2015 අතුරු අය වැය යෝජනා
- සස්ටජන් කිරිපිටි මිල - තීරු බදු 15% කපා හැරේ. ඒ අනුව සස්ටජන් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් මිල අඩුවනු ඇත
- පාන් පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත
- පාන් මිල රුපියල් 6 කින් අඩුවනු ඇත
- මුන් ඇට කිලෝවක් රුපියල් 30 කින් අඩුවේ
- ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත
- හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත
- කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත
- උඳු කිලෝව 60 කින් පහලට
- උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට
- කහ කිලෝව රුපියල් 100 කින් පහලට
- වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට
- ලක්ෂ 2ට අඩු රන් භාණ්ඩ උකස් පොළිය කපා හැරේ
- ගෑස් මිල - අද මධ්‍යම රාත්‍රීයේ සිට 12.5kg සිලින්ඩරය රුපියල් 1596 දක්වා රුපියල් 300න් අඩු කෙරේ
- මන්දිර බදු - මිලියන 100 ක් හෝ ඊට අධික වටිනාකමක් වැඩි වටිනාකමක් ඇති නිවාස වලින් වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක්
- විදෙස් ගත වන්නන් ගෙනයන මුදලින් 20% බද්දක්
- දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන
- උපයන විට ගෙවීමේ බද්ද අයකිරීමේ සීමාව රුපියල් 750000 දක්වා ඉහළට
- දේශීය වාහන එකලස් කරන සමාගම් පැහැර හැරි බදු අයකිරීමට කටයුතු කරනු ලැබේ මින් රුපියල් කෝටි 12000 ආදායමක් අපේක්ෂා කෙරේ
- යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන
- සුපිරි වාසි බද්ද - මිලියන 2000 ට වඩා ලාභ ලබන ආයතන වලින් 25% ක බද්දක්
- එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහනයක්
- Hybrid මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත
- සිමෙන්ති මිල රුපියල් 90 න් පහළට
- කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්
- මත්පැන් බලපත්‍ර ගාස්තු 100% ඉහළට
- තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්
- විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ
- සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක්
- ජංගම දුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්
- සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක්
- ක්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්
- ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීමේදී අයකළ 25% බද්ද ඉවත්කෙරේ
- අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක්
- වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්
- විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාර
- ආභාධිත රණ විරුවන්ටරුපියල් 500000 දක්වා ණයක්
- මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 දක්වා ඉහළට
- දහම්පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක්
- ස්වයං රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම යෝජනා ක්‍රමයක්
- මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහේ පාඩුව බිලියන 15
- ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම් ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා
- සියලුම අයට බැංකු ගිණුමක් ලබාදීමට කටයුතු කරනවා - ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව සලසනවා
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස් ගාස්තු 50% කින් අඩු කරනවා
- අනේවාසික විදේශ ගිණුම් වල පොලිය 5% ඉහලට
- Credit Card මගින් ගන්නා ණය මුදල් සඳහා උපරිම පොළී අනුපාතය 8% දක්වා අඩු කෙරේ
- විදේශ සේවකයන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 5000 දක්වා අඩු කෙරේ
- අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු විසින් දේශපාලන මුහුණුවරක් ගන්නා වෙළඳ දැන්වීම් පළ කිරීමට සීමා
- සේවක අර්ථසාධක අරමුදලින් 30%ක් නිවාස සහ ඉඩම් මිලට ගැනීමට ලබා දීමට යෝජනාවක්
- මිලියන 450 ක් වැයකොට ගෙන්වනු ලැබූ හෙලිකොප්ටර් ගැන විමර්ශනය කරනවා
බලපන් මේක එහෙම් පිටින්ම අධිරාජ්‍යය වාදි කුමන්ත්‍රයක් නේ.
