2017 අයවැය යෝජනා

helpWorld

Member
Aug 6, 2015
400
37
0
https://www.youtube.com/watch?v=A-t5EY1AS-Q


ප.ව 5.07 - අයවැය කතාව අවසන්:shocked::shocked:

ප.ව 5.04 - අයිතම 100ක සෙස් බදු ඉවත්කරනවා.

ප.ව 5.02 - විද්‍යුත් මෝටර් රථ බදු අඩුකරනවා. පැරණි වාහන අපනයනයේදී බදු සහන

ප.ව 5.00 - සතොස සිල්ලර වෙළදසැල් 100ක් ඉදිකරනවා ඒ සඳහා රුපයිල් මිලියන 500
මාතර මහුදු තීරය දියුණු කිරිමට මිලියන 200
කුඩා වැව් සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා
16:50 - ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ. :shocked::shocked::growl::growl:

ඇයි මේ වගේ වැඩ කරන්නේ.
ජනතා අදහස් විමසුවේ මේවටද බන් .

එතකොට cores bank atm වලට 50-60 වගේ ගනී .:shocked::shocked:


16:46 - අධිවේගී මාර්ගයේ ගාස්තු රාත්‍රී නවයේ සිට උදෑසන පහ දක්වා රුපියල් 50කින් අඩු කෙරේ.
16:46 - මුං ඇට කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරේ. පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් පහකින් ද, සුදු සීනි රුපියල් දෙකකින් ද, භූමිතෙල් රුපියල් පහකින් ද, ගෑස් රුපියල් 25කින් අඩු කෙරේ.


16:44 - අත්‍යවශ්‍ය පරිභෝගික භාණ්ඩ සඳහා ලක් සතොස සිල්ලර වෙළෙඳ සල් ජාලය පුළුල් කෙරේ. වෙළෙඳසල් සියයක් ඉදි කිරීමට රුපියල් මිලියන පහ බැගින් වෙන් කෙරේ.
16:42 - කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කෙරේ.
16:41 - පිරිවෙන් සිසුන් සඳහා මාසිකව රුපියල් 2500ක් ලබා දීමට යෝජනා කෙරේ.
16:40 - අපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් පැල්මඩුල්ලේ ඉදි කෙරේ.
16:39 - 2017 මැයි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කෙරේ.


16:38 - රට පුරා වාණිජ අධිකරණ හතරක් ඉදි කිරීමට යෝජනා කෙරේ.
16:35 - සේවා පියස සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කෙරේ.
16:34 - සමෘද්ධි ව්‍යාපාරයේ නම ජන ඉසුරු ලෙස වෙනස් කිරීමට යෝජනා කෙරේ.:lol::lol::lol::lol:
16:30 - ක්‍රීඩාවේ නවකයන් හඳුනාගෙන අත දීමට රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ.
16:29 - ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව, නිධානය වැනි චිත්‍රපට සංරක්ෂණය සඳහා ඒකකයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භ කිරීමට රුපියල් මිලියන 50ක් වෙනේ කෙරේ.

16:29 - උතුරු නැගෙනහිර විවිධ ජනකොටස්වල සාමය හා සංහිඳියා වැඩසටහන සඳහා රුපියල් මිලියන 180ක් වෙන් කෙරේ.
16:28 - අමරදේව සංගීත ආශ්‍රමය පිහිටැවීමට රුපියල් මිලියන 25ක් වෙන් කෙරේ.

16:27 - ස්වයං රැකියාවල නිරත තරුණ තරුණියන් 50කගෙන් ආරම්භ කළ ව්‍යාපාර සඳහා ණය දීමට රුපියල් මිලියනය බැගින් ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට වෙන් කෙරේ.
16:25 - ජාතික තරුණ සේවා සභාව හා යොවුන් සේනාංකයට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ.
16:25 - නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලිය 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.
16:23 - ජන සංයුතියේ ප්‍රතිඵල නෙළා ගැනීමට උසස් අධ්‍යාපනයේ ආයෝජන අංශ සඳහා තරුණ තරුණියන් හා කාන්තාවන්ට අවැසි දැනුම හා නිපුණත්වය ලබා දී නිදහස් තාක්ෂණ අධ්‍යාපනය ලබා දීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි.
16:22 - දුම්රිය ක්ෂේත්‍රයට පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට යෝජනා කෙරේ.
16:20 - ජන සංයුතියේ සිදුවන වෙනස්කම්වලට අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිපිරීමට ආසන්න කාල බෝම්බයකි. දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ. :sorry::sorry:
16:13 - වැවිලි ක්ෂේත්‍රයේ ලයින් කාමරවල ජීවත් වන්නන් වෙනුවෙන් නිවාස 25000ක් ඉදි කෙරේ. ඉඩම් සහ අනිකුත් පහසුකම් රජයෙන් නොමිළේ ලබා දෙයි.

16:11 - අඩු හා මධ්‍යම ආදායම් පවුල් වෙනුවෙන් නිවාස පන් ලක්ෂයක්
16:08 - ගෝල්ඩන්කී තැම්පත්කරුවන් සඳහා ඉතිරි මිලියන 3000ක මුදල ලබා දීමට කටයුතු කෙරෙයි.
16:05 - මාර්තු 31 වැනි දා සිට නව අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කෙරේ. :frown:
16:03 - බස් රියදුරන්, කොන්දොස්තරවරුන් හා පිරිසිදු කරන්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හඳුන්වාදේ.
16:02 - ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවය කිරීමට යෝජනා කෙරේ.:no::no:
16:01 - පාසල් වෑන් රථ හිමියන්ට ආසන 32 බස් රථවලට මාරු වීමට දිරි ගන්වයි. ඒ සඳහා පොලී සහන ලබා දෙයි.
16:00 - ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වා දෙයි.
15:55 - පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.

15:49 - ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ප්‍රධාන පෙළේ සමාගම් සංස්ථාපිත බද්දෙන් නිදහස් කෙරේ.
15:48 - ඉදි කිරීම් කර්මාන්තයට අදාළව පැවැති සියයට 25ක සෙස් බදු ඉවත් කෙරේ.

15:45 - ලංකාවේ ආයෝජනයට පැමිණෙන විදේශිකයන් සඳහා පස් අවුරුදු වීසා ලබා දීමට කටයුතු කරේ
15:35 - මහ බැංකුවෙන් ක්‍රියාත්මක ‘සෞභාග්‍යා‘ හා ‘ස්මයිල්:growl::growl::growl::growl:ණය යෝජනා ක්‍රම වෙනත් ණය යෝජනා ක්‍රම සමග ඒකාබද්ධ කිරීමට යෝජනා කෙරේ.
15:32 - කොළඹ නගරයේ විශේෂිත අත්කම් මධ්‍යස්ථාන ඇති කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

15:32 - දේශීය කලාකරුවන් නැංවීමට ලක්සල විසින් ඔවුන් වෙත ගෙවිය යුතු හිඟ මුදල් මාසයක කාලයකින් ගෙවා නිමකරන ලෙස ඉල්ලා සිටිනවා.

15:31 - රැකියා අවස්ථා උත්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 250 සිට බිලියන 750 දක්වා ණය ලබා දීමට යෝජනා කෙරේ.
15:29 - බැංකුවල ණයවලින් සියයට 10ක් සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරේ.
15:28 - සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකවල මූල්‍ය පහසුකම් සඳහා ණය සුරැකුම් ක්‍රමයකින් ආරම්භ කරමින් එහි මූල්‍ය ප්‍රාග්ධනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
15:26 - ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් දිගු කාලීන කුලී පදනම මත ලබා දෙයි. :frown::frown:
15:21 - සියලු ඖෂධ හල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි විය යුතුය.

15:20 - සෑම රෝගියකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියැවිල්ලක් ලබා දීමට පියවර ගැනේ.
15:18 - කරාපිටිය, අම්පාර සහ යාපනය රෝහල්වල විශේෂ ළමා ඒකක ඇති කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.
15:16 - හෙද පුහුණු පාසල් සඳහා මිලියන 200ක් වෙන් කෙරේ.

15:12 - තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගනිමින් රජයේ නොවන උපාධි ආයතන රට තුළට පිවිසීමට අවස්ථාව ලබා දේ. අධ්‍යාපනයේ ගුණාත්ම මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇති කෙරේ.
15:11 - ලංකාවේ අධ්‍යාපනය හැදෑරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබා දීමට යෝජනා කෙරේ.
15:11 - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කෙරේ.
15:09 - විශ්ව විද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රී අට දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ. :love::love::love::love::love:
15:08 - විශ්ව විද්‍යාල 17කින් ඉංජිනේරු, වෛද්‍ය, නීතිය හදාරණ සිසුන්ගෙන් තෝරා ගත් සිසුන් තිදෙනකුට ලොව උසස්ම සරසවිලවට යෑමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කෙරේ. :growl::growl::growl::growl:
15:02 - සරසවිවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 2020 වන විට තව 50,000කින් වැඩි කෙරේ.
15:00 - අවුරුදු පහේ සිට 19 දක්වා මිලියන 4.5ක පාසල් දරුවන්ට එක් දරුවකුට රුපියල් ලක්ෂ දෙකක් වන පරිදි රක්ෂණ ක්‍රමයක්.
14:58 - විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබා දෙන දෛනික දීමනාව රුපියල් 50 සිට 150 දක්වා වැඩි කෙරේ. :baffled::baffled:
14:57 - ප්‍රාථමික හා ද්විතියීක පාසල් වල විද්‍යාගාර, පුස්තකාල ඇතුළු පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 21,000ක්.

14:56 - 2017 වසර අවසන් වන විට දිවයිනේ පාසල් 100ක් සඳහා ජල, විදුලි හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 5000ක් වෙන් කෙරේ
14:55 - පාසල් 35000කට තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන 5000ක්
14:54 - 2017 උසස් පෙළ පන්තිවල ඇතුළු වන සිසුන් 175000කට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක.
14:53 - පොළොන්නරු හා හම්බන්තොට ඇතුළු තෝරා ගත් දිස්ත්‍රික්ක අටක භූගත ජල පරීක්ෂණ සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 200ක්
14:52 - මන්නාරම පිහිටි තාරපුරම් වැව ප්‍රතිසංස්කරණය සඳහා මිලියන 600ක්
14:51 - මිනිපේ වම් ඉවුර පුනරුත්තාපනයට, මඩ කලපුව වාර්මාර්ග ගංවතුර පාලනය සඳහා විශාල තනි ජලාශයක් ඉදි කෙරේ.
14:50 - විශාල වේලි 33ක් ප්‍රතිසංස්කරණය හා වේලි 80කට මූලික පහසුකම් සැපයීම ඇග්‍රෝ මෙට්‍රික් මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කෙරේ.
14:48 - පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.
14:47 - මල් වගා හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය දිරි ගැන්වීමට තවාන් 200ක් ඇති කිරීම වෙනුවෙන් රජය සියයට 50ක ණය පොලී සහනයක් ලබා දෙනවා. මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කෙරේ. රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව ණය යෝජනා ක්‍රමයක් ගේනවා.
14:45 - කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මල ලිහිල් කරනවා. කිලෝ එකක සම්පූර්ණ කුකුළකුගේ මිල රුපියල් 420කි.
14:44 - ධීවර කර්මාන්තයේ ඉහළ මට්ටමින් වාණිජකරණයට අවැසි පරීක්ෂණ සඳහා නාරා ආයතනය ඇතුළු අංශ දිරිමත් කෙරේ.
14:43 - වැවක් සහිත ගමක් වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කෙරේ.
14:42 - හම්බන්තොට, මඩකලපුව, යාපනය ඇතුළු වෙරළාසන්න දිස්ත්‍රික්ක 10ක ජීවනෝපාය වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1200ක් වෙන් කෙරේ.
14:41 - ධීවර වරායවල්හි යටිතල පහසුකම් හා නැංගුරම් පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 1350ක්.
14:40 - මත්ස්‍ය සැකසුම් හා ටිං කිරීම වැනි අපනයන සැකසුම් සඳහා හම්බන්තොට ඇතුළු පෙදෙස් වල මිරිදිය මත්ස්‍ය කලාප ඇති කිරීමට මිලියන 700ක්.
14:39 - දේශීය කිරි නිශ්පාදනය වැඩි කිරීමටත් පාරිභෝගිකයන් පෙළඹවීමටත් ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක පෙර මිල අඛණ්ඩව පවත්වාගෙන යනවා.
14:38 - කිරි ගොවි කලාප පිහිටුවීමට අපේක්ෂා කෙරේ.
14:38 - දියර කිරි නිශ්පාදනය වැඩි කිරීමට උසස් තත්ත්වයේ කිරි ගවයින් 15000ක් ආනයනය කිරීමට විදෙස් රටවල් සමග සාකඡ්චා කර ඇත. :lol::lol:එක් කිරි ගොවියකුට අවම වශයෙන් කිරි ගවයන් 10 දෙනකු ලබා දීම අරමුණයි
14:32 - තේ කර්මාන්තයේ අංශ කිහිපයක බදු සංශෝධනය කෙරේ.
14:30 - ‘වයඹ විශ්ව විද්‍යාලයයේ ආහාර තාක්ෂණ පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කරනවා.‘
14:29 - ‘වී පළතුරු එළවළු ධාන්‍යවර්ග හා මල් වර්ග සඳහා දියුණු තාක්ෂණ ක්‍රම භාවිත කිරීම සඳහා කෘෂිකර්ම සැකසුම් කර්මාන්ත සඳහා ව්‍යවසායකයන් ධිරිමත් කරනවා.‘
14:28 - ‘නව තාක්ෂණික හා කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට සියයට 15ක පොළී සහනයක් ලබා දීමට බලාපොරොත්තු වේ.‘
14:27 - ‘වගා බිම් කැබලි වීමේ තත්ත්වය නිසා ගැටළු රැසක් ගොවීන්ට ඇති වී තිබෙනවා. ගොවීන්ට ණය ලබා දීම සහ නිශ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීමට ගොවි සමූපාකාර ඇති කෙරේ.‘
14:24 - ‘කෘෂිකර්ම අංශයේ නිරත මිලියන 2.5 ජනතාවගේ මාසික ආදායම රුපියල් 25000ක් පමණ වෙනවා. ඒ නිසා ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වෙනවා.‘
14:24 - ‘කෘෂිකාර්මාන්තයට මුල් තැන දෙමින් අය වැය ඉදිරිපත් කරනවා.‘

14:20 - වයස්ගතවන වැඩිහිටියන් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරීමට සිදුවන බර වැඩිය. ඒ නිසා අනාගතයේ විශ්‍රාමිකයන් සඳහා සුදුසු යෝජනා සලකා බැලේ.‘
14:17 - ‘ඉතිහාසයේ පළමු වතාවට 2017 අය වැය සකස් කිරීමේ දී මහජනතාවගේ අදහස් විමසුවා.‘
14:16 - ‘උතුරු නැගෙනහිර ආර්ථිකයේ ඇති වෙනස්කම් 2020 වන විට ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.‘
14:14 - ‘ගොවි ජනතාවගේ දිවි පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා දියුණු තාක්ෂණ ක්‍රම හඳුන්වා දෙනවා.‘
14:13 - ‘සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම තලයකටම විහිදී යන ලෙස කටයුතු කරනවා.‘
14:11 - ‘කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර වැඩිදුයුණු කිරීම හා සංවර්ධනය සිදු කරනවා.‘
14:08 - ‘සන්නිවේදන තාක්ෂණය, යාන්ත්‍රික, රොබෝ, තොරතුරු තාක්ෂණය ගෝලීය දියුණුවට අදාළව වැඩි දියුණු කරනවා. සාගර සම්පත් මගින් ආර්ථික හැකියාව ඉහළ නංවනවා.‘
14:06 - ‘නිදහස් වෙළඳාමක් නොව සාධාරණ වෙළඳාම ඇති කර විදේශ විනිමය රටට ගලා ඒම වර්ධනය කරනවා.‘
14:05 - ‘අපනයන සංවර්ධනයන් සඳහා වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය කරනවා.‘
14:04 - ‘ඉහළ රැකියා අවස්ථා සඳහා හා විකල්ප ව්‍යවසායක අපේක්ෂා සඳහා සියලු ආර්ථික ක්ෂේත්‍රයන්හි වෙනස්කම් කරනවා.‘
14:03 - ‘මෙවර අයවැයේ තේමාව ‘සැමට සමාජයක්‘ යන්නයි. සැමට ප්‍රතිලාභයක් සමඟ වර්ධනය කරා පිය නැගීම අපේ බලාපොරොත්තුවයි.‘
14:03 - ‘රටේ විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩකඩ සලසමින් දේශීය හා විදේශීය අයෝජනයන්ට අවස්ථාව වැඩි කරනවා.‘
14:00 - ‘ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රයක් බවට පත් කිරීමට උපාය මාර්ගිකව කටයුතු කිරීම රජයේ අරමුණයි.‘
13:59 - ‘සියයට හතක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ‘
13:58 - ‘දිළිඳුකම දුරු කිරීම සඳහා 2017 වසරේ මුල සිටම වැඩසටහන් රැසක් සිදු කිරීමට බලා පොරොත්තු වෙනවා

https://www.youtube.com/watch?v=A-t5EY1AS-Q
 
Last edited:

helpWorld

Member
Aug 6, 2015
400
37
0
14:17 - ‘ඉතිහාසයේ පළමු වතාවට 2017 අය වැය සකස් කිරීමේ දී මහජනතාවගේ අදහස් විමසුවා.‘​
14:16 - ‘උතුරු නැගෙනහිර ආර්ථිකයේ ඇති වෙනස්කම් 2020 වන විට ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.‘​
14:14 - ‘ගොවි ජනතාවගේ දිවි පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා දියුණු තාක්ෂණ ක්‍රම හඳුන්වා දෙනවා.‘​
14:13 - ‘සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම තලයකටම විහිදී යන ලෙස කටයුතු කරනවා.‘​
 

helpWorld

Member
Aug 6, 2015
400
37
0
14:20 - වයස්ගතවන වැඩිහිටියන් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරීමට සිදුවන බර වැඩිය. ඒ නිසා අනාගතයේ විශ්‍රාමිකයන් සඳහා සුදුසු යෝජනා සලකා බැලේ.‘
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Budget-allocations.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොරනව කොරනව කියල මටත් කියන්න පුළුවන් නේ බං........
    කොරන්නේ කොහොමද කියල එපැයි කියන්න....
    ලොල්
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කොරනව කොරනව කියල මටත් කියන්න පුළුවන් නේ බං........
    කොරන්නේ කොහොමද කියල එපැයි කියන්න....
    ලොල්

    :lol::lol:

    රවියා නම් මොන්ටිසෝරි ළමයෙක් වගේ නේද කිබුලෝ :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    14:20 - වයස්ගතවන වැඩිහිටියන් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරීමට සිදුවන බර වැඩිය. ඒ නිසා අනාගතයේ විශ්‍රාමිකයන් සඳහා සුදුසු යෝජනා සලකා බැලේ.‘

    Pension ekata gema denna wage yanne.