2014 සාමය සඳහා වු නොබෙල් සාම ත්‍යාගය

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    2014 සාමය සඳහා වු නොබෙල් සාම ත්‍යාගය

    MTE1ODA0OTcyMDc1MzUzNjEz.jpg

    දරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීර දැරිය මලාලා යුසෆ්සායි සහ ඉංදියානු ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධකයෙක් වන කයිලාෂ් සත්යාර්ති යන දෙදෙනාට 2014 සාමය සඳහා වු නොබෙල් ත්‍යාගයෙන් හිමිව ඇත.
    17 වැනි වියේ පසුවන මලාලා නොබෙල් ත්‍යාගය හිමිකැරගත් ලාබාලම තැනැත්තිය ද වෙයි.
    2012 දී තලෙයිබාන් තුවක්කුකරුවකු විසින් එල්ල කරණ ලද වෙඩි පහරින් ඇගේ හිසට බරපතල ලෙස තුවාල විය. ඒ ඇය ළමා අධ්‍යාපනය වෙනුවෙන් හඬ කගමින් සිටිය දී ය. ඇය දැන් බ්‍රිතාන්‍යයේ වාසය කරයි. .
    මෙම යුගලය ළමා සහ තරුණ ක්‍රියාකාරකම් මර්ධනය නතර කිරීමට එරෙහිව කරණ ලද බලවත් පරිශ්‍රමය ගැන නොබෙල් ත්‍යාග කමිටුව ප්‍රසංසාවට ලක්වී තිබේ.
    සත්යාර්ති මහතා (60 ) මහත්මා ගාන්ධි සම්ප්‍රදාය අනුගමනය කරන්නෙක්වන අතර ළමා ශ්‍රමය ආර්ථික වාසි සඳහා සූරා කෑමට එරෙහිව පැවැත්වු සාමකාමි විරෝධතා විශාල ප්‍රමාණයකට නායකත්වය ලබාදි තිබෙන බව ඔස්ලෝ හි නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කර තිබේ.
    මෙම ත්‍යාගය තමා විසින් දිනාගෙන ඇති බව දැනගත් සත්යාර්ති මහතා මාධ්‍යවෙත ප්‍රකාශ කර ඇත්තේ එය සමස්ථ ඉංදියානුවන්ට විශාල ගෞරවයක් බවයි. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ තමන්ට ලැබෙන ත්‍යාගය ද ලෝකයේ ළමයින් වෙනුවෙන් කැප කරන බව යි.
    2013 දී ටයිම්ස් සඟරාව මගින් මලාලා ඉතාමත් වැදගත් පුද්ගලයා ලෙස මින් ඉහත දී සම්මානයට පාත්‍ර වූවාය. යුරෝපා සංගමය මගින් පිරිනමන කීර්තිමත් සක්හරෝවි මානව අයිතිවාසිකම් සඳහා වන ත්‍යා ද මින් ඉහත ඇය විසින් දිනාගත්තාය.
     
    • Like
    Reactions: ashmi