2017 flood help ගං වතුර උදව් updating

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නොමිලේ වෛද්‍ය සායනයක්....
    ගං වතුර ව්‍යසනයට ඉක්බිති සීඝ්‍රයෙන් පැතිර යන මී උණ රෝගයෙන් ආරක්ෂා වීම සදහා ප්‍රතිශක්තීකරණ ඔෘෂධ ලබාදීම සහ උණ,ශ්වසන රෝග (හතිය,කැස්ස ආදී),හමේ රෝග (දද,කැසීම්,කුෂ්ඨ),සහ පාචනය ඇතුළු රෝගාබාධ සදහා ප්‍රතිකාර ලබා දීමේ වෛද්‍ය සායනයක්
    මේ සෙනසුරාදා උදෑසන 8 සිට සවස් වෙන තෙක් අකුරැස්ස බෝපාගොඩ විහාරස්ථානයේදී පැවැත්වේ.
    වැඩි විස්තර දැන ගැනීමට නුවන්,ලලිත්,මනෝජ් අමතන්න.
    මෙහෙයවීම
    ශිල්ප සවිය පදනම
    නුවන්-0716291869
    මනෝජ්-0774398116
    ලලිත්-0771756041
    via - Nalinda Sanjeewa Liyanage
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වියලි ආහාර පාර්සල් තිබේනම් මාපලගමින් ඇතුලෙ ගෙවල් කීපයක් තියනවා පවුල් 60ක් 70ක් විතර ඉන්නවා.
    රැගෙන යන්නේනම් මාපලගම බිනුරි හෝටලයට රැගෙන එන්න.
    එතනත් පවුල් කිහිපයක් නැවතිලා ඉන්නවා..
    බිනුරි හෝටලයේ අධිපති තුමා මේ දක්වා කෑම බීම සපයලා තියනව.
    ඒ මහතා හට දැන් දරාගත නොහැකි තත්වයක් තියෙන්නෙ.
    ඒ මහතා මට පෞද්ගලිකව කතාකලා පුලුවන් නම් හාල්,පොල්, පරිප්පු,පැනඩෝල්,සිද්දාලේප, සෝයා වගේ දේවල් ගෙනත් දෙන්න කියල.
    මේ ගැන පොඩ්ඩක් අවදානයෙන් බලන්න.
    හැකි ඕනෑම කෙනෙක් ඉන්නවනම්
    දසුන් : 0779569094
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හැකිතාක් ෂෙයාර් කරන්න
    ----------------------------------------------
    රෑකඩහේන පැත්තට අමාරුයි..!!!
    අසරණ පවුල් 200 පමණ වෙසෙන රෑකඩහේන පැත්තේ මිනිස්සුන්ට ඇවිල්ල තියෙන්නේ රජයෙන් දීපු කෑම ටික විතරර්යි.. ඒවා හොඳටම මදි
    නෙවි එකේ කොල්ලෝ 4 ක් දෙනෙක් සහ ගමේ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක එතන වැඩ කරන්නේ . තවමත් අඩි 15 20 ක් වතුර තියෙන තැන් තියනව සහ එකම එක බෝට්ටුවයි එහෙට වැඩ කරන්නේ ..
    අවශ්‍යතා බොහොමයි !!!!!!
    සැනිටරි ටව්ල්ස්
    තුවා
    ඉටිපන්දම්
    මදුරු කොයිල්
    ගිනි පෙට්ටි
    යට ඇඳුම්
    වතුර විශේෂයි !!!
    එහෙට යන්නේ මෙහෙමයි.
    * ඇල්පිටිය , කැල්ලපත , අබගහවිල හන්දිය , රෑකඩහේන !
    * පිටිගල පාරේ කැල්ලපත හන්දියට ගිහින් එතනින් පොරවගම පාරේ අම්බගහවිල හන්දියට ගිහින් එතනින් රෑකඩහේන යන්නත් පුළුවන් ..
    අල්ප්ටිය පැත්තෙන් එනවනම් මට කතා කරන්න
    071 6 511 411 - හසික
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රත්නපුරයේ අයගම ගවරගිරිය ප්‍රදේශයට තවම වතුර විතරයි ලැබිල තියෙන්නේ, අයගම නගරයට ලැබුනත් ඇතුලේ ගම්වලට මොකුත් ලැබිල නැහැ. ඒ කිට්ටුව කවුරුහරි අධාර අරන් යනවනම් පොඩ්ඩක් බලන්න. නුවන්,......0719872919
    VIA Gnanawasa Minuwangoda ස්වාමින් වහන්සේ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගාල්ල දිස්ත්‍රික්කය -
    අඟුලු ගහ -
    උඝ්‍ර පානීය ජල හිඟයක් පවතින මේ මොහොතේ පිරිසිදු උල්පත් ජල සහිත සිය ළිඳෙන් ජල බෝතල් පුරවා දීමට පරිත්‍යාගශීලී ව්‍යාපාරික මහත්මයෙකු ඉදිරිපත්ව සිටියි......බෝතල් දහස් ගණනක් වුවද පිරවිය හැක.......බෝතල් රැගෙන පැමිණෙන්න.......වහාම අමතන්න.....
    "විකුම්ගිරි" කහඳ , අගුළුගහ , ගාල්ල..
    අමතන්න : අමිල ඩිල්ෂාන් - 0777588244
    15:48 hrs
    2017-05-30
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    #තවලම
    තවලම පිටිගල පාරේ පිහිටි කුඹුරේගොඩ සහ හැල්ලකන්ද ප්‍රදේශයේ දූපතක් වැනි කොටසක පිරිසක් රැඳී සිටින බව ආරංචි වෙනවා..
    ඔවුන්ට මෙතෙක් නිසි පරිදි සහනාධාර ලැබී නොමැති අතර, දැඩි ආහාර හිඟයකට ලක්ව සිිටින බවද සඳහන්.
    ඔවුන් පීනාගෙන පැමිණ හෝ පිසූ ආහාර සහ වියලි ආහාර ද්‍රව්‍ය සහනාධාර ලබාගත හැකි බව පවසනවා..
    ඒ පැත්තට ආධාර අරගෙන යන අය කරුණාකර මලිත් මල්ලිව සම්බන්ධ කරගන්න.
    0719 285 514 - මලිත්
    14:17 hrs
    2017-05-30
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    #නෙළුව
    නෙලුව කුඹුරේගොඩ සහ හැල්ලකන්ද ප්‍රදේශයේ දූපතක් වැනි කොටසක පිරිසක් රැඳී සිටින බව සැලයි.ඔවුන් පීනාගෙන හෝ පැමිණ කෑම සහ වියලි ආහාර ගත හැකි බව කියයි.කරුණාකර් ඒ අවටට යන අය සොයා බලන්න.
    එතැන ඉන්නා මලිත්ව අමතන්න - 0719285514
    13:42 hrs
    2017-05-30
    Via විශ්ව දේවින්ද
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගංවතුර තත්වය නිසා ඔබේ ප්‍රදේශවලට කිඹුල් අවදානමක් ඇතිවී ඇත්නම් පහත දුරකථන අංක වලට අමතන්න.
    ප්‍රසන්න විමලදාස මහතා- වනජීවී සහකාර අධ්‍යක්ෂ දකුණ (047-2237332, 0718215581, 0716917556)
    ඩී.එමි. වීරසිංහ මහතා - වනජීවී සහකාර අධ්‍යක්ෂ නැගෙනහිර (063-2222501, 0718253268)
    ඩබ්.ඒ.ඩී.යු.ඉන්ද්‍රජිත් මහතා - වනජීවී සහකාර අධ්‍යක්ෂ බස්නාහිර (033-2230093 0718213611)
    ඩබි.එම්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා - වනජීවී සහකාර අධ්‍යක්ෂ, පුත්තලම (032-2267617 07144 29618)
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතු ප්‍රධාන කාර්යාලය 0112888585
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කලවානට ඉන්ධන දෙන්න
    කරුණාකර අපිට ඉන්ධන දෙන්න.
    පෙට්‍රල්
    බූමි තෙල්.
    ඉටිපන්දන්.
    කුප්පිලාම්පු.
    කදවුරු වලට ජෙනෙර්ටර්.
    071 915 1628 (2017 05 30 )
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ පෝස්ට් එක බොහෝ දෙනෙකු අතරේ ශෙයා උනත් මේ දක්වා තිහගොඩට ' වතුර ' ටිකක් වත් නැල්ලු ...
    උදව් කරන්න ...
    -----
    මාතර තිහගොඩ, කිතලගම, මද්දමට යන ප්‍රදේශවල අවතැන් උන පිරිසට මේ වනතුරු අවැසි කිසිවක් ලැබීලා නෑ
    ග්‍රාම නිළදාරී කපිල මහතා සම්භන්ධ කරගෙන අවශ්‍ය දෑ ලබාදිය හැකිනම්..
    0772571238
    29.05.17
    17.20Pm
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    05/30/17
    රත්නපුර දිස්ත්‍රික්කය -
    අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලය - විශාල පිරිසක් රැඳී සිටිති - අමතන්න අරවින්ද - 0770737540
    තුන් අඳහේන, සීවලිවත්ත, අධිකාරිය යන ගම් තුනට උඝ්‍ර පානීය ජල හිඟයක් පවතී - අමතන්න - පවිත්‍රා - 0716145723
    ( ලොකේෂන් පළමු කමෙන්ටුවේ ඡායාරූපයෙන් )
    18739825_953878488048775_2780493408535362608_n.jpg
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වෛද්‍ය Bodhini Samaratunga මහත්මියගෙ බිත්තියෙන්..
    ---------------------------------------------
    වෛද්‍ය නිර්දේශය මත ඩොක්සිසයික්ලින් 200 mg බොන්න ඕනේ, සතියකට එක වරක් ! වතුරට බහින්න දවස් 3 කට කලින් හෝ වතුරට බැහැලා දවස් 3ක් ඇතුලත මේක බොන්න ඕන.
    ඒ ඩෝස් එක සතියකට එක වරක් පමණයි ඒකත් වතුරෙන් මිදුනම නම් දිගටම බොන්න ඕනෙ වෙන්නෙ නෑ.
    දවස් 3 කට වඩා වතුරේ බැහැලා උන්නා නම් දැන් ඉතින් වැඩක් නෑ බීවට කියලා තමා කීවේ....
    ප්‍රෙග්නන්ට්/ගර්භනී අය, අවුරුදු 12 ට අඩු ළමයි සහ කිරිදෙන අම්මලා... කලින් අසාත්මික තා තිබුන අය ... ටෙට්‍රාසයික්ලින් කියන බෙහෙත් කාණ්ඩයට අසාත්මිකතා තිබුනු අය ඩොක්සි බොන්න එපා
    ඩොක්සි ගන්න බැරි අය මොකද කරන්නේ ? එයාලට නිර්දේශ කරන්නේ ඇසිත්‍රොමයිසින්... azithromycin ඒක 500mg මිලිග්‍රෑම් දවසට එක වරක් දවස් 3ක් සතියට සැරයක් තමයි නිර්දේශය . හැබැයි මේකත් ගර්භනී මව්වරුන්ට හොඳ නෑ.... පොඩි දරුවන්ට ඔය 500mg දෙන්න යන්න එපා.. අවුරුදු 12 අඩු දරුවන්ට ඕනෑම බෙහෙතක් දෙන්නේ බර අනුව.. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා දරුවාගේ බරට නියමිත මාත්‍රාව ඉල්ලා ගන්න.
    හිතුමතේ බෙහෙත් ගන්න එපා... ඩොක්සි සයික්ලින් උනත් ! මේවාට කොහොමත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යයි. එනිසා ඕනෑම බෙහෙතක් ගන්න කලින් සෑම විටම වෛද්‍ය උපදෙස් ගන්න.
    මෙසේ දැනුවත් කිරීමෙන් ඔබට මේ ගංවතුර තත්වය සමග වැඩියෙන් හිස ඔසවන රෝගාබාද ගැන වැටහීමක් ලැබෙනු ඇතැයි සිතේ...
    වෛද්‍ය කඳවුරු සටහන් අංක 1 - ගංවතුර ආශ්‍රිත රෝගාබාද ගැන සුළු කෙටි විග්‍රහයක් !‍‍
    සහන සලසන්නෙත් ජීවිත යුද්ධයක් අතරින් නිසයි මේ දේ ලියන්න පමා වුනේ... අප රෝහල වෙත එන පිරිස සහ අපි ඒ පෙදෙස්වලටම ගොස් ක්‍රියාත්මක කළ සේවා වලදී අපට වැටහුන කරුණු කිහිපයක් මේ... ඔවුන්ට අවශ්‍ය ආහාර ලැබෙන බව තේරෙනවා. නමුත් සනීපාරක්ෂාව ගැන වඩාත් සිතිය යුතුයැයි සිතෙනවා.
    ශ්වසන ආබාධ - මා පරීක්ෂා කළ ළදරු ළමා සියල්ලන්ගේම තිබුනේ ශ්වසන ආබාධ උගුර ආශ්‍රිත සෙම් ගෙඩි තත්ව සහ හෙම්බිරිස්සාව නිසා නාසය අවහිර වීම වැනි බැරෑරුම් නොවූ තත්වයන්. පෙනහළු ආශ්‍රිත ඇදුම තත්වයන් තිබූ දරුවන් සිටියේ සුළුවෙන්.
    මී උණ - ඩොක්සිසයික්ලින් ම ඉල්ලන පිරිසක් හිටියා- අවුරුදු 8ට අඩු දරුවන්ට දෙන්න එපා කියලා බොහොම තදින් කීවා. ඇත්තටම එහෙම තමා CDC එකෙන් කියන්නේ.. ඉතින් පොදුවේ දරුවන්ට දෙන්න එපා කියලත් , කිරිදෙන අම්මලාට මේවා බොන්න එපා කියලත් අර ෂෙයා වන පෝස්ට් වල දැම්මනම් හොඳයි නේද කියා සිතුනා
    උණ - උණ තිබුන දරුවන්ගේ මව්වරුන් කීවේ අතට රස්නෙ දැනෙන්නේ කියලයි... ඔවුන්ට උණ මැනීමට උණ කට්ටක් තිබුනේ නෑ. ඉන්පසු අපි කළේ එක් එක් කඳවුරට උණ කටුව බැගින් ලබා දීම ය. උණ බලා එය 98.4 F- වැඩි අගයක්නම් පැරසිටමෝල් දෙන ලෙස ය. එනිසා උණ කටු ඔවුන්ට ලබා දීම අත්‍යාවශ්‍ය යැයි සිතේ.. වැහි බීරම සීතල පරිසරයකදී කොහොමත් ඔතා ඇති ළදරුවන්ගේ ශරීර උෂ්ණත්වය අත තියා බැලුවොතින් වැඩි නිසා ය. පැරසිටමෝල් නිරපරාධේ දරුවන්ට දෙන එක සුභදායක නොවන නිසා ය.
    තුවාල - තුවාල ඇති අය බොහෝය. දෙමාපියන් කියන්නේ වතුරේ නටනවා එහෙ මෙහෙ යනවා, තුවාල කරගන්නවා කියාය. තුවාල හොඳවීමටනම් මුළින් දරුවන් වතුරෙන් මුදවා ගත යුතුයි. ඒක අමාරු බව දන්නවා නමුත් වැසිකිළි වලවල් පවා උතුරා ඒවායේ අපද්‍රව්‍යද මිශ්‍රවී ඇති නිසා මේ වතුරේ දියබුං ගසමින් නෑම නම් යෝග්‍ය නොවේ. පෙවෙන එකත් හොඳ නැත.
    වමනය -වමනය යෑම බොහෝ දරුවන්ට තිබුනි. ඒ කෑම බීම නිසා හෝ පෙර කියූ පරිදි වතුර පෙවීම නිසා විය හැකිය. ජීවනී වැනි දේවල් වලින් ලේසියෙන්ම විජලනය තත්වය පාලනය කරන්නට පුළුවනි. වමනයට විරුද්ධව දිය හැකි ඖෂධ තිබුනි.
    Rash , දද කුෂ්ඨ - පොදුවේ තිබුනු skin rashes දද කුෂ්ඨ , දාඩිය බිබිලි සහ වතුරේ බැස සිටි නිසා කැසීම් තිබුනු අයට aqueous cream ලබා දුන්නා... කොන්ඩිස් දමා සෝදන්න කියා කීවා...පුස් සහ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියාකරන ක්‍රීම් වර්ග තිබුනේ සුළුවෙන් නිසා එක ටියුබය බෙදා දෙන සිදුවුනා...
    බඩ එළියේ යෑම - ඩයරියා හෙවත් බඩ එළියේ යෑම වැනි තත්ව ද තිබුනි...probiotics.. පාවිච්චි කිරීමට අපහසු, ඒවා නැති තැන් වලදී යෝගට් එකක් කන්න දෙන්න යැයි කීවෙමු.
    පාචනය , වමනය, බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටී... දරුවන් ඉක්මනින් විජලනය විය හැකි බැවින් අනාථ කඳවුරු වල සිටින මව්වරුන් දැනුවත් කිරීම වටී. බොහෝ දරුවන් රෝහල් ගත කරන විට අධික ලෙස විජලනය වී තිබුනි.
    වමනය කී වරක් ද? බඩ එළියේ යෑම කී වරක් ද ? සංයුතිය කුමක් ද ? ලේ හෝ රතු පැහැයට යමක් පිටවී ද? මෙවැනි ප්‍රශ්න වලට ටිකක් ලොකු දරුවන්ගෙන් නම් ඔවුන්ගෙන්ම සහ කුඩා දරුවන්ගේ නම් අම්මලාගෙන් උත්තර ලබා ගත හැකියි. බොහෝ දරුවන් සිටින්නේ ආච්චී හෝ පුංචිලා සමග ය. මව බොහෝ විට අප වෙත නො එන්නේ තව දරු පිරිසක් කෑම්ප් එකේ සිටින නිසා ය. ඉතින් මේ ආච්චිලා පුංචිලා දරුවන්ගේ සායන ඉතිහාසය නොදනී. අසාත්මිකතා allergies තියෙන්නේ මොනවාට දැයි නොදනී.
    ප්‍රෝ බයොටික් පරිහරණය අපේ රටට අළුත් නොවුනත් එතරම් ප්‍රසිද්ධ නොවේ.... එයින් සිදුවෙන්නේ අපේ බඩවැල් තුල ඉන්නා හිතකර බැක්ටීරියා ( ආහාර ජීර්ණයට උදව් වන) අප ශරීරය තුලට දැමීමය. එයට හේතුව නම් බඩ එළියේ යෑමකදී බොහෝ විට සිදුවෙන්නේ අපට හිතකර අපේ බඩවැල් වල අභ්‍යන්තර ස්ථර ආරක්ශා කරන බැක්ටීරියා වර්ග අඩු වීමය. ඉතින් ඕනෑම වර්ගයක ප්‍රෝබයෝටික් නාමය යටතේ ඇති කැප්ෂුල් හෝ දිය කර සාදාගත හැකි සැෂේ පැකට් උදේ හවස පානය කිරීමෙන් ඇත්තටම වීශේෂ ඖෂධ නොමැතිව බඩ එළියේ යෑම නවතාගත හැකිය. යෝගට් වලද මේවා තිබේ.. ඇතැම් යෝගට් වර්ග වල ඒ ගැන සඳහන් වේ. බඩ එළියේ යන අයට, බැක්ටීරියා නාශක ඖෂධ ඉක්මනින් ලබා නොදෙන්නේ එහෙයිනි.
    ජීවනී වැනි පානයක් විශේෂයෙන් සාදා දිය යුත්තේ විජලනයෙන් සහ ලවණ ඇඟෙන් පිටවීම වැලැක්වීමටය...පිරිසිඳු නටවා පෙරා නිවාගත් ජලය පානය කළ යුතුය.
    වතුරේ විෂ - වතුරේ වැඩි කාලයක් සිටීම නිසා වැඩිහිටි තරුණ මහළු දුවා දරුවන් සැමගේම ඇඟිලි කරු වණවී කසන්නට පටන් ගෙන ඇත. එම වතුරේ දණක් උසට ගමන් කළ අපගේද කකුල් කසන්නට පටන්ගත්තේ ඒ ආවේ ගඟේ වතුර පමණක්ම නොවන නිසා ය.
    එයට විවිධ අපද්‍රව්‍ය කුණු එක් රැස් කරන කුණු කඳු සහිත පෙදෙස් වලින්, අසූචි මුත්‍රා ඉවත් කරන වලවල් වලින් ආදි බොහෝ අපද්‍රව්‍ය එකතු වී තිබේ... එනිසා දරුවන්ට අපි යන වෛද්‍ය කඳවුරු සියල්ලකදීම වතුරේ නැටුවොත් මේ දේවල් වේ යැයි බිය වැද්දීමක් කරන්න යැයි මව් පියන් ඉල්ලති.... අපි හැකි පමණ උපදෙස් දෙන්නෙමු. දරුවන්ට වතුරේ සෙල්ලම් කරනන් දෙන්න එපා !
    added අළුතෙන් එකතු වන කරුණු
    මාස පහ හෝ හයට වැඩි ළදරුවන්ට , ළදරු කිරිපිටි දෙන්නේ නම් ඔබ පාවිච්චිකරන ළදරු බෝතල් හොඳින් තම්බා ගත යුතුයි. ඒ සඳහා පහසුකම් නැත්තේ නම් සකස් කර ගත හැකි බත් කැඳ සහ පෙරහන් ගා ගත් කැබළි ආහාර දෙන්නේ නම් වඩා හොඳය. අපිරිසිඳු බෝතල් යොදාගැනිම නිසා ළදරුවන්ට දරුවන්ට බඩ එළිය පාචනය වැනි දෑ බෝ විය හැක. එනිසා ඔබ මව් කිරි දෙන්නේ නම් එය දිගටම කරන්න. පිටි කිරි දෙන්නේ නම් බෝතල් ජීවානුහරණය (sterilizing ) සහ තම්බා ගැනීම වැනි පහසුකම් ඇති තෙක් එය නවතා මව් කිරි පමණක් සෙසු ආහාර සමග දිය යුතුය...
    Article By Dr. Bodhini Samaratunga
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    0778900768 කරැණාධාර අමතා උදවි කරන්න .
    ගමගොඩ සේරැපිට ( කලුතර )
    ====================
    ගමගොඩ , සේරැපිට ( කලුතර ) ගමි දෙකක් යටවෙලා. ආහාර, ජලය, ඇඳුමි , මදුරැ කොයිල්, ගිණි පෙටිටි ඔිනෑ.
    පුලුවන් කෙනෙක් ඉක්මනට ඔය අංකයට කතා කරලා උදවි කරන්න .
    අජිත් ප්‍රසන්න 0773373418
    විකුමි ගුණසේකර 0776533000
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සංජිමා සුදේශ්ණී රාජපක්ෂ
    1 hr ·
    ගංවතුර එක්කම එන මී උණ වලක්වා ගන්න Doxycyclin 200mg 1 පෙත්තක්.
    වැඩිහිටි අයෙකු සතියකට වරක් ගන්න.
    වතුරට බැස දින 3 ක් ඇතුළත හෝ වතුරට බහින්නට දින 3 කට පෙර ගැනීමෙන් ඔබ මී උණ තත්ත්වයෙන් මිදෙනු ඇත.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කාරැනිකව අයගම සිට 5km (ඉඩංගොඩ - අයගම මාර්ගයේ) ඉදිරියෙන් ඇති ගලතුර , සිංහලගොඩ ගම් වලටත් ආධාර දෙන්න. මේ වන තේක් ඔවුන්ට කිසිවක් ලැබි නැ !
    මිය ගිය කාන්තාවක් පවා ගමේ මිනිස්සුන්ට භුමදානය කරන්න වෙලා.
    ඔවුන් සතුව තිබු සියලු ආහර අවසන් විගෙන යන මොහොතක් මෙක.
    කරැනාකර පිහිට වන්න !!!
    11.22 ( 30.06.2017 )
    shymen