2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්ක&#3

Dr.Droopy

Active member
  • Aug 3, 2011
    244
    33
    28
    2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්ක&#3

    වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය විසින් දිනාගනු ලැබ ඇත. ශී‍්‍ර ලංකාවේ හම්බන්තොට නගරය ද මේ සඳහා ඉදිරිපත්ව සිටි නමුත් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ශාන්ත කිට්ස් සහ නේවිස්හිදී ඊයේ (11 වැනිදා) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමේදී හම්බන්තොට නගරය පරදවා ඡන්ද 43-27 ක පහසු ජයක් ලබාගැනීමට ගෝල්ඩ් කෝස්ට් නගරය සමත් විය.
    ඕස්ටේ‍්‍රලියාවෙන් මෙන්ම ශී‍්‍ර ලංකාවෙන්ද මේ සඳහා විශේෂ කණ්ඩායම් ශාන්ත කිට්ස් දිවයින බලා ගොස් තිබුණු අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට 20 දෙනකු ඇතුළත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම 160 ඉක්මවා තිබිණ.

    ඡන්දය පැවැත්වීමට පෙර, ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ්කෝස්ට් නගරයට වඩා හම්බන්තොටට වාසිදායක බවක් පෙනෙන්නට තිබුණ නමුත් අවසානයේදී එය වැරදී ගොස් තිබිණ.
    ශ්‍රී ලංකාව ප‍්‍රථම වතාවට මෙවැනි උළෙලක සත්කාරකත්වය හිමිකර ගැනීමට තරග වැදුණු අතර ඒ වෙනුවෙන් හම්බන්තොට නගරයේ නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති දියත් කරන බවට ශී‍්‍ර ලංකා නියෝජිතයෝ පුරසාරම් කීවෝය. පොදුරාජ්‍ය මණ්ඩලිය කී‍්‍රඩා උළෙල විශාලත්වයෙන් දෙවැනි වන්නේ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පමණි.
    කෙසේ වෙතත් ඡන්දය ප‍්‍රකාශ කළවුන්ට එය ඔවුන්ගේ ‘බුද්ධිය සහ හැගීම’ අතර තීරණයක් බවට පත්ව තිබිණ.
    මෙම කී‍්‍රඩා උළෙල හම්බන්තොට ජනතාවගේ ජිවිත වෙනස් කරනා හැරවුම් ලක්ෂයක් බව පෙන්නුම් කිරීමට ශී‍්‍ර ලංකාව උත්සාහ කරද්දී ගෝල්ඩ් කෝස්ට් නගරය තෝරා ගතහොත් තරගාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවදානමක් බව ඔවුන්ට පෙනෙන්නට තිබිණ.
    හම්බන්තොට නගරය 2004 දි පැමිණි රුදුරු සුනාමි ව්‍යසනයෙන් පසුව නැවතත් ගොඩනැ‍ගෙමින් තිබෙන අතර මෙම කී‍්‍රඩා උළෙල ඒ සඳහා වඩාත් යහපත් වාතාවරණයක් සකස් කර දෙනු ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා බලධාරීන්ට ඒත්තු ගැන්නීමට ශී‍්‍ර ලංකා නියෝජිතයෝ උත්සාහ කළහ.
    මෙම කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීම සඳහා අවසන් දේශනය කළේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිට දග පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ය. එහෙත් සිය ජීවිතයේ බොහෝ දේ සාර්ථක කරගත් මුරලිදරන් අසාර්ථක වූ දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.
    කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීම පිළිබදව අදහස් දක්වමින් මුරලිදරන් පවසා සිටියේ අඳුරු වර්ණ භේදවාදී යුගයෙන් පසුව දකුණු අපි‍්‍රකානුවන් එකමුතු කිරීමට 1995 වසරේ දකුණු අපි‍්‍රකාවේදී පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලිය සමත් වූවාක් මෙන් ශී‍්‍ර ලංකාව නව මාවතකට ගෙන යාමට පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට අවස්ථාව තිබූ බවයි.
    මෙම කී‍්‍රඩා උළෙලේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අවශ්‍ය ස්ටර්ලින් පවුම් මිලියන 745ක් හෙවත් රුපියල් බිලියන 132 ක මුදලින් සියයට 60 ක ප‍්‍රමාණයක් දැරීමට ශී‍්‍ර ලංකා රජය කැමැත්ත පළකර තිබිණ.
    වඩාත් වැදගත් ප‍්‍රශ්නය වූයේ 2010 නවදිල්ලි කී‍්‍රඩා උළෙලේ වැය ශීර්ෂය පවුම් බිලියන 1.4 ක් වුවත් යටිතල පහසුකම් සඳහා යන වියදම් එකතු කරන ලද කල්හි එය පවුම් බිලියන 7.9 ක් දක්වා ඉහළ ගොස් තිබීමත්, එවන් තත්ත්වයක් යටතේ තවමත් හරිහැටි නොදන්නා ප‍්‍රදේශයක් සම්බන්ධයෙන් එවැනි අවදානමක් ගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලන නියෝජිතයන් සූදානම්ද යන්නත්ය.
    ඇත්ත වශයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලක් පැවැත්වීමේ අවස්ථාව ගෝල්ඩ් කෝස්ට් නගරයට දීම, එය හම්බන්තොට නගරයට ලබාදීමට වඩා අවදානම අඩු බව තක්සේරු කමිටු වාර්තාවෙන් කියැවිණ.
    ඕස්ටේ‍්‍රලියාව මීට ඉහතදී ද මෙවන් කී‍්‍රඩා උළෙල වලට සත්කාරකත්වය ලබා දී ඇති අතර 2000 වසරේ සිඩ්නිහිදී පැවැති ඔලිම්පික් උළෙලේදී ඔවුන් සිය සාර්ථකත්වය මොනවට ඔප්පු කළේය. ඊට අමතරව ඕස්ටේ‍්‍රලියාව 2006 (මෙල්බර්න්) 1982 (බි‍්‍රස්බේන්), 1962(පර්ත්) සහ 1938(සිඞ්නි) යන වසර වලදීද පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරක රාජ්‍යයක් ලෙස කටයුතු කර ඇත.



    http://www.lankadeepa.lk/index.php/articles/12725
     

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    2ok eakka happenna 160k aragena gihin...

    petrol 12kin disel 8kin....

    thawa tika dawasakin bus gasthu....


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    මේකෙන් උපුටා ගත්ත කොටස් දෙකක්

    මෙම කී‍්‍රඩා උළෙලේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 132 ක මුදලින් 60% ක ප‍්‍රමාණයක් (රු. මිලියන 79,200ක්) දැරීමට ශී‍්‍ර ලංකා රජය කැමැත්ත පළකර තිබිණ.

    ඕස්ටේ‍්‍රලියාවෙන් මෙන්ම ශී‍්‍ර ලංකාවෙන්ද මේ සඳහා විශේෂ කණ්ඩායම් ශාන්ත කිට්ස් දිවයින බලා ගොස් තිබුණු අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට 20 දෙනකු ඇතුළත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම 160 ඉක්මවා තිබිණ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    hebai monawa unath oka ape ratata awanam hondai kiyalath hitenawa!!
    eth ithin oya pathte inna minissu tika tamai awla hambantotane ithin(madamulana):P:P:D