2015 Dec -18- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0002020B.gif
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    සින්දුවක් ඉවර වෙලා අර කිබුලා කියවන්න කලින්යෙන් කෙල්ලෙක් ඔපෙරා එකක් වගේ කියවන එකේ තේරුම මොකක්ද බන්
    :baffled::baffled:

    ඕව වැඩිය හිතන්න යන්න එපා,,,
    කිබුල කියන්නේ තේරුම් ගන්න පුළුවන් එකෙක් නෙවෙයි,,
    කියන දෙයක් අහගෙන,වෙන දෙයක් බලාගෙන , කමෙන්ට් එකක් දාගෙන ඉමු බන්,,,
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
    මගෙ සවනත පාරයි...//

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
    මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
    එතෙර වන්න නිඹදේ...

    සැදෑ අඳුර ලොව...//

    නිමල පැතුම් සපුරාගෙන හද තුල
    සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...//
    අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
    ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
    ජීවන මල් ගොමුවේ...//

    සැදෑ අඳුර ලොව...//
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සැදෑ අඳුර කලින් පටිගත කල ගීතය නැද්ද කිඹුලෝ :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    RePost බුවා;19444653 said:

    ඕව වැඩිය හිතන්න යන්න එපා,,,
    කිබුල කියන්නේ තේරුම් ගන්න පුළුවන් එකෙක් නෙවෙයි,,
    කියන දෙයක් අහගෙන,වෙන දෙයක් බලාගෙන , කමෙන්ට් එකක් දාගෙන ඉමු බන්,,,

    :baffled::baffled::baffled:
    ඔකේ මචන් ..කවද හරි තේරුම් යයි මටම :dull::dull:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බලාපොරොත්තු බිඳ වැටුනම
    සිහින, සිහින විතරක්ම වුනාම
    ජිවිත කුමටද?
    ලඟ තිබ්බ හැම දෙයක්ම
    සැනකින් නැති වුනාම
    ... ජිවිත කුමටද?
    කඳුළුද නොවැටි දෙනෙතේම රැදි තිබෙද්දිම
    තවත් මේ දුක විම
    හඬනු කුමටද?
    රෑයද පහන් නොවේ
    දවස් ගෙවි නොයයි
    නැවතුන තැනම නැවති තිබේ
    ආදරනියයානනි ඔබත් නැත දුක කියන්නට
    ඇතිවන්නට මෙන්ම නැතිවන්නට ද දෙයක් නොමැති වු විට
    ජිවිතය කුමටද?
    සිහිනයක්ම විය ජිවිතය මට....
    :(:(:(
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සැදෑ අඳුර ලොව (Sanda Andura Lowa)
    මේ ගීතය අසන විටම සැදෑ සමය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙනවා නොඅනුමානයි. ඒ සුන්දර ගීතය රචනා කර ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්. ගීතය රචනා කරන්නට හේතු වන කරුණ සෝමතිලක ජයමහ මහතා විසින් දිනක් පුවත්පතකට පවසා තිබුණ. ලිපිය හොයාගත්තේ අන්තර්ජාලයෙන්.
    ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට.
    කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට"
    ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා.
    මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා.
    ගීතය ගැන තොරතුරු උපුටා ගත්තේ: http://i1211.photobucket.com/albums/cc424/chajee1983/2011-07-17/23.png (sl-unlimited වෙබ් අඩවියේ chajee1983 නම් සාමාජිකයා පලකළ ලිපියකින් )
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
    මගෙ සවනත පාරයි...//

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
    මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත
    එතෙර වන්න නිඹදේ...

    සැදෑ අඳුර ලොව...//

    නිමල පැතුම් සපුරාගෙන හද තුල
    සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට...//
    අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
    ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
    ජීවන මල් ගොමුවේ...//

    සැදෑ අඳුර ලොව...//

    2mpbt74.jpg
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැදෑ අඳුර ලොව (Sanda Andura Lowa)
    මේ ගීතය අසන විටම සැදෑ සමය පිලිබඳ ඉතා චමත්කාරජනක සිතුවිලි සමුදායක් අප සැමගේ සිතට නැගෙනවා නොඅනුමානයි. ඒ සුන්දර ගීතය රචනා කර ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ ශූරීන්. ගීතය රචනා කරන්නට හේතු වන කරුණ සෝමතිලක ජයමහ මහතා විසින් දිනක් පුවත්පතකට පවසා තිබුණ. ලිපිය හොයාගත්තේ අන්තර්ජාලයෙන්.
    ගීතය රචනා කරන්නෙ 1960 දශකයේ අග භාගයේ. ඒ වෙනකොට එතුමා ජීවත්ව හිටියේ නුගේගොඩ පාර අයිනේම තිබුණ බෝඩිමක. ඒ කාලයේ ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටියා. සිංහල අවුරුදු කාලය ලඟා වන විට බෝඩිමේ සිටි අනිත් අය ගම් බිම වලට ගියත් ඔහුට නිවෙසට යන්න බැරි වෙනවා. ඒ ඔහුගේ ගුරුවරයකු වූ ඩන්ස්ටන් සිල්වා මහතාගේ රාජකාරියකට.
    කිසිවෙක් නැති බෝඩිමේ ඔහුට පාළුව තනිකම දැනුන. සවස් යාමයේ ඔහු පාර අද්දරට ගියා. ඔහු එතැනදී දුටුවා මද දුරකින් පිහිටි ගෙයක්. ඒ ගෙදර නැවතිලා හිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගැහැණු ළමයි පිරිසක්. ඔවුන් නිවසේ ජනෙල් වහනවා කළුවර වැටීගෙන එන නිසා. ඔහු පවසන පරිදි ඒ වෙලාවේම ඔහුගේ සිතට පදවැලක් මතක් වෙනවා. "සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන් පත් වැහෙන වෙලාවට"
    ඔහු පදවැල ප්‍රේමයට, විරහ වේදනාවට සම්බන්ධ කරනවා. ඔහු ඒ වෙනකොට විවාහ වෙලාවත් පෙම්වතකු වෙලාවත් තිබුනේ නැහැ. නමුත් ඔහු ඉතා අලංකාර ලෙස එම පදවැල ආදරයට, විරහ වේදනාවට සම්බන්ධ වන අයුරින් රචනා කරනවා.
    මේ අයුරින් රචනා කරපු ගීතය ඔහු 1969 වසරේ අග භාගයේදී ගුවන් විදුලි වැඩසටහනකින් ගායනා කරනවා. 1971 වසරේ රටපුරා තිබුණු භීෂණ තත්වය හේතුවෙන් හවසට තිබුනේ ඉතා ගුප්ත බවක්. ඒ නිසාම ගුවන් විදුලියෙන් ඔහුගේ ගීතය නිතරම සවස් කාලයේ ප්‍රචාරය කළා. ඔහුගේ ගීතයට ඒ කාලයේ හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා.
    ගීතය ගැන තොරතුරු උපුටා ගත්තේ: http://i1211.photobucket.com/albums/cc424/chajee1983/2011-07-17/23.png (sl-unlimited වෙබ් අඩවියේ chajee1983 නම් සාමාජිකයා පලකළ ලිපියකින් )

    නොදැන හිටපු දෙයක්,,,,