින්දට තරමක් ප්‍රිය කිරීම මේ සඳහා හේතු වේ. එනමුත් රාජකාරියක් පැවැරුණු විට කෙසේ හෝ කලට වේලාවට එම වැඩකටයුතු අවසන් කරයි. හිත දියුණු කිරීම සඳහා භාවනා කිරීම වැනි දේවලට පෙලැඹෙන මොවුන් ආගමානුකූල ජීවිතයක් නිරතුරුවම හිමිකරගනී.


    සමාජය තුළ හොඳ තත්ත්වයක් ඇති කරගත හැකි නමුත් ඉතා ඉහළට ගිය කුම්භ ලග්න හිමියන් ගණනින් තරමක් අඩුය. මේ සඳහා හේතු වන්නේද තරගකාරීත්වයට එතරම් කැමැති නැති වීමය. ආගම දහම තුළින් දර්ශනවාදය වැනි මානසික දියුණුව අතින් ඉහළට ගිය අයගේ සංඛ්‍යාව නම් බොහෝ ඇත. නායකයන් බවට පත්වූ පුද්ගලයන් අතර එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හිටපු අගමැතිතුමා, කාල් මාක්ස් වැනි අයත්, මුණිදාස කුමාරතුංග මැතිතුමාත්, සනත් ජයසූරිය වැන්නන්ද ලෝක ප්‍රසිද්ධ වේ. නමුත් මේ හැමදෙනා තුළම පොදුවේ ඇතිව තිබූ ප්‍රබල ග්‍රහ පිහිටීම් මෙම දියුණුවට ඉවහල් වී තිබේ.


    ආත්මාර්ථකාමීකම යහපත් දෙයක් නොවූවත් ලෞකික ජීවිත ගත කරන සියලුදෙනා තුළම අඩු හෝ වැඩියෙන් ආත්මාර්ථකාමීකම තිබෙන බව අප සැවොම පිළිගත යුතුය. සමහර විට ඔබේ මේ වචනයට තරමක් තරහ ඇති වනු ඇත. නමුත් ඒ සඳහා දිය හැකි වෙනස් වචනයක් නැත. දියුණුව නරක දෙයක් නොවේ. අප සියලුදෙනාම අප ජීවත් වන සමාජය තුළින් ලැබෙන ප්‍රතිචාර ඉහළින් බලාපොරොත්තු වන හෙයින් ඒ සඳහා අපට මිලක් ගෙවීමට සිදුවේ.

    අප හොඳ මිනිසුන් බව සමාජයට ඒත්තු ගැන්වීමට හොඳ වැඩ යැයි පිළිගන්නා ක්‍රියා සිදු කිරීමට අපට අවශ්‍ය වේ. එවැනි දෑ කිරීමට මුදල් හදල් අවශ්‍යයි. ලොකුවට හොඳ වැඩ කළ තරමට සමාජය ඔබට වැදගතකු සේ සලකනු ඇත. එවිට ඔබ බලාපොරොත්තු වන නම්බුව සමාජයෙන් ලැබේ. නමුත් ඒ සඳහා ඔබ මිලක් ගෙවා ඇත. එය ගෙවීමට ඔබට වැඩිපුර මුදල් ඉපැයීමට සිදුවේ.

    මෙලෙස බැලූ විට ඔබ උපයා ඇත්තේ සාධාරණ ලෙසටද යන්න සිතා බැලීම වටී.
    කුම්භ ලග්නය ගැන කතා කරද්දී මේ කාරණාව මතු කළේ කුම්භ ලග්න හිමියන් ලැබෙන දෙයකින් සතුටු වී තේරෙන විදියට පින් කරමින් චාම් ජීවිතයක් ගත කරන නිසා සමහර ලග්න හිමියන්ට වඩා ඔවුන් ආධ්‍යාත්මික සුවයක් ලබන බවයි. ලෝක ප්‍රසිද්ධ කුම්භ ලග්න හිමියන් අඩු යැයි කීවේ ඒ නිසාය.
    ඔබ කුම්භ ලග්න හිමියෙක් නම් ඔබට සතුටු විය හැක්කේ බොහෝ විට ඔබ යථාර්ථවාදී වන නිසාය. එය පිනක් යැයි හැඳින්විය නොහැකි වුවත් අනුන් තළාපෙළා කෙසේ හෝ මුදල් සොයන, ඒ මුදල්වලින් මහා දන් පින් කරන වැදගතුන්ට වඩා ඔබ හැකි පමණ සාධාරණව ජීවත් වන, සමාජයට අවැඩක් නොකරන කෙනෙක් නිසාය.


    අපි දැන් කුම්භ ලග්න හිමියන්ගේ ග්‍රහ පිහිටීම පිළිබඳ සොයා බැලුවහොත් ඔවුන් සතු වාසනාව, ධනය ලබයිද නොලබයිද යන වග, ලැබේ නම් ඒ කුමන කාලයකද යන්න පිළිබඳ සොයා බලන විට ලග්නාධිපති ලෙස සෙනසුරු ලග්නයේම ඇත්නම් "සස" නමැති පංචමහා පුරුෂයෝගය උදා වෙයි. මේ අයට දේපළ ලැබීමට උරුමකම් ඇත. කෘෂිකර්මය දෙසට වැඩි නැඹුරුවක් පෙන්වයි.


    ගුරු ග්‍රහයා සෙනසුරු සමඟ එකට එකතුව 1, 2, 11 තැනක සිටී නම් අන්සතු ගෙයක් ඔබට හිමිවන බවත්, ඉතා හොඳ ධනවතෙක් වන බවත් කල්තියා දැනගත හැක. වයස අවුරුදු 35න් පසු එමෙන්ම 50ට පෙර ගුරු හෝ සිකුරු මහ දශාවක් ලැබීම ඔබ ශක්තිමත් ආර්ථිකයට හිමිකම් කියන බව කල්තියා පෙන්වයි.


    ගුරු, සිකුරු දෙවැන්නේ සිටීම සඳු සිකුරු 4 වැන්නේ සිටීම, ගුරු සඳු 7 වැන්නේ සිටීම, ශනි සිකුරු 9 වැන්නේ සිටීම, කුජ ශනි 12 වැන්නේ සිටීම ඉතාමත් ප්‍රබල ධනයෝගයන් වෙයි. මැදි වයසේදී හොඳ දශාවක් නැතහොත් ගුරු, සිකුරු සඳු වැනි දශාවක් ලබා තිබේ නම් හොඳින් සැප සම්පත් ලබයි.
    මේ අතර කුජ, ශනි 12 සිටීම ප්‍රබල ධන යෝගයක් මෙන්ම දරදඬු බවක් ලබා දෙන පිහිටීමකි. කිසිම දෙයකින් සෑහීමට පත්වන බවක් මොවුන් තුළින් නොපෙන්වයි. පළිගන්නාසුලු බව, දරදඬු බව සහ කේන්ති යෑම වැනි ගුණාංග නිසා විවාහයට අයහපත්ය.


    අප ධන යෝග ගැන කතා කරන්නේ බොහෝදෙනාගේ ආශාව වන්නේ ධනය ලැබීම පිළිබඳ නිසාය. එමෙන්ම ධනය නැතිව ජීවත් වීමටද බැරි නිසාය. විවාහ කටයුතු නැතහොත් පොරොන්දම් බැලීම සඳහා මවුපියන් බොහෝ දෙනෙක් ජේ‍යාතීර්වේදීන් වෙත එන අතර මවුපියන් බොහෝ විට විමසා සිටින්නේ තම පවුලට සම්බන්ධ වන දුව හෝ පුතාගේ රැකියාව, සමාජ තත්ත්වය සහ මුදල් යන දේවල්ය. හොඳ ගතිගුණ පිළිබඳ විමසන වැඩිහිටියන් ඇත්තේම නැති තරම්ය. එකම දෙය නම් මා හට ඇති ප්‍රශ්නය ඔබ සොයන්නේ දුවට හෝ පුතාට සතුටින් ජීවත් විය හැකි විවාහයක්ද, එසේත් නැතිනම් මුදලට බලයට යටවුණු ජීවිතයක්ද යන්න ප්‍රශ්නයකි.


    ඔබේ දරුවන් ගැන තීරණ ගැනීමට ඔබට අයිතියක් ඇත. එසේත් නැතිනම් දරුවන්ට තමන් ගැන සිතා බැලීමට අයිතියක් ඇත. ඔබ නිවැරැදිව විවාහය තෝරාගතහොත් යහපත් විවාහයක් ලැබෙන අතර, ඔබ පටු අරමුණුවලට මුල්තැන දුනහොත් සදාකල්හිම ප්‍රශ්න ගොඩක පැටලෙනවා ඇත. ඒ නිසා කුජ, ශනි යෝගය ඇති කුම්භ ලග්න හිමියන් සමඟ විවාහ වීමේදී ඔබට අවශ්‍ය කුමන වර්ගයේ විවාහයක්දැයි දැනගෙන විවාහ වීම යහපත් වේ. විශේෂයෙන්ම මෙම පිහිටීම ඇති කෙනෙක්, එවැනි පිහිටීමක් ඇති අයකු සමඟ විවාහ වීම යහපත් වනු ඇත. මෙම "කුජ" "ශනි" යෝගය කුමන ස්ථානයක ඇතත් තරමක් කල්පනාකාරීව විවාහයකට යා යුතුයි.


    ශනි, සිකුරු සහ බුද තනි තනිව හෝ එකට එකතුව 1, 5, 9 ස්ථානයක ඇත්නම් ප්‍රබල රාජ යෝගයක් උදාවේ. මේ මඟින් ඉතා ඉහළ රැකියාවක් මෙන්ම සමාජ පිළිගැනීමක් ලැබීමටද වාසනාව ඇත.


    කුජ, සිකුරු එක්ව සුබ ස්ථාන ලෙස ගැනෙන 1, 2, 4, 5, 7, 9, 10, 11 ස්ථානයක පිහිටා ඇත්නම් "ධර්මකර්මාධිපති රාජ යෝගය" වන අතර ගුණගරුක බව, යහපත් ගති පැවැතුම් සහ ධනය ලබන අතර, තම වචනයට සමාජයට ගරු කරන තත්ත්වයකට පත්වේ. තුන්වැන්නේ තැන්පත් නම් ලේඛන කලාව හෝ කලා අංශ කෙරෙහි යොමුවන ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වේ. 6, 8, 12 ස්ථානවලදී තරමක් දුර්වල වන අතර රාගික පැත්ත වැඩිවීමේ ඉඩකඩක් ඇතිවේ.
    චන්ද්‍ර, කුජ දෙදෙනා 6 වැන්නේ හෝ 10 වැන්නේ එක්ව සිටී නම් වෛද්‍ය අංශයට යොමු වීමට හැකියාව ඇත. උසස් අධ්‍යාපනය ලබන කාලයේදී බුධ හෝ ගුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ගෙවයි නම් නිසැකවම එම අංශයේ ඉහළටම යා හැක.


    බුධ, කුජ එකට එකතුව 9, 10, 11 තැනක සිටී නම් ගණිත අංශයෙන් නැතහොත් වාණිජ අංශයෙන් ඉහළට යෑම සිදුවේ. කලින් සඳහන් කළ බුධ, ගුරු දශා ලබා තිබීම ඉහළ අධ්‍යාපනයකට මඟපාදයි. බුද සිකුරු 1, 2, 3, 5, 9, 10, 11 ස්ථානවල ඇත්නම් කලා අංශය තෝරා ගැනීම වඩාත් සුදුසුය. හඳහනක ග්‍රහයන් පිහිටා ඇති ආකාරය ඉතා වැගත්ය. කොතරම් ග්‍රහයෝග ඇතත් දශා පිළිවෙළ යහපත් නැත්නම් එයින් ප්‍රතිඵල ලබා ගැනීම තරමක් අපහසුය. ඔබට තේරුම් ගැනීම සඳහා දිවයිනේ ප්‍රසිද්ධ දේශපාලනඥයකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම පත්‍රය සලකා බලමු.1899 ජනවාරි 9 උදේ 10.00ට පමණ අනුර නැකත පළමු පාදය

    මෙම හඳහන් දෙස බැලුවහොත් ලග්නාධිපති 10 වැන්නේ තැන්පත් වීම 10 වැන්න බලවත් වීමක් පෙන්නුම් කරයි. හඳහනක 9, 10, 11 ස්ථාන රැකියාව, ආදායම සහ ධර්මිෂ්ඨ බව හඟවන ස්ථානයි. එම නිසා එම ස්ථානවල ග්‍රහයන් වැඩිපුර තැන්පත් වීම සාධාරණ බලවත් අයෙක් බිහිවන බව කියාපායි. කුම්භ ලග්නයට 6 වැනි කොටුව කටක රාශිය වන අතර, 10 වැනි කොටුව වෘශ්චික රාශිය වේ.

    6 වැන්න හිමි සඳු 10 වැන්නේත්, 10 වැන්න හිමි කුජ 6 වැන්නේත් පිහිටා ඇත. සඳු සහ කුජ දෙදෙනාම නීච වේ. මෙය "නීච භංග රාජ යෝගය"කි. "පරිවර්තන යෝගයක්"ද වේ. මේ මඟින් කථිකත්වය ඇති වේ. එමෙන්ම එඩිතර හිතක්ද ඇතිවේ. ගුරු 9 වැන්නේ සිටීම ඉතා හොඳ ධන යෝගයක් මෙන්ම විදේශ රටක අධ්‍යාපනය ලැබීමටද උපකාර වේ. රවි, බුධ 11 වැන්නේ සිටීම බලවත් පරපුරකට හිමිකම් කියයි. ගුරු 9 වැන්නේදී විවාහ ප්‍රමාදයද සිදුවේ. එමෙන්ම මෙහි ඇති රාහු, කේතු අතරට සියලුම ග්‍රහයන් මැදි වී සිටීම කාලසර්ප යෝගයයි. රාහු සමඟ රවි, බුධ එකම රාශියක ඇති නිසා අර්ධ කාලසර්ප යෝගය ලෙස හැඳින්වේ. බොහෝ අවස්ථාවලදී කාල සර්ප යෝගයෙන් ආයුෂ මධ්‍ය ප්‍රමාණ වීමත් දැකිය හැකිය. මෙම ලිපිය කියැවූ පමණින් සියලු දෙනාටම මඳ ආයුෂ ඇති ලෙස සිතා ඒ පිළිබඳ කලබල නොවීමද යහපත් වේ.


    මේ සමඟම එම යෝගය ගැනද සඳහන් කිරීම යහපත් යැයි මට සිතේ. අර්ධ කාල සර්ප හෝ කාල සර්ප යෝගය ඇති අයට ජීවිතයේ ප්‍රධාන කොටස්වලින් එකකට යම් බලපෑමක් ඇති වන බව බොහෝ විට අත්දැක තිබේ. විශේෂයෙන් මවු සෙනෙහස, පිය සෙනෙහස, විවාහය, දරුවන් නැතහොත් ආයුෂ යන එක් වටිනා අංශයකට හානි ගෙනදීමටත් ජීවිතයේ කිනම් කාලයක හෝ හදවතට දැනෙන වේදනාවක් විඳින බවත් දැකිය හැකිය. මෙහිදී මව ජීවත්ව සිටියත් මවු සමඟ ගැටලුද, නැතහොත් පියා ගැනද දරුවන් ගැනද ඒ ආකාරයෙන් සිතා ගැනීම තුළ ඔබට මෙම යෝගය පිළිබඳ ඇති දුර්මත පිළිබඳ සිතා බැලීමට හැකිවනු ඇත.
    සමස්තයක් ලෙස ගත් කල කුම්භ ලග්නය මා දකින්නේ යහපත් ප්‍රතිඵල දෙන හොඳ කල්පනාවන් ඇති ලග්නයක් ලෙසය. මෙහි ප්‍රතිඵල තරමක් දුරට වෙනස් වන්නේ ග්‍රහයන්ගේ ප්‍රබලතා හෝ දුර්වලතා මත බවත් දශා ලබන පිළිවෙළ, දියුණුව හෝ පරිහානිය සඳහා හේතුවන බවත්ය.

    ++rep :) ewanna ewanna :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Meh mona magulak da.. Link eka ewapan rep kannada ban passe dennam me reddak kiyanawa den

    Ewapan onna ohe. Rep

    මචන් මටත් එවපංකෝ... :D


    mata awe nathoooooo

    Link eka PM kara :)
     
    • Like
    Reactions: Harry Potter

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    [email protected]
    mekata dapan macho mata

    matath dapan macho



    onna rep dunnaaa

    matath dapanko ban

    නාකි ඉලන්දාරියා;13853071 said:

    matatah dapan mchan

    ade machn matat ewapan :)


    නිමල්;13852999 said:
    යාළු මටත් ඒවපන්

    onna Link eka PM kara :)
     

    jaysingha

    Member
    Dec 15, 2011
    21
    0
    0
    :lol::lol::lol::lol::lol:
    2013 ලග්න පලාඑල

    Lagna%20&%20Life%202034.jpg


    කොමෙන්ටුවක් දාල රෙප් එහෙම දෙන්න :D

    ලින්ක් එක PM කරලා එවන්නම්. ( mediafire )​