2019-11-12 අද දෙරණ නිව්ස්-කැළණියට නා ලොවින් දාතු වඩ&
මේ පහලින් තියන්නෙ 2017-05-10 දින කිරියෙ ගියපු ත්‍රෙඩ් එකකට මම දාපු විස්තරයක්.අද දෙරණ නිව්ස් වලට පෙන්නපු, කැළණියට නාග ලෝකෙන් සර්වඥ දාතු වැඩැම්මුවා කියන පොර තමයි ඒ පෙන්නුවෙ.අනේ මන්ද මෙයා නිතරම කැලණියට එනවා වෙන්න ඇති.
මුල් ත්‍රෙඩ් එක පහලින් ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=1796968
මේ පහලින් තියන්නෙ 2017-05-10 දින කිරියෙ ගියපු ත්‍රෙඩ් එකකට මම දාපු විස්තරයක්.අද දෙරණ නිව්ස් වලට පෙන්නපු, කැළණියට නාග ලෝකෙන් සර්වඥ දාතු වැඩැම්මුවා කියන පොර තමයි ඒ පෙන්නුවෙ.අනේ මන්ද මෙයා නිතරම කැලණියට එනවා වෙන්න ඇති.
ඊයේ මධ්‍යමරාත්‍රී 12 පමණ කැලණි විහාරයේ චෛත්‍ය රාජයානන් අභියස සුදුපැහැති ඇදුමකින් සැරසී පිරිත් පැන් බෙඳමින් තමන් බුදු වූ පුද්ගලයෙකු බව ප්‍රකාශ කරමින් ගොස් අලුයම් කාලයේදී එක්වරම අතුරුදහන්වූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අප වෙත වාර්තා වී තිබේ.
ඔහු විසින් පිරිත් පැන් ලබාදීමේදී ඒ මොහොතේ කැළණි විහාරය වන්දනාමාන කිරීමට පැමිණ සිටි බොහෝ දෙනෙකු ඔහුටද වැඳ නමස්කාරකර තිබේ.
එම අවස්ථාවට ඔහුගේ අග්‍රශ්‍රාවිකාව යැයි පැවසෙන තරුණ කාන්තවක්ද නිල ජායාරූප ශිල්පියෙකුද ඇතුලු අනුගාමිකයින් 20 – 30 පමණ පැමිණ තිබේ.
ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි සැදැහැවත් බෞද්ධ ජනතාවට ප්‍රකාශ කර තිබේ.
අවසානයේ ඔහු ටොයොටා ප්‍රීයස් වර්ගයේ මෝටර් රථයක නැගී දෙව්ලොව බලා පිටත්ව ගොස් තිබේ.
කලින් කලට ලංකාවේ මෙවන් බුදු වූවායැයි, රහත් වූවායැයි පවසමින් විවිධ වංචාකාරී චරිත පහළ වන අතර පසුව මහජනතාව රවටා ඔවුන්ගේ මුදල් සහ දේපළ සොරකම්කරමින් නික්ම යයි. බුදුදහම අනිසි ලෙස භාවිතා කරමින් බුදුරජානන්වහන්සේට අපහාස කරන මෙවන් පුද්ගලයින්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුතුය.
උපුටා ගැනීම http://reporter.lk
ඔබගේ මතය පල කරන්න
[/LIST]
මේ වෙලාවෙ මමත් කැළණියෙ හිටියා. මෙම තැනැත්තා එහි හිටියා තමයි.හැබැයි මේ කියල තියන විස්තරය අමූලික බොරු කියලයි මට හිතෙන්නෙ. අපි පන්සලට යද්දිත් බෙර ගහන සද්දයක් ඇහුනා. මොනා හරි පූජාවක් වෙන්න ඇති කියල අපි මල් පූජ කරල බෝමලුවෙ බිම ඉදගෙන ගාතා කිව්වා. එතකොට කට්ටියක් පෙරහැක් වගේ පෝලිමට ආවා. අපි ගනන්ගත්තෙ නෑ.ඒ බෙර සද්දෙට බෝ මලුවෙ ඉදගෙන හිටපු ගෑනු කෙනෙක් බිම පෙරලි පෙරලි කෑ ගැහුවා.එතන හිටපු අය කිව්වෙ මල ගිය කෙනෙක් ඇගට අවිල්ලා කියලා.අපි ඕක දිහා බලන් හිටියා.ඒ අතරෙ ඔය කියන පෙරහැර වගේ එක පහලට ගියා.අපි හිටපු තැනට ආව වයසක ගෑනු කෙනෙක් කිව්වා මණිඅක්ඛිත නා රජ්ජුරැවො වැඩියා දැන් මේ භූමියට කියල. අපිට හිනාගියා මොන නයිද කියල.එයා කිව්වා මේවා ආරක්ෂා කරන්නෙ ඒ අය තමයි, දැන් අර පිරිමි ලමය දෙයියන්ට ආරාධනා කලා එතකොටම එයාගෙ අතට පොඩි නයි පැටියෙක් ආවා නාග ලෝකෙන් ඒ ආව එක නයෙක් තමයි එයාගෙ අතට ඇවිල්ල තියන්නෙ, නයාවත් අතේ තියාගෙන තමයි එයා ඔය වටේ යන්නෙ කිවිවා. නයා බලන්න කියල හිතාගෙන අපිත් පොඩ්ඩක් ඒ පැත්තට ගියත් ඒ අය හිටියෙ නැති නිසා අපි බෝමලුවෙම නතර උනා එහෙම ඉන්නකොට නැවත ඔවුන් බෝමලුවට ආවා.
ඔහුට වදින අය බුදුවෙන බව කියනවා තියා හිටපු අය එක්ක කතා කලේවත් නෑ . පන්සලේ හැමුදුරුවොත් ඇවිල්ල හිටිය. ඔහුට උඩමලුවට යන්න දොර පවා ඇරල දුන්නා.එතකොට වෙලාව රෑ 11.30 විතර ඇති. ඒ වගේ වෙලාවක උඩ මලුවට යන්න දෙන්නෙ නෑ ලේසියෙන්. මේ පුද්ගලයා කවුද කියල මම දන්නෙ නෑ.ඒත් මොකක් හරි විශේෂයක් ඇති මේවගේ සලකන්න. ඔහු උඩ මලුවට නැගල බෝධින්වහන්සේ නාවල. අත්දෙක ඉහලට ඔසවල යම් සංඥාවක් කලා.(රනිල් හෝන් ගහන්න කිව්වා වගේ) එතකොටම තමයි වැස්ස හීනියට පටන් ගත්තෙ. නැවත අත් දෙකෙන් ''ඇති.. ඇති..'' වගේ තේරැමක්ම එන විදියෙ සංඥාවක් දුන්නා ම වැස්ස හෙමින් නතර උනා. මම දන්නෙ නෑ ඒක ආශ්චර්යක්ද නැත්නම් ස්වාභාවික දෙයක්ද කියල.ඒත් සිදුඋනේ ඒක තමයි. හැබැයි බුදු කෙනෙක් විදියට හදුන්වා ගත්තෙ නම් නෑ.එහෙම නම් බෙර ගහන්න ඕන නෑනෙ.මොහු දෙවියන් හා සම්බන්ධ දෙයක් තමයි කලේ.වෙච්චි දේවල් වලින් ටිකයි මම කිව්වෙ.
මේ ප්‍රකාශයෙන් ම පේනවා මොන තරම් ද්වේෂ සහගතවද මේක කියන්නෙ කියල.මේ වගේ බොරු ප්‍රචාර වලින් වෙන්නෙ කෙනෙක්ගෙ චරිතයට විශාල හානියක් වෙන එක.හැබැයි මම කියන්නෙ නෑ මේ සිදු වෙච්චි දේවල් සියල්ල ලොකු ආශ්චර්යමත් දේවල් කියලා. සමහර විට මැජික් වගේ දෙයක් වෙන්නත් පුලුවන්.අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නෙ බොහොම ටිකයි.ඒත් ඊට වඩා ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනවා කියන එක අමතක කරන්න හොද නෑ.
මොනව උනත් මේක ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාවල වෙබ් අඩවිවල පවා වාර්තා කරලා තිබ්බ
වෙන්න පුලුවන් මචං. මම කිව්වෙ හරියටම මුකුත් නොදැන කියන්න බැ කියන එකයි.මෙතන උනේ ඔය මම කිව්ව සිද්දිය. මම කිව්ව වගේ අපි ගියෙ නෑ මූ ඉන්න තැනට. උන් පූජාවක් වගේ බෙර ගහ ගහ මොනවද කලා අපි පන්සලට ඇතුල් වෙද්දිත්. ඒ උනාට අපි ගියෙ නෑ ඒව බලන්න.සමහර විට එතනදි කිව්වද දන්නෙ නෑ ඔය බුදු වෙච්චි කතාව. මම ඌව දකිද්දි නම් මිනිස්සුත් එක්ක කතා කලේ නෑ. සමහර විට හෙන රගපෑමක් වෙන්නත් පුලුවන්. උගෙ පස්සෙන් ගිය හෙන සෙට් එකක් හිටියා.බුදු උනා කියල කිව්වනම් ඉතින් නෙලන්න තියන්නෙ හතරවරම් දුවනකල්ම.
මුල් ත්‍රෙඩ් එක පහලින් ඇති.
http://www.elakiri.com/forum/showthread.php?t=1796968
Last edited:


දැන් හැම පැත්තේන්ම වෙන්නේ බුද්ධාගම හෑල්ලු කරන එක..
බුද්ධාගම, හාමුදුරුවරු දේශපාලනයේ වෙළඳ භාණ්ඩ වෙලා ඒ අස්සේ මේ වගේ වැඩ වලින් බුද්ධාගම විහිළුවක් වෙලා..

