2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    2016 දී ඇමරිකාව හා ජපානය රොබෝ යුද්ධයක්

    megabots-kuratase-400x224.jpg


    මීට ටික දිනකට ඉහතදී ඇමරිකාව යුධ රොබෝවක් තැනුවා. විද්‍යා ප්‍රබන්ධ කතා වල එන රොබෝ වරයකුට සමාන හැඩයකින් යුතු මෙම රොබෝව Megabot (Megabot MK II) ලෙස හඳුන්වා දී ඇත. මෙම රොබෝව නිපද වූ ඇමරිකාව ජපානයට අභියෝගයක්ද දෙනු ලැබුවා. ඒ අභියෝගය බාර ගත් ජපානය ඔවුන්ගේම Kuratas (Suidobashi Kuratas) නමින් යුධ රොබෝවක් එළිදක්වනු ලැබුවා.
    Megabot රොබෝව අඩි 15ක් පමණ උසින් යුතු අතර 5500 kg තරම් බරකින් යුක්තය. ගමන් කිරීමට යුධ ටැංකි වලදී යොදා ගන්නා ආකාරයේ පථයක් යොදා ගනී.මෙය පාලනය කිරීමට නියමුවන් දෙදෙනක් සිටින අතර එක් අයකු රොබෝව ධාවනය කරන අතර අනෙක් නියමුවා යුධ උපකරණ හසුරවයි.



    ජපානයේ Kuratas රොබෝව අඩි 13 ක් පමණ උසින් යුතු වන අතර 4000 kg තරම් බරකින් යුක්තයි. Megabot හිදී මෙන් නොව මෙය ගමන් කිරීමට යොදාගෙන ඇත්තේ සාමාන්‍ය ආකාරයේ රෝද 3කි. එමගින් රොබෝවට ඉක්මනින් හැරීමට මෙන්ම ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. එසේම මෙය පාලනය කිරීමට අවශ්‍ය වන්නේ එක් නියමුවකු පමණි. ගුවන් යානා පාලනයේදී මෙන් මෙහිදී cockpit එකක් මගින් පාලනය කරනු ලබයි. හෙඩප් ඩිස්ප්ලේ, ස්ව්‍යංක්‍රීය ඉලක්ක අනාවරකයක් (automated target acquisition) කින්ද යුක්ත වනවා.



    මෙම රොබොවන් දෙකෙහිම ප්‍රහාර සඳහා ජල මිසයිල හා අත්, පා පහරවල් යොදා ගනු ලබයි. මෙම කණ්ඩායම් දෙකටම මාස 12ක් කාලයක් සිය රොබෝවන් තව දුරටත් වැඩි දියුණු කිරීමට කාලය ලබා දී ඇත. ඉන් පසු 2016 වසරේ දී ලොව මුල්ම රොබෝවරුන් අතර ද්වන්ද සටන ඇතිවනු ඇත! රියල් ස්ටීල් චිත්‍ර පටියේ සැබෑ ආකාරය නැරඹීමට ලොවට අවස්ථාව උදා වනු ඇත.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇමරිකාවේ එකානම් මෙලෝ රහක් නැහැ හැබැයි ජපන් කෙල්ලනම් පට්ට...........