2014 ඔබේ ලග්නයට සුබද?
2014 අලුත් අවුරුද්දේ තමන්ගේ ලග්නයට කොහොමද කියල පලාපල දැනගන්න කැමති අයට මෙන්න ලග්න පලාඵල...
උපුටා ගැනීම - ඉරිදා දිවයින 2013/12/15
විදේශ රැකියා අවස්ථා හිමි වේ
රැකියාව
මෙම වසරේ රැකියා කටයුතු දියුණු වන අතර නව රැකියා ලාභ ගෙන දෙනවා ඇත. විදේශගත මිතුරෙකු මාර්ගයෙන් රැකියා ලාභ ගෙන දේ. රැකියා උසස්වීම් අනිවාර්යයෙන් ම ලබන අතර, රැකියාව සම්බන්ධව සතුරු පීඩා කරදර ඇති වීමට ඉඩ ඇත. 2014 නොවැම්බර් දෙවැනිදායින් පසු රැකියා ස්ථාන මාරුවීම් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇත. මෙතෙක් කලක් රැකියා ලාභ නොමැතිව කල් ගෙවූ මේෂ ලග්න හිමියන් හට රජයේ හෝ පරිපාලන ක්ෂේත්රයේ රැකියා ලාභ ගෙන දේ. මේෂ ලග්න හිමි ව්‍යාපාරිකයන් හට ඉතා සුබ කල දවසක් ලැබෙන අතර හෝටල් කර්මාන්තය හා රෙදිපිළි හා විසිතුරු දැ නිෂ්පාදකයන් හට 2014 වසර විශිෂ්ට ජය අත්පත් කර ගත හැක. දේශපාලනය හා සමාජයේ ජනප්‍රිය චරිත හිමි පුද්ගලයන් හට ඉතා සුබ කාලයක් වන අතර තම කීර්ති නාමය ජනතාව අතර පැතිරේ. රැකියාව හෝ ව්‍යාපාරයේ මුදුන් පෙත්තටම යා හැකි වසරකි. ආරක්ෂක අංශවල සේවයේ නියුතු මේෂ ලග්න හිමි අය හට රැකියා උසස්වීම් ඇති වීමට ඉඩ ඇති අතර මේෂ ලග්න හිමි ක්‍රීඩකයන්හට ඉතා සුබ කාල වකවානුවකි. විශේෂයෙන් රැකියාවේදී ස්ත්‍රී පාර්ශ්වෙන් බොහෝ උදව් උපකාර ලබා ගත හැක. ඉතා සතුටින් රැකියා ස්ථානයේ රැකියා කිරීමට ඉඩ ප්රස්ථා ලැබේ.
ආර්ථික තත්ත්වය
මේෂ ලග්න හිමි ඔබගේ ආර්ථික තත්ත්වය, ධනය යහපත් ආකාරයෙන් පැවතුනත් වියදම් අධික වීමට ඉඩ ඇත. මුදල් තැන්පතුවල තත්ත්වය සුබ වන අතර, වරක් වියදම් වන ගතියක් දක්නට ලැබේ. පිය පාර්ශ්වයෙන් මුදල් උපකාර ලැබෙන අතර සහෝදරියන්ගෙන් හා නෑ හිත මිතුරන්ගෙන් මුදල්, රන්, රිදී, මුතු මැණික් ආදී විසිතුරු ඇඳුම් පැළඳුම් ලාභ ලැබෙන වර්ෂයකි. වාහනයක් මාරු කිරීමට හෝ වාහන ලාභ වලට හිමිකම් කියන වර්ෂයකි. 2014 ජුනි 29 ට පසු නිවාස ලාභ ගෙන දෙන අතර නිම නොවූ තම නිවසේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට පුළුවන් වේ. නිවාස සෑඳීම සඳහා ඉඩමක් මිලදී ගැනීමට හැකි වන අතර, පෙර තිබූ මානසික පීඩා දුරු වේ. 2014 ජුනි 29 ට පසු තම ජීවිතය පෙර තිබූ තත්ත්වයට වඩා උසස්වේ. නිවාස ලාභ, ධන ලාභ, හිමි වන අතර, තම මවු පාර්ශ්වයෙන් බොහෝ ලාභ ප්‍රයෝජන ලබා ගත හැක. 2014 නොවැම්බර් මාසයෙන් පසු තරමක් ධන හානි වන අතර, සතුරු කරදර නිසා තැන්පතු ධනය වැය වේ. ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ කාලය හැටියට 2014 ජුනි මාසයේ සිට 2014 නොවැම්බර් මාසය අතර කාලය ඉතා සුබ වේ. මේෂ ලග්න හිමියන්ට 2014 නොවැම්බර් මාසයෙන් පසු විශාල ව්‍යාපාර වලට සුභ නොවන අතර, ආර්ථිකය සම්බන්ධව තරමක් ප්‍රවේශම් විය යුතුය.
2014 ජනවාරි මස සිට 2014 ජුනි 29 දක්වා රිදී රත්තරන් හා ලෝහ කටයුතු කරන අය හට ද රෙදිපිළි හා විසිතුරු දැ නිෂ්පාදකයන්හට ද ඉතා සුබ කාලයකි.
ශරීර සෞඛ්‍යය
උදරය සම්බන්ධ රෝග පීඩා ඇතිවීමට බොහෝ විට ඉඩ ඇති අතර අතක ආබාධ ඇති වීමට ඉඩ ඇත. තද උණ රෝග පීඩා ආදී ඇති වීමට ඉඩ ඇත. උදරය සම්බන්ධ ශල්‍යකර්මයක් කිරීමට ඔබ සිටියේ නම් එය සාර්ථකව කිරීමට ඉඩ ප්රස්ථා ඇත. තවද පාද සම්බන්ධ රෝග පීඩා ආදියෙන් ඔබ ප්‍රවේශම් විය යුතුය. තුනටිය සම්බන්ධ ස්නායුගත රෝග පීඩාවන්ට හේතුයි. දියවැඩියාව සම්බන්ධ රෝග පීඩා ඇති වීමට හේතුයි.
ගෘහ ජීවිතය
මෙතෙක් කලක් විවාහ නොවූ අය හට 2014 ජුනි 29 ට පසු සුභ මංගල යෝජනා ඉදිරිපත් වේ. විශේෂයෙන් ම මේෂ ලග්න හිමියන්හට ප්‍රේම සබඳතා මෙම කාලය තුළ ඇති වේ. විවාහක මේෂ ලග්න හිමියන් මනා අවබෝධය තුළින් විවාහ දිවිය ගත කළ යුතු අතර, මත ගැටුම් අති වීමට බොහෝ විට ඉඩ ඇත. දරු සම්පත් බලාපොරාත්තු විවාහකයන් හට 2014 ජනවාරි පෙබරවාරි මස තුළ ස්ත්‍රී දරු සම්පත් ඇති විමට බොහෝ ඉඩ කඩ ඇත. මේෂ ලග්න හිමියන් හට ප්‍රේම සබඳතා ගොඩ නැඟුනත් මනා බුද්ධිමත්ව තම සහකරුවා හෝ සහකාරිය සොයා ගත යුතු වන අතර නැතිනම් අර්බුද ඇති වේ. මෙතෙක් කලක් විවාහ ගැටලුවලට මැදි වූ මේෂ ලග්න හිමියකු නම් 2014 නොවැම්බර් මාසයෙන් පසු විවාහ ගැටලු නිමා වී සාර්ථක යුග දිවියක් ගත කිරීමට ඉඩ ප්රස්ථා සැලසේ. තම රැකියා ස්ථානයේදී බොහෝ විට ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය මුණගැසීමට බොහෝ ඉඩ ඇති අතර මේෂ ලග්න හිමියන්ට 2014 වර්ෂය බොහෝ විවාහ ගැටලු විසඳෙන ලකුණු ඇත.
අය 14
වැය 11
සුබ වර්ණය - රතු
සුබ දිනය - බදාදා
සුබ අංකය - 06
දොaෂ දුරු කර ගැනීමට පිළියම්
සතිපතා බෝධි පූජා තබා නවග්‍රහයන්ට පින් දී කතරගම දෙවියන්ගේ පිහිට පතන්න. රතු මල් පූජා කරන්න.
කාචරේ දේව ගොවින්දං
රක්කන්තු ලෝක සාසනං
ඒතෙ දේවානු භාවේන
කන්ද ස්වාමි නමො වරං
තුන්වරක් කියා කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.
පිය පාර්ශ්වයෙන් උදව් උපකාර
රැකියාව
රැකියා ස්ථානයේ සතුරු කරදර ඇති වන නමුත් රැකියා උසස්වීම් ලැබෙනු ඇත. ව්‍යාපාර කටයුතු කිහිපයක් කිරීමට ඉඩ ඇත. තම ව්‍යාපාර කටයුතු සඳහා බිරිඳ හෝ ස්වාමි පුරුෂයාගෙන් බොහෝ උපකාර ලැබෙන වසරකි. හවුල් ව්‍යාපාර වලට ඉතා සුබ වසරකි. ව්‍යාපාර සඳහා හෝ රැකියා කටයුතු සඳහා විදේශගත වීම් බහුලව යෙදේ. පෙර පිං මතු වේ. සංසාරගත කුසල් පල දෙන වසරකි. පිය වාර්ශ්වයෙන් උදව් උපකාර ලැබෙන වසරකි. විදේශගත ආයෝජන සඳහා ඉතාම සුබ ඵල දෙන අතර, ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන වෘෂභ ලග්න හිමියෙකු නම් මෙම වසර ඉතා සුබ වසරකි. ආහාරපාන, විසිතුරු දැ නිෂ්පාදකයන් හට ඉතා සුබ වසරකි. තම රැකියාවේ උසස්වීම් ලබන අතර සතුරු කරදර කිහිපයකට ලක් වේ. ඔබ රැකියා ස්ථාන මාරු බලාපොරොත්තු වන වෘෂභ ලග්න හිමියකු නම් දුර බැහැර ප්‍රදේශවලට උසස් වීම් හෝ ස්ථාන මාරුවීම් යෙදේ. රැකියාව හේතු කොට ගෙන සතුරු පීඩා යෙදුණත්, සම්පූර්ණයෙන් ම ඔබට හානි කිරීමට නොහැක. පසුව ඔවුනම පරාජයට පත්වේ. තමා ගැන නරක ආරංචි පැතිර යැමට බොහෝ විට ඉඩ ඇත. ඉතා අලංකාර වස්ත්‍ර ලාභ හා ආභරණ ලැබෙන වසරකි. සමාජයේ පිළිගැනීමට ලක්වෙන අතර, අමනාප වූ නෑයන් යළි මිතුරු වේ. තවද ආගමික වැඩසටහන් වලට සහභාගි වේ. වෘෂභ ලග්න හිමියන්ට රටවටා ඇවිදීමට නියම කාලයයි.
පවුලේ වැඩිහිටි අය හට තරමක් අපල ඇති කරයි.
ශරීර සෞඛ්‍යය
මෙම වසරේ වෘෂභ ලග්න හිමියනට උදර සම්බන්ධ රෝග පීඩා ඇති වේ. විශේෂයෙන් ම ශල්‍යකර්ම ඇති වීමට හේතුයි. හදිසි අනතුරු සම්බන්ධව ප්‍රවේශම් විය යුතුය. තවද දණහිස් අමාරු, පාදවල ආබාධ වලට හේතුයි. උගුර සම්බන්ධ රෝග පීඩා ඇති වීමට හේතුයි. ගින්නෙන් හා විදුලියෙන් ප්‍රවේශම් විය යුතුය.
අධ්‍යාපනය
කලා අංශයෙන් උපාධි බලාපොරොත්තු වූ අය හට සුබ වසරකි. 2014 ජුනි 19 පසු අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශගත අධ්‍යාපනයේ යෙදී සිටින අය හට ඉතා සුබ වසරක්. තවද විදේශගත අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් සිටින අය හා 2014 ජුනි 19 පසු විදේශගත සිහිනය සැබෑ වේ.
ගෘහ ජීවිතය
තරමක් කේන්ති ගත ඇතිවීම හේතුයි. 2014 ජනවාරි 16 පසු විවාහ ජීවිතයේ සාමකාමී තත්ත්වයක් උදා වේ. දරුවන් මදක් හිතුවක්කාර ගති පෙන්නුම් කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. වෘෂභ ලග්නයේ උපන් ඔබගේ විවාහයන් සම්බන්ධව තිබූ සිහින 2014 වසරේ ඉටු වේ. තිබූ ප්‍රේම සබඳතා පඳුළු වීමට ඉඩ ඇත. අලුතින් ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමට හැකිවේ. මෙතෙක් කලක් ප්‍රමාද වූ විවාහයන් 2014 නොවැම්බර් මාසයෙන් පසු ස්ථිර වේ. සාර්ථක විවාහයක් කර ගැනීමට ඉඩ ප්රස්ථා ලැබේ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින වෘෂභ ලග්න හිමියන්හට 2014 පෙබරවාරි සිට තිබූ බාධාවන් ඉවත් වේ. අවිවාහක අය සඳහා විදේශයෙන් විවාහ මංගල යෝජනා ඇති වේ.
ආර්ථික තත්ත්වය
ගත කරන වෘෂභ ලග්න ඉතා සුබ කාලයකි. උත්සව සඳහා යැමට ආරාධනා ලැබෙන වසරකි. තමාගේ ආර්ථික තත්ත්වය යහපත් නමුත් ඉතිරි කිරීම අඩු වසරකි. දුර බැහැර සංචාර වලින් හා විදේශගත මිතුරන්ගෙන් ආධාර උපකාර ලැබේ. ඔබ මෙතෙක් කලක් විදේශයන් හි රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයෙකු නම් 2013 ජුනි 19 පසු එම රැකියා ලාභ ලැබේ. ණය තුරුස් ගෙවා දැමීමට හැකි වසරකි. ඉඩමක් මිලදී ගැනීමට හැකි වේ. හදිසි ධන ලාභ හිමිවන වසරකි. මෙම වසර ආරම්භයේ තරමක් අවුල් සහගත තත්ත්වයක් උදා වුණත් ජනවාරි 16 පසු එම තත්ත්වය යහපත් අතට හැරේ. මෙම වසරේ මුල් භාගයේ තරමක් කනස්සලු තත්ත්වයකට පත් වුවත් 2014 පෙබරවාරි 18 න් පසු එය ඉවත් වේ. 2014 පෙබරවාරි 14 න් පසු ඔබගේ රැකියාවේ උසස්වීම් හා පඩි වැඩි වීම් යෙදෙයි. 2014 වසර මුල ව්‍යාපාර කටයුතු ආරම්භයට සුබයි. වාහන ලාභ ලැබෙන අතර නිවාස ලාභ ද 2014 මාර්තු මාසය තුළ ලැබේ. මතක තබා ගත යුතු කරුණක් නම් ඔබට නින්දා අපහාස නඩු හබ වලට හසුවන වසරකි. තරමක් පැටලිලිකාර තත්ත්වයක් සේවා ස්ථාන තුළ ඇති වීමට ඉඩ ඇත. රහස් සතුරු කුමන්ත්රණවලට හසු වීමට ඉඩ ඇත. තමා ළඟ සිටින පුද්ගලයන් තමන්ට විරුද්ධ වන අතර ඔවුන්ගේ ග්‍රහණයට ඔබ හසුවේ. මෙම වසර සුබ අසුභ මිශ්‍ර වසරකි. මනා ඉවසීමෙන් හා බුද්ධි ගෝචරව වැඩ කටයුතු කිරීමෙන් තමාට සුභපල අත්කර ගත හැක. තවද ආරක්ෂක අංශවල සේවයේ නියුතු පුද්ගලයන් හට සුභ වසරකි. සමාජයේ කැපී පෙනෙන චරිත වලට හා දේශපාලනයේ යෙදෙන අය හට ජන ප්‍රසාදය වැඩි වේ. 2014 ජනවාරි සිට ජුනි 19 දක්වා සුබ කාල පරිච්ඡේදයකි. හැකි පමණ උත්සාහ කර ඔබගේ දියුණුව ඇතිකර ගන්න.
සුබ වර්ණය - නිල්
සුබ දිනය - සිකුරාදා
සුබ අංකය - 05
අය 8 වැය 5
දොaෂ දුරු කර ගැනීමට පිළියම්.
සතිපතා බෝධි පූජා පවත්වා පත්තිනි දේවියට පිං අනුමෝදන් කර පිහිට ප්‍රාර්ථනා කරන්න. නවග්‍රහයන්ට පිං දෙන්න.
චෝදනා අපවාද ඉවත් වේ
රැකියාව
ගිය වසරේ තිබූ කරදර බාධක ඉවත් වේ. රැකියාවේ උසස් වීම් ලැබීමට හේතුයි. ව්‍යාපාර දියුණුවට පත් වේ. රැකියාවේ තිබූ සතුරු කරදර ඉවත් වන ලකුණු පහළ වේ. රැකියා ස්ථානයේ ගෞරවයට පත් වේ. විදේශගත රැකියා ලාභ ගෙන දේ. මුහුදු ගමන් යෙදේ. දේව භක්තිය ඇතිවේ. පෙර වසරේÊරැකියාවේ තිබූ ගැටලු බාධක ඉවත් කර ගැනීමට මිතුරන්ගේ පූර්ණ සහයෝගය ලැබේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් බොහෝ උපකාර ලැබේ. තමාගේ නෑයින් තමා සොයා පැමිණේ. නෑදැයින් හා මිතුරන්ගෙන් බොහෝ උපකාර ලබා ගැනීමට හැක. ඉඩම් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෙක් නම් ඒක පුද්ගල ආදායම ඉහළ යයි. කොටස් වෙළෙඳපොළේ ආයෝජකයෙක් නම් ඉහළ ප්රතිලාභ බලාපොරොත්තු විය හැක. විශාල ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසුම කාලයකි. බ්‍රොaකර් වැඩ වල නියුතු පුද්ගලයන්හට ඉතා හොඳ කාල සීමාවකි. රැකියාව හේතු කොට ගෙන විදේශ ගත වන අතර ආගමික කටයුතු බොහොමයක් කරනවා ඇත. පසුගිය කාලය තුළ තිබූ නින්ද නොයන මානසික පීඩා සම්පූර්ණයෙන් ඉවත් වන ලකුණු පහළ වේ. රැකියාවක් බලාපොරොත්තු වූ අය හට නවතම රැකියා ලාභ 2014 මාර්තු වලින් පසු ලැබේ. සේවා ස්ථානයේ තමාට එල්ල වූ චෝදනා අපවාද ඉවත් වේ. අධික ධන හානි නැති වේ. ව්‍යාපාරයෙන් ධනය ගලා එන ලකුණු පහළ වේ. 2013 වසරේ තිබුණු කලකිරුණු ස්වභාවය ඉවත් වේ. නැති වී ගිය ජනප්‍රියතාවය යළි ඔබ වෙත පැමිණේ. සමාජයේ කැපි පෙනෙන චරිතයක් හිමි මිථුන ලග්නකරුවකු නම් ඔබේ නම ප්‍රසිද්ධියට පත් වේ.
ආර්ථික තත්ත්වය
2014 ජුනි 19 පසු බිය නැතිව ව්‍යාපාර ආරම්භයට සුබයි. මෙම කාලය ජීවිතයේ සුබම කාලයයි. දැනට ව්‍යාපාර ආරම්භ කර ඇති නමුත් ව්‍යාපාර අඩපණ මිථුන ලග්නකරුවකු නම් ඔබගේ ව්‍යාපාර 2014 ජුනි 19 න් පසු යළිත් දියුණුවට පත් වේ. අත මිට මුදල් ලැබෙන කාල වකවානුවකි. යාන වාහන ගත හැකි වනවා ඇත. මෙම කාල සීමාව තුළ මිථුන ලග්නය හිමිකරුවන්හට බැංකු ආශ්රිත රැකියා ලාභ බලාපොරොත්තු විය හැක. 2014 නොවැම්බර් මාසයෙන් පසු සතුරන් පරාජ වන අතර තව තවත් තිබූ ආර්ථික දුෂ්කරතා මර්දනය වේ. තම මවට රෝග පීඩා ඇතිවීමට ඉඩ ඇති අතර, මවු පාර්ශ්වයේ අයට තරමක් අපල අපද්‍රව මතු වේ. ස්ථාන මාරුවීමක් නියමයි. ව්‍යාපාර ස්ථානයේ හෝ තම පදිංචි ස්ථානයේ විය හැක. සහෝදරයන් සමඟ හෝ හවුල් ව්‍යාපාරවලට ඉතා සුභ කාලයකි. මෙම කාලයේ ආරම්භ කරන ව්‍යාපාර 2014 ජුනි 19 පසු දියුණුවෙන් දියුණුවට පත් වේ. පසුව මෙම ව්‍යාපාර දීර්ඝ කාලයක් ඉදිරි කාලයේ දියුණුවට පත්වේ. පිටරට මිතුරෙකුගෙන් ආධාර උපකාර ලබා ගැනීමට හැක. පෙර තිබූ ව්‍යාපාර ස්ථානයට වඩා මෙම කාලයේ එම ව්‍යාපාර ස්ථානයේ කලඑළිය ඇති වේ. මිථුන ලග්නකරුවාට මෙම වසර තරමක් සුබ වන ලකුණු පහළ වේ. ඔබ ක්‍රීඩා අංශයට නැඹුරු වූ අයෙකු නම් මෙම කාලයේ ක්‍රීඩා ජයග්‍රහණ බොහෝ විට ලබා ගත හැක. ආරක්ෂක අංශවල රාජකාරි කරන මිථුන ලග්න හිමියන් හට ස්ථාන මාරුවීම් ලැබේ. උසස් වීම් ලබන අතර යන්ත්‍ර සූත්‍රවල හා කාර්මික අංශයේ අය හට ද මෙම වසර සුබ වසරකි. ගොවිතැන් කටයුතු කරන මිථුන ලග්න හිමියන් හට හොඳ අස්වනු නෙළා ගත හැක.
ශරීර සෞඛ්‍යය
මෙතෙක් කලක් තිබූ රෝග පීඩා සුව වන ලකුණු පහළ වේ. අධික තරබාරුකම් ඇති වීමට ඉඩ ඇත. වකුගඩු ආශ්රිත රෝග පීඩා, අධි රුධිර පීඩනය ඇති වීමට බොහෝ ඉඩ ඇත. දණිස් ආශ්රිත රෝග පීඩා ඇති වේ. හදිසි අනතුරු ආබාධ ඇති වීමට ඉඩ ඇත. පපුව ආශ්රිත රිදුම් ගති ඇතිවීමට ඉඩ ඇත.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනයට වරම් ඇති වේ. විදේශ ගතවී අධ්‍යාපනය ලාබ ගෙන දේ. ගණිතය විෂය දහරාව කරන මිථුන ලග්න හිමියන්හට විශේෂ වාසි සැලසේ. ඔබගේ අධ්‍යාපනය සඳහා තිබූ බාධාවන් දුරු වේ.
ගෘහ ජීවිතය
ප්‍රබල මංගල යෝග උදා වේ. මෙතෙක් කලක් මිථුන ලග්න හිsමි ඔබ විවාහ යෝජනා සඳහා යොමු වූවා නම් ඉතා සුබ විවාහයක් සිදුÊවේ. මිථුන ලග්න හිමියන්ට ප්‍රේම සබඳතා ඇතිවන අතර එම සබඳතා විවාහය දක්වා ඇති වේ. දරුවන්හට තරමක් අපල තත්ත්වයක් උදා වන අතර දරුවන් හිතුවක්කාර ගති පෙන්වයි. ඔබගේ නිවස ආශ්රිත කටයුතුවලදී තරමක් ප්‍රවේශම් විය යුතු අතර තරමක් කේන්ති ගති ඇති කරයි. ඔබ ඔබගේ අසල්වැසි අය සමඟ සහයෝගයෙන් සිටිය යුතු අතර, ඔවුන් ඔබ සමඟ අමනාපකම් ඇති වේ. විවාහ ජීවිතය සුබ වුවත් අධික කේන්ති ගති නිසා තරමක් ප්‍රවේශම් විය යුතුය. ඉවසීමෙන් කටයුතු කළ මැනවි.
සුබ වර්ණය - කොළ
සුබ දිනය - බදාදා
සුබ අංකය - 03
අය 14 වැය 02
දොaෂ දුරුවීමට පිළියම්
බදාදා දිනවල බෝධි පූජා පවත්වා විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් කර පිහිට ප්‍රාර්ථනා කරන්න. නවග්‍රහයන්ට පිං දෙන්න.

- මේෂ ලග්නය

- වෘෂභ ලග්නය

- මිථුන ලග්නය

Last edited:

kanya lagna ayata අය 14 වැය 2,, mewa aththatama wenawa nam patta