2013 May 06 - ElaKiri Radio ! - Sarisara with kandyan

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කතරගම දෙවිදුන් ලක්දිවට ගොඩබැස්සේ මේ ඔකද දේවාල බිමට නුදුරු වෙරළින් බව ජන විශ්වාසයයි. මේ නිසා ඔකද දේවාලය කදසුරිදුන්ගේ හෙවත් කතරගම දෙවිදුන් වෙනුවෙන් වෙන්වු දේවාලයකි. කතරගම දෙවිදුන් ජිවමානව වැඩවෙසෙතැයි විශ්වාසයක් පවතින මහකැබිලිත්ත සියඹලා දේවාලයට ඔකද දේවාලයේ සිට කිලෝමීටර් හැටකට වැඩිදුරක් ඇත. ඔකද සහ මහකැබිලිත්ත දේවාල දෙකම පිහිටා ඇත්තේ කුමණ ජාතික වනෝද්‍යානයේය. ඒ නිසා මේ ප‍්‍රදේශයේ කතරගම දෙවි`දුන්ගේ හාස්කම් ඇතැයි යන විශ්වාසය ජනතාව අතර මුල්බැස තිබේ.
    එබැවින් ඕනෑම කටයුත්තක් සිදු කිරීමේදී කට ඉස්සර කර නොගන්නා ලෙසත්, දේවි පිහිටෙන් ‘‘කරන්න බලමු’’ මිසක් හරියටම කරන්නේ යැයි නොකීමටත් ජනයා වගබලා ගනිති. එමෙන්ම ඔකද දේවාලයට මස් මාංශ කෑමෙන් හෝ අපිරිසිදුව ගොඩ නොවීමට කතරගම දෙවිදුන් අදහන භක්තිවන්තයෝ වගබලා ගනිති.
     
    sunglasses-smiley-emoticon.gif

    double-thumbs-up-smiley-emoticon.gif