2017 වසරේ වියදම් කපා හැරේ

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    2017 වසරේ වියදම් කපා හැරේ

    (හර්ෂණ තුෂාර සිල්වා)

    අයවැය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2017 වසරේ වියදම් කපා හරින බව මුදල් අමාත්‍යාංශය ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

    ආදායම් පහත වැටුණ ද ඉලක්ක කළ පරිදි අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.6ක අගයක පවත්වා ගැනීමට කටයුතු කරන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබේ.

    ආණ්ඩුව 2016 වසරේ දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.9ක අගයක පවත්වාගෙන යෑමට ඉලක්ක කළ අතර එම ඉලක්කය සපුරා ගනිමින් පසුගිය වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4ක අගයක් දක්වා අඩු කරගැනීමට ආණ්ඩුව සමත් විය. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව 2015 වසරේදී මෙරට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.6ක් විය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2015 වසරේ නොවැම්බර් මාසයේදී වත්මන් ආණ්ඩුවේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම ප්‍රකාශයට පත් කරමින් වසර 2020 වනවිට මෙරට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.5ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී පැවැසීය.


    Source: Lankadeepa,lk
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් මොන වියදම්ද කපා හැරලා තියෙන්නේ?

    අපිට කොහෙන් හරි ගන්න පුලුවන්ද පහුගිය වසරවල් වල එක් එක් අංශ සඳහා වියදම් කල මුදල ප්‍රතිශතයක් විදියට?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය මධ්‍යකාලීන ආර්ථික දැක්මේ විදියට ඊලඟට විකුණන්න තියෙන්නේ මොන ආයතනද

    මහ බැංකු කොල්ලය නිසා වෙච්ච පාඩුව කොහොමද පියව ගන්නේ කියලා ඕකේ තියෙනවද දන්නෑනේ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය මධ්‍යකාලීන ආර්ථික දැක්මේ විදියට ඊලඟට විකුණන්න තියෙන්නේ මොන ආයතනද

    මහ බැංකු කොල්ලය නිසා වෙච්ච පාඩුව කොහොමද පියව ගන්නේ කියලා ඕකේ තියෙනවද දන්නෑනේ.

    Railway wikinuwoth hari nadda?