2015 වසරේ මිලදී ගන්න පුළුවන් හොඳම Android දුරකථන

retroarc

Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    2015 වසරේ මිලදී ගන්න පුළුවන් හොඳම Android දුරකථන

    ඇපල් හා Android දුරකථන සසඳන කල Android දුරකථන රාශියක් විවිධ සමාගම් යටතේ වෙළඳ පොලට නිකුත් කර තිබේ. Samsung , HTC, LG , සහ Sony යන සමාගම් මේ සටනේ පෙරමුණ ගෙන කටයුතු කරනවා. Google සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන Android පාලන පද්ධතිය ක්‍රියාත්මක වන මේ දුරකථන දිනෙන් දිනම තාක්ෂනය අතින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. මේ නිසාම වඩාත් හොඳ දුරකථන කුමක් දැයි කවුරුන් හෝ ප්‍රශ්නයක් ඇසුවොත් එයට නිසි පිළිතුරක් ලබාදීම තරමක් අපහසු කටයුත්තක් වනවා. ඔබට ගැලපෙන ජංගම දුරකතනයක් තෝරාගැනීමේදී අතේ ඇති මුදල මෙන්ම ඔබ මිලදී ගන්නා දුරකථනය ඔබ වැය කරන මුදලට වටිනවා ද එමෙන්ම ඔබේ අවශ්‍යතාවයන් සිත් පරිදි ඉටු කරගැනීමට හැකි වනවා දැයි ද ඔබ සැලකිලිමත් විය යුතුය.

    #8.Google Nexus 6



    Nexus6-Press-02-650-80.jpg




    ගුගල් නෙක්සස් 6 දුරකථනය ප්‍රමාණයෙන් විශාල moto x දුරකතනයකට සමානයි. එහි ඇති QHD තිරය , නවතම ප්‍රොසෙසරය සහ විශාල බැටරිය නිසා මෙය කාගේත් අවධානය දිනාගන්නා දුරකතයක් ලෙසට හඳුන්වන්න පුළුවන් . අඟල් 6 AMOLED තිරය, මෙගාපික්සල් 13 කැමරාව, සහ android ලොලිපොප් මගින් පණගැන්වෙන මේ දුරකථන ගැන ඔබ නිසැකයෙන්ම බැලිය යුතු බව මතක් කරන්න කැමතියි.



    #7.Sony Xperia Z3



    XperiaZ3-Press-01-650-80.jpg


    Sony සමාගමේ Xperia Z2 දුරකතනයේ ඊළඟ පරම්පරාව Z3 දුරකතනයයි. කලින් පරම්පරාවට වඩා දියුණු නවතම තාක්ෂනය සමගින් ඔබ හමුවට එන මේ දුරකථන අඟල් 5.2ක Full HD තිරයකින් සමන්විතයි. එය quad core 2.5GHz ප්‍රොසෙසරය, Adreno 330 ග්‍රැෆික් චිපය, සහ 3 GB රැම් වලින් යුක්තයි. අලංකාර දැකුම් කළු නිමාවකින් යුක්ත මේ දුරකතනය දුහුවිල්ලට සහ ජලයට ඔරොත්තු දෙන උපකරණයකි.

    #6.Samsung Galaxy Note 4



    Note4-HandsOn-01-650-80.JPG


    මෙය ප්‍රමාණයෙන් තරමක් විශාල වන අතරම phablet ගණයට අයත් වේ. මෙහි අඟල් 5.7ක QHD Super AMOLED තිරයක්, 2.7GHz ප්‍රොසෙසරයක්, සහ 3GB රැම් එකක් අන්තර්ගත වේ. මේ දුරකතනයේ නවීනතම උපාංග අන්තර්ගත වනවා සේම එහි මිලගනනුත් තරමක් ඉහල අගයක පවතියි. ඒත් මේ දුරකතනයේ ඇති අලංකාර තිරය, එහි අන්තර්ගතය සහ සුපිරි කැමරාව නිසා මෙහි ඉහල මිල යම්තාක් දුරකට සාධාරණ යැයි සලකන්න පුළුවන්. ප්‍රමාණයෙන් විශාල දුරකතනයක් ඔබ හොයනවා නම් මේ ගැනත් බලන්න අමතක කරන්න එපා.

    #5.Sony Xperia Z3 Compact



    XperiaZ3Compact-Press-01-650-80.jpg


    අපි කලින් කියපු Xperia Z3 දුරකතනයේ කුඩා මාදිලිය තමයි Z3 Compact ලෙස හඳුන්වන්නේ. අපි කලින් කතාකරපු දුරකතනයේ තිබුන quad core 2.5GHz ප්‍රොසෙසරය, Adreno 330 ග්‍රැෆික් චිපය සහ ඉතා හොඳ 20.7 මෙගා පික්සල් කැමරාවක් මේ දුරකතනයේ අඩංගු වෙනවා. මෙහි ඇත්තේ ප්‍රමාණයෙන් තරමක් කුඩා අඟල් 4.6ක තිරයක්. තිරය තරමක් කුඩා නිසාම මේ දුරකතනයේ බැටරියේ ආයුකාලයත් සාපේක්ෂව වැඩියි. ඒවගේම හසුරුවන්නත් පහසුයි. ප්‍රමාණයෙන් කුඩා නිසා මෙහි මිලගනනුත් සාපේක්ෂව අඩුයි. ඒක හින්දා දුරකතනයක් මිලදී ගන්න ඉන්න ඔගොලෝ ගොඩක් දෙනෙක් මේ දුරකතනය ගැනත් බලන්න.

    #4.LG G3



    G3-Press-01-650-80.jpg


    මේ දුරකථනය වෙළඳ පොලට පැමිණි අලුතම එය අලෙවි වුයේ QHD තිරයක් සහිත ප්‍රථම දුරකථනය එය වූ නිසයි. මේ දුරකතනයෙත් quad core 2.5GHz Snapdragon ප්‍රොසෙසරය, Adreno 330 ග්‍රැෆික් චිපය , 3 GB රැම් වලින් යුක්තයි. Android ලොලිපොප් මත ක්‍රියාත්මක වන මේ දුරකතනයත් හොඳ කාර්යක්ෂම දුරකතනයක්. ඒවගේම මේ දුරකතනය නව තාක්ෂණයක් භාවිතා කරන මෙගාපික්සල් 13ක කැමරාවකින් ද යුක්තයි.

    #3.Samsung Galaxy S6 Edge



    GalaxyS6Edge-HandsOn-05-650-80.JPG


    දුරකතනයේ මිල පිළිබඳව ඔබ එතරම් තකන්නේ නැත්නම් මේ දුරකථනය සාමාන්‍ය Galaxy S6 දුරකතනය ට වඩා ඉදිරියෙන් සිටියි. මේ නවතම සුපිරි දුරකතනයේ තිරය දෙකෙළවර ඇති නැම්ම කාගේත් නෙත් ඇද බැඳ ගැනීමට සමත්වනවා. ලෝහ නිමාවකින් යුත් මේ දුරකතනයේ අඟල් 5.1ක QHD තිරයක් මෙගාපික්සල් 16ක කැමරාවක්, සුපිරි octa-core ප්‍රොසෙසරයක්, නවතම fingerprint ස්කෑනරයක් සහ ඉක්මනින් චාර්ජ් කල හැකි පහසුකම් වලින් සමන්විතයි. මේ දුරකතනයේ ඇති විශේෂ හැඩය නිසාම එය Galaxy S6 දුරකතනයට වඩා මිලෙන් අධිකයි.

    #2.HTC One M9



    HTC_One_M9_review%20%2852%29-650-80.JPG


    HTC M8 දුරකතනයේ සුපිරි නිමාව බොහෝ දෙනෙකුට මතක ඇති. M පවුලට එකතු වුනු අලුත්ම සාමාජිකයා තමයි M9 කියන්නේ. ඉතා විශිෂ්ට දැකුම්කලු නිමාවකින් යුක්ත මේ දුරකතනයේ කැමරාව මෙගාපික්සල් 20.7ක කැමරාවකින් සමන්විත වනවා. මෙහි කලින් පැවති Ultra පික්සල් කැමරාව ඉදිරිපස කැමරාව ලෙස යොදාගෙන තිබෙනවා. ඒ වගේම කා අතරත් ජනප්‍රිය BoomSound ස්පිකර් යුගලයෙන්ද සමන්විතයි.

    #1.Samsung Galaxy S6



    Samsung_Galaxy_S6_review%20%2824%29-650-80.JPG


    Galaxy S5 දුරකතනය එතරම් සාර්ථක නොවීමත් සමග මේ වසරේදී එම සමාගම ඉතා අනර්ග දුරකතනයක් සමග අප හමුවට පැමිණ තිබෙනවා. අනර්ග ලෝහ නොමාවකින් සහ අඟල් 5.1ක සුපිරි QHD තිරය මේ දුරකතනය එහි සුපිරි කැමරාව, ප්‍රොසෙසරය, figerprint ස්කෑනරය සහ අනෙකුත් පහසුකම් සමඟ මේ දුරකතනයට සමකල හැකි දුරකතනයක් මේ වන විට වෙළඳපොලේ ඇති බවට නම් හිතන්න අමාරුයි. මෙහි ඇති එකම දුර්වලතාව වන්නේ බැටරිය තරමක් කුඩා වීම සහ මෙමරි කාඩ් භාවිතයට නොහැකි වීමයි. දැනට අපි දැකල තියන දුරකථන අතර හොඳම දුරකථනය ලෙසට Samsung Galaxy S6 දුරකථනය හඳුන්වන්න පුළුවන්. ඒවගේම තමයි මේ දුරකතනයේ ඇති විශිෂ්ට නිමාව හින්දා මිලත් අධිකයි.


    උපුටාගැනීම