2020 ජනාධිපති අපේක්ෂිකාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    2020 ජනාධිපති අපේක්ෂිකාව

    2020 ජනාධිපති අපේක්ෂිකාව ශිරන්ති

    ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්ෂගේ මව හා මහින්ද රාජපක්ෂගේ බිරිද මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්ෂ මැතිණියයි. ශිරන්ති රාජපක්ෂ මැතිණිය මූලික වශයෙන් රෝමානු කතෝලික කාන්තාවක් වන අතර ගෝඨාභය රාජපක්ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්ද වලට ආමන්ත්‍රණය කල හැකි රාජපක්ෂ පවුලේ අපේක්ෂිකාවකි. නමුත් අප සලකා බැලිය යුත්තේ මෙතරම් ජනප්‍රිය රාජපක්ෂවරු සිටියදී ශිරන්ති රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට තෝර ගැනීමේ පදනම කුමක්ද යන්නය. මුලික වශයෙන් රාජපක්ෂවරුන්ගේ මුළු දේශපාලන වැඩසටහනම පදනම් වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය මතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමේ පදනමිනි. නමුත් බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සහෝදරවරු නැවත බලය අත්පත් කර ගැනීම හා ඒ මත පදනම්ව ජීවිතයේ ඉතිරි කාලය ලංකාවේ ගතකිරීමත් සිමාන්තික වන නමුත් රට ගොඩනගා ඉතිහාස ගතවීමට ඇති අධික ආශාවකිනුත් පසුවේ. එමෙන්ම රටේ ආණ්ඩුවට විරුද්ධ බලවේග අඩුවැඩි වශයෙන් මෙම රාජපක්ෂවරු වටා ගොඩනැගෙමින් පවතී. එම දෙදෙනාම ලංකාවේ ආණ්ඩු විරෝදී දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වී තිබේ. එසේම රටේ එක්තරා කොටසක් 2020 දී ගෝඨාභය නිශ්චිත වශයෙන්ම බලයට පත්වන බව විශ්වාස කරන අතර එම නිසාම දෙමල හා මුස්ලිම් ජනතාව භීතියට පත්වී තිබේ.

    එම කාරණාව පදනම් කරගෙන විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කෑලි කෑලිවලට කැඩී තිබේ. කෙසේ නමුත් ලැබෙමින් පවතින ආරංචි අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ කිසිදු රාජපක්ෂ වරයෙකු හා බලය බෙදා හදා ගන්න ස්ථාවරයක නොවන අතර එතුමන්ගේ ස්ථාවරය වන්නේ රාජපක්ෂ කෙනෙකු හෝ තම පිලෙහි කෙනෙකු 2020 ජයග්‍රහණය කිරීම නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට මෙන්ම තමන් විසින්, තමන් වෙනුවෙන් රටේ ගොඩනැගී ඇති දේශපාලන බලවේගය අවසන් වීමක් ලෙසය. එබැවින් මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ එක්කෝ නාමල් රාජපක්ෂ නියමිත වයස හා පරිනත බව ලැබෙන තුරු විපක්ෂය තුල ගත කල යුතුය. නැතහොත් ජී. එල් පීරිස් වැන්නෙකු යොදාගත යුතු බවයි. කෙසේ නමුත ගෝඨාභයගේ නැගීමත්, බැසිල්ගේ සංවිධාන ශක්තියත් මත දේශපාලන හැඩගැස්ම ගොඩනැගී ඇති මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ සුරක්ෂිත තෝරාගැනීම වන්නේ ශිරාන්ති රාජපක්ෂය. එය නාමල්ගේ දේශපාලනයට මහින්දට දිය හැකි හොදම සුරක්ෂිත කරගැනීම වේ.

    රාජපක්ෂ වරුන්ගේ දේශපාලනයේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ මුළු දේශපාලන වැඩසටහනේම පදනමද වන්නේ ඔවුන්ගේ පවුල වටා වන අතර එයිනුත් වඩාත් සාර්ථක හා වියයුතු ලෙස සලකනු ලබන්නේ රාජපක්ෂ වරුන්ගේනුත් ශ්‍රේෂ්ඨම වියයුත්තේ මහින්ද රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුල බවයි. එම පවුලේ මුළු විශ්වාසය ඇත්තේද, සම්පුර්ණ දේශපාලන පෙළගැස්ම ඇත්තේද මහින්ද රජපක්ෂ වෙනුවෙන් බවත් එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේ එම පවුලට බවත්ය. ඉන්පසු අවශේෂ රාජපක්ෂවරුද, වීරතුංගලාද, අනෙකුත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමද වේ. රාජපක්ෂ වරුන්ගෙන් පිටත අයෙකුට දේශපාලන සාර්ථකත්වය කෙසේ වෙතත් විජේරාම නිවසේ ආලින්දයේදී මහින්ද රාජපක්ෂ මුණගැසුණු විට වාඩිවීමට පුටුවක්වත් නොලැබේ. මුහුණු පොතේ පලවන රාජපක්ෂ වරුන් හමුවන විපක්ෂයේ දේශපාලකයින් සියල්ලෝම ඔහු සමග කතා කරනුයේ හිටගෙනය. අඩුම තරමින් අබාධිතයකුට (අනුගාමික ) වුවද වාඩිවීමට පුටුවක් රාජපක්ෂ වරුන්ගේ විජේරාම නිවසේදී නොලැබේ. එවැනි තත්ත්වයක් තුල අපට කිවහැක්කේ අනිවාර්යෙන්ම ශිරන්ති රාජපක්ෂගෙන් තොර විකල්පයක් පිළිබදව ඔවුන් නොසිතන බවය.

    එහිදී 2020 ගොඩනැගෙනුයේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ශිරන්ති රාජපක්ෂත්, බොහෝවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යොදා ඇති අපේක්ෂකයාත්, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාත් අතර තුන්කොන් තරගයකි. සුපුරුදු ලෙස සිංහල ඡන්ද තුනට බෙදීයන වාතාවරණයක් තුල ජනාධිපතිවරණය ජය ගැනීමටනම් ඕනෑම අපේක්ෂකයෙකු උතුරු නැගෙනහිර දෙමල ඡන්ද හා මුස්ලිම් ඡන්ද දිනාගත යුතු වේ. එසේ නොවන අපේක්ෂකයෙකුට 2020 ජය ගැනීමට ඇති ඉඩ ඉතා අඩුවේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල මෙන්ම එම පක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තීරණය වන්නේ දකුණේ සිංහල ඡන්ද මෙන්ම උතරේ දෙමල ඡන්දද, රටේ මුස්ලිම් වරුන්ගේ ඡන්දද දිනගත හැකි හැකියාව මතයි. 2020 අපේක්ෂකයා තවම නම්කර නැති වුවද එක්සත් ජාතික පක්ෂය එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ. මන්ද ඔහු තරම් සුළු ජාතික ඡන්ද වලට බලපෑමක් කල හැකි දේශපාලන නායකයෙකු රටේ මේ මොහොතේ නොමැති බැවිනි. ඔහු තරගයට නොපැමිණෙන මොහොතක සජිත්, නවීන්, අකිල හෝ අජිත් පී පෙරේරාට වුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමිවීමට ඉඩ තිබේ. මන්ද එක්සත් ජාතික පක්ෂය යනු සංවිධිත පක්ෂයක් වන අතර එහි ඕනෑම කෙනෙකුට එම මොහොතේ පවතින තත්ත්වය හා අවශ්‍යතාවය අනුව අවස්ථාව ලැබිය හැකිය.

    අවසාන වශයෙන් කිව හැක්කේ රටේ දේශපාලනයට ශිරන්ති රාජපක්ෂගේ ආගමනය කෙතරම් බලපෑමක් කරනු ඇතිදැයි කීමට තවමත් කල් වැඩි නමුත් මේ රටේ ජන හද ගැස්මෙහි තීරණය උරගා බැලීමට සියල්ලන්ටම අවස්ථාවක් ලැබෙනු ඇත.
    Source =Ada news paper


    good luck byyios!!!!
    බය්යියනි උබලට සුබ අනාගතයක් !!!!!!!!!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    වඩේ;23321882 said:
    Fake Source

    Oka news ekak neme column ekak. Thushara D. Wanniarachchi kiyana ekkena liyana

    35496557_1866339716761032_8436498109416079360_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශිරන්ති අම්මට ජය වේවා :love: ඩේසි ආච්චිට ජය වේවා :love:

    මව්බිම වෙනුවෙන් ජීවය දෙන්නට ජන හදවත් අතරේ .....
    ශිරන්ති නාමෙන් පිපෙන නෙළුම් මල් සුවඳ කරා විසිරේ...... :love:
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ශිරන්ති අම්මට ජය වේවා :love: ඩේසි ආච්චිට ජය වේවා :love:

    මව්බිම වෙනුවෙන් ජීවය දෙන්නට ජන හදවත් අතරේ .....
    ශිරන්ති නාමෙන් පිපෙන නෙළුම් මල් සුවඳ කරා විසිරේ...... :love:

    ekenma.. :rofl::rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් එක්ක ශිරන්ති ජනපති සටනට ආවත් ශිරන්ති දිනනව මේ සැරේ එකෙන්ම.............
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    ශිරන්ති අම්මට ජය වේවා :love: ඩේසි ආච්චිට ජය වේවා :love:

    මව්බිම වෙනුවෙන් ජීවය දෙන්නට ජන හදවත් අතරේ .....
    ශිරන්ති නාමෙන් පිපෙන නෙළුම් මල් සුවඳ කරා විසිරේ...... :love:
    :rofl::rofl::rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    මහින්දගේ ගූ කන erozan මොකෝ බන් අද පරක්කු
    අර rochel අකවුන්ට් එකෙන් ලොග් වෙලා සුපුරුදු කම්නෙට් එක දාපන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දගේ ගූ කන erozan මොකෝ බන් අද පරක්කු
    අර rochel අකවුන්ට් එකෙන් ලොග් වෙලා සුපුරුදු කම්නෙට් එක දාපන්
    ඉරෝසන්ගේ කමෙන්ට් බල බල ස්වයංවින්දනය වෙන්ට බලන් ඉන්නවට වඩා හොද නැද්ද යූඑන්පී එකෙන් ජනාධිපති කමට ඉදිරිපත් කරන්න හොද අපේක්ෂකයෙක් තොරගත්තනම්.......
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ඉරෝසන්ගේ කමෙන්ට් බල බල ස්වයංවින්දනය වෙන්ට බලන් ඉන්නවට වඩා හොද නැද්ද යූඑන්පී එකෙන් ජනාධිපති කමට ඉදිරිපත් කරන්න හොද අපේක්ෂකයෙක් තොරගත්තනම්.......

    ගු කන එරෝසන් මොකෝ පරක්කු කියල බැලුවේ
    අපි දානවා රෝසිව දෙනවද ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    අපි දානවා රෝසිව දෙනවද ?

    යුඑන්පී කියන නමටත් ලැජ්ජයි බන්...... රටේ 65% ක විතර ජනතා ප්‍රසාදයක් තිබුණ පක්ෂයකට ගිය කලක්.....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    යුඑන්පී කියන නමටත් ලැජ්ජයි බන්...... රටේ 65% ක විතර ජනතා ප්‍රසාදයක් තිබුණ පක්ෂයකට ගිය කලක්.....

    ඔයා එරෝසන්ගේ නෑයොද?
     

    Similar threads