ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..
පසුපසින් හබා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් මව දිව මැවී කවිකම..
ජීවිතේ කවියක්...
සෙනෙහසින් රැදී උන් එක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..
ජීවිතේ කවියක්...
ගායනය : නන්දා මාලනී
“ගජමන් නෝනා“ ටෙලිනාට්‍ය තේමා ගීතය.