2015 අතුරු අය වැය යෝජනා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
2015 අතුරු අය වැය යෝජනා


  • සස්ටජන් කිරිපිටි මිල - තීරු බදු 15% කපා හැරේ. ඒ අනුව සස්ටජන් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් මිල අඩුවනු ඇත

  • පාන් පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත

  • පාන් මිල රුපියල් 6 කින් අඩුවනු ඇත

  • මුන් ඇට කිලෝවක් රුපියල් 30 කින් අඩුවේ

  • ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත

  • හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත

  • කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත

  • උඳු කිලෝව 60 කින් පහලට

  • උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට

  • කහ කිලෝව රුපියල් 100 කින් පහලට

  • වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට

  • ලක්ෂ 2ට අඩු රන් භාණ්ඩ උකස් පොළිය කපා හැරේ

  • ගෑස් මිල - අද මධ්‍යම රාත්‍රීයේ සිට 12.5kg සිලින්ඩරය රුපියල් 1596 දක්වා රුපියල් 300න් අඩු කෙරේ

  • මන්දිර බදු - මිලියන 100 ක් හෝ ඊට අධික වටිනාකමක් වැඩි වටිනාකමක් ඇති නිවාස වලින් වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක්

  • විදෙස් ගත වන්නන් ගෙනයන මුදලින් 20% බද්දක්

  • දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන

  • උපයන විට ගෙවීමේ බද්ද අයකිරීමේ සීමාව රුපියල් 750000 දක්වා ඉහළට

  • දේශීය වාහන එකලස් කරන සමාගම් පැහැර හැරි බදු අයකිරීමට කටයුතු කරනු ලැබේ මින් රුපියල් කෝටි 12000 ආදායමක් අපේක්ෂා කෙරේ

  • යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන

  • සුපිරි වාසි බද්ද - මිලියන 2000 ට වඩා ලාභ ලබන ආයතන වලින් 25% ක බද්දක්

  • එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහනයක්

  • Hybrid මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත

  • සිමෙන්ති මිල රුපියල් 90 න් පහළට

  • කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්

  • මත්පැන් බලපත්‍ර ගාස්තු 100% ඉහළට

  • තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්

  • විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ

  • සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක්

  • ජංගම දුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්

  • සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක්

  • ක්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්

  • ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීමේදී අයකළ 25% බද්ද ඉවත්කෙරේ

  • අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක්

  • වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්

  • විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාර

  • ආභාධිත රණ විරුවන්ටරුපියල් 500000 දක්වා ණයක්

  • මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 දක්වා ඉහළට

  • දහම්පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක්

  • ස්වයං රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම යෝජනා ක්‍රමයක්

  • මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහේ පාඩුව බිලියන 15

  • ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම් ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා

  • සියලුම අයට බැංකු ගිණුමක් ලබාදීමට කටයුතු කරනවා - ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව සලසනවා

  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස් ගාස්තු 50% කින් අඩු කරනවා

  • අනේවාසික විදේශ ගිණුම් වල පොලිය 5% ඉහලට

  • Credit Card මගින් ගන්නා ණය මුදල් සඳහා උපරිම පොළී අනුපාතය 8% දක්වා අඩු කෙරේ

  • විදේශ සේවකයන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 5000 දක්වා අඩු කෙරේ

  • අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු විසින් දේශපාලන මුහුණුවරක් ගන්නා වෙළඳ දැන්වීම් පළ කිරීමට සීමා

  • සේවක අර්ථසාධක අරමුදලින් 30%ක් නිවාස සහ ඉඩම් මිලට ගැනීමට ලබා දීමට යෝජනාවක්

  • මිලියන 450 ක් වැයකොට ගෙන්වනු ලැබූ හෙලිකොප්ටර් ගැන විමර්ශනය කරනවා
 

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Hybrid මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත
    mokakda ban meke theruma.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩි මිනිහට ඇඩෙන්නම සහන දීලා තියෙන්නේ...
    ලොකු මිනිහට චූ යන්න ටැක්ස් ගහලා...

    අපිට හොදයි බන් ඒකෙන් :rolleyes: