2013 AL කස්ටියගෙ පොත එනවලු

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    2013 AL කස්ටියගෙ පොත එනවලු

    Ugc+sri+lanka.jpg


    2013 උසස්පෙල කරපු කස්ටියට විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න අවශ්‍ය පොත මේ 20 වෙනිදට ගන්න පුළුවන්ලු.
    මේ Form එක පුරවද්දි හොද පරිස්සමෙන් පුරවන්න ඕනෙ මුළු පොතම කියවල බලලා පුරවනවානම් තමයි හොඳ.පුරවලා තැපෑලෙන් යවන්නත් පුළුවන් නැත්නම් UGC එකට ගිහින් බාරදෙන්නත් පුලුවන්.එහෙම ගෙනිහින් බාරදුන්නොත් එයාලා ඒකේ වැරදි අඩු පාඩු එහෙම තියෙනවාද කියලා බලනවා.
    ඔයාලාගේ උසස් පෙලින් S3 ක සාමාර්තයක් තිබ්බත් විශ්ව විද්‍යාල වලට ඉල්ලුම් කරන්න.ගණිත-විද්‍යා අංශ වලනම් 0.2ක 0.4 ක z අගයක් තිබ්බත් විශ්ව විද්‍යාල වරම් ඔයාලට හම්බුවෙනවා.
    මේ විදිහට අයදුම් කරලා විමසිල්ලෙන් ඉන්න සමහර උපාදි පාඨමාලා සඳහා යෝග්‍යතා පරීක්ෂනයක් පැවැත්වෙනවා. ඒ යෝග්‍යතා පරීක්ෂන ගැන දැනගන්න ඒ ඒ විශ්වවිද්‍යාල වල වෙබ් අඩවි නිතරම බලන්න.පත්තර වලත් තියෙනවා.ඒත් හැම පත්තරේම නැහැ.ඒක හින්දා වෙබ් අඩවියෙ බලන එක තමයි හොඳම වැඩේ.ප්‍රශ්ණ එහෙම තියෙනවානම් මෙතන දාන්න පුළුවන් හැටියට උත්තර දෙන්නම්.​